IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සීමා මායිම් ඇතිව මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙන බව රජය කියයි.

මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවද රජය දැනුම් දෙයි.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළයුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරේ.

අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණි.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.

මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.



අදහස් (28)

සීමා මායිම් ඇතිව මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

Raju Friday, 01 May 2020 03:57 PM

බල ලෝභීත්වය හින්දා නිය පොත්තෙන් කඩන්න තිබුණ දේ දැන් පොරවෙන් කපනවා...

:       9687       10220

kamaniFriday, 01 May 2020 08:07 PM

මේ ගොල්ලන්ට ඕනා මිනි උඩින් ගිහින් මාරක චන්දයක් තියන්නයි. චන්දය තිබ්බත් මේ ගොල්ලන්ට 2/3 ගන්න බැරිබව මේ අය නොදන්නවා නොවෙයි. මේ ගොල්ලන්ගේ කාලයේ කරපු දුෂණ, හොරකම්,වංචා,ඉඩම් චීනයට විකිණීම... මුදල් වංචා,රත්තරන් හොරකම්... මිනිස්සුන්ට අමතක නැහැ. මහා චන්දයේදී බලාගන්න පුළුවනි මොකද වෙන්නේ කියලා.

:       604       731

Ajantha Saturday, 02 May 2020 08:39 AM

අවුරුදු කීයක් බලන් හිටියද? ආයේ ආවත් වෙන්නේ ඔය ටික තමයි.

:       0       43

දයාන්Saturday, 02 May 2020 01:59 AM

අනේ මන්දා... බල ලෝභිත්වය යන දෙය නම් තිබුණේ පැරැණි පාර්ලිමේන්තුවටය. ජනාධිපතිවරණය නිමවූ විගස ඔවුනට තිබුණේ එය විසිරුවා දැමිමට උදව් කිරීමය. එහෙත් සිදු වූයේ කල් මැරීමය. වෙනත් රටක ඔවැනි දේ සිදු වන්නේ නැත. එනම් ජනමතයට හිස නමා එය පිරිනැමීමය ... තම විශ්‍රාම වැටුප ලබා ගැන්මට පාර්ලිමේන්තුව කල් පිරීමට අවශ්‍ය නිසා, ඔවුන් සියලුම දහම් ගැට පාවිච්චි කලෝය. බල ලෝභිත්වයට වෙන උදාහරණ අවශ්‍ය නොවේ.

:       1353       1120

JayamannaSaturday, 02 May 2020 02:19 AM

මොකක්ද ඔය කියන බලලෝභීත්වය?

:       234       75

හමන් ගොඩSaturday, 02 May 2020 07:09 AM

ඒක තේරෙන්න මොළයක් ඕනෙ...

:       13       138

abc Friday, 01 May 2020 04:18 PM

සුපිරි එකෙන් කන්න හදන්නේ. අපේ රටේ මිනිස්සුන්ට සිමා නිර්ණයක් ගැන මතකයක් නැ. කොරෝන මේ විදිහට හරි කොන්ටෝල් වෙලා තියන්නේ මේ රෙස්ට‍්‍රික්ෂන් එක නිසා. තවමත් අපි ලොකු රිස්ක් එකක ඉන්නේ.

:       40       1093

Abdul Friday, 01 May 2020 05:37 PM

එහෙමම රට ඉන්න අපිවත් ගෙන්න ගන්න අවස්ථාවක් ලබාදෙනවා නම් ගොඩක් පින්...

:       76       227

සෙනෙවිරත්න Friday, 01 May 2020 05:54 PM

ජනතාව තේරුම් ගත යුත්තේ, මෙම සහන කාලයට අදාල පොලිය සහ වාරිකය ණය මුදල පෙර පැවති ගෙවා නිම කල යුතු කාලයට මාස හයක කාලය තුල තමන් විසින්ම ගෙවිය යුතු බවයි. එබැවින් සහනය ගැනීම අත්‍යාවශ්‍ය නම් පමණක් ගතයුතු බවත් ගෙවිය හැකි යම් අයෙකු වාරික ගෙවන්නේ නම් එය තමනටද, මූල්‍ය ආයතනයටද යහපත් බවයි.

:       54       108

සෙනෙවිරත්න Friday, 01 May 2020 06:00 PM

සහන කාලයට අදාලවන වාරික පොලිය රජය විසින් මූල්‍ය ආයතනය වලට නොගෙවන බැවින් මෙහි ඇත්ත වාරික ගෙවීමේ කාල පමා සහනය පමණි. අවසානයේ තමන්මම ගෙවිය යුතුය..

:       69       123

IndunilFriday, 01 May 2020 06:32 PM

ඒකත් රජයෙන්ම ගෙවන්න කියලද කියන්නේ?

:       14       337

Tharindu PereraFriday, 01 May 2020 09:19 PM

පැහැදිලි වම, කොරෝනා 28ක් නිසා රට ලොක්ඩවුන් කරන්න ඕන නැහැ කිව්වේ ඒ රිස්ක් එක ගන්න පුළුවන් නිසානේ නේද?

:       0       34

godayaaSaturday, 02 May 2020 12:50 AM

ඔබ දන්නේ නැද්ද රජයනේ මිනිස්සුන්ට කොරෝන ගෙනත් දැම්මේ.... කොමිස් ගහන්න රජය කොරෝන ඉම්පොර්ට් කෙරුව. ඉතින් රජය මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ..., බොන්න දෙන්න ඕනේ මිනිස්සුන්ගේ නය වාරික ගෙවන්න ඕනේ. රටක සේවා කියන්නේ මොනවාද? රටේ රජය කරන්න ඕනේ මොනවාද? රටේ පුරවැසියන් විදිහට තමන්ගෙන් කෙරෙන්න ඕනේ මොකක්ද කියල අපේ රටේ දේශපාලකයෝ දන්නෙත් නැහැ. මිනිස්සු දන්නේත් නැහැ. තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න හදන්නේ නැතිව එකක දේශපාලකයන් පස්සේ ගිහින් පිනට කන්න බලාගෙන ඉන්න කාලකන්නි මිනිස්සු ඉන්නකන්. එහෙම පස්සෙන් එන මෝඩයන්ගේ චන්දෙ අරගෙන ඇමතිකම් මන්ත්‍රීකම් ගන්න බලාගෙන ඉන්න කාලකන්නින් ඉන්නකම් මගේ රටට ගොඩ යන්න බැරිබව දන්නේ නැද්ද?

:       10       188

Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 06:47 PM

රට යහපත් වේවා !!! ඒත්, මුළු රටම මෙසේ එක්වරම විවර කිරීම හොඳද මන්දා. කොළඹ කළුතර ගම්පහ ආදී දිසාවල බේරුවල දීනගොඩ, අටළුගම ආදී කුඩා ප්‍රදේශවල රෝගය තිබුනත්, ප්‍රවුර්ති වලදී රතුවෙන් පෙන්වන්නේ මුළුමහත් දිස්ත‍්‍රික්කයන්මය. මෙයින් රට පුරා වැරදි මතයක් ඇතිවේ. මේවා කව්රු කරත් වැරදි වැඩ වෙයි. දිසාවෙහි කිහිප තැනෙක තියෙන දේට මුළු දිසාවම හංවඩු ගැසීම නොකළ යුත්තකි. දිසා අතර තහනම හා ඇඳිරි නීතිය තිබීම අත්‍යාවශ්‍යය.

:       11       254

සමන් Friday, 01 May 2020 07:55 PM

අනේ මෙහෙම වෙනකොට එදිනෙදා වේල සොයාගෙන ජීවත්වුනු අහිංසක අපේ දරුපවුල් වලට මොකද වෙන්නේ. සති දෙකක් ඉවසුවා, මාසයක් ඉවසුවා. දැන් මාස එකහමාරයි ඒත් බාලගිරි අද නෙමේ හෙට... අපේ යුතුකම රට වෙනුවෙන් අපි ඉටුකලා. එත්... මගේ රටට මොකද උනේ? අපේ කැප කිරීම් වල ප්‍රතිපල වලට මොකද දෙවියනේ උනේ...? වෙලාවකට මම කියන්නේ මොනවද මට තේරෙන්නේ නැහැ.. තාත්ත කෙනෙක් කිරිකැටි දරුවාව සෙල්ලමට උඩ දදා ඉන්නවෙලේ තාත්තගේ සරමකැඩුන නිසා උඩදාපු දරුවාව අතැරිලා දරුවා එතනම මියගියාලු. අන්තිමේ මරණ පරීක්ෂණය වෙලාවේ අම්ම සාක්ෂි දුන්නේ දරුවා නැති උනේ පඩිපෙළින් වැටිලා කියලලු...

:       1       62

s.samaranayaka Friday, 01 May 2020 08:26 PM

මේ කාලකන්නි ආණ්ඩුවට කොරෝනා පාලනය කරගන්න බැහැ .සති දෙකකට කලින් අනිල් ජාසිංහ කිව්වා දැන් ලංකාව උපරිමය පහුකළා කියලා. එතකොට කොරෝනා රෝගීන් දෙසිය ගානයි හිටියේ .තවමත් මිනිස්සු ගෙවල් ඇතුළේ හිරකාරයන් කරලා. පාලකයොයි ඒ අයගේ හෙන්චයියෝයි මහජන බදු මුදලින් සැප විඳිනවා .මිනිස්සු කන්න නැතුව හුල්ලනවා .මහා මැතිවරණයේදී මේවට සුපිරියටම උත්තර ලැබෙනවා හොම්බෙන් යන්න.

:       303       506

Priyantha Saturday, 02 May 2020 07:25 AM

එහෙනම් සුවපති කැදවමු ද දවස් 3 න් වැඩේ ඉවර කරන්න...

:       139       83

silvaSaturday, 02 May 2020 10:16 AM

මේ මිනිහට කොල ගාය තියෙන්නෙ...

:       108       163

prasanthaSaturday, 02 May 2020 03:58 PM

අපෝ ඔව් . සුව ඇමතිගේ කිබුල් ආණ්ඩුව තිබුනානම් අද රටෙන් භාගයක් මැරිලා. ඒක ෂුවර්... මොකද රට පාලනය කරපු ලොක්කෝ දෙන්නෙක් හිටයා දෙපැත්තට ඇද ඇද .. අනේ මෙහෙම දේශපාලන කාලකන්නි... හැමදේටම දේශපාලනය ...

:       176       207

RohanaSunday, 03 May 2020 02:27 AM

සිරිසේන හිටියනම් කියයි මම දන්නේ නෑ කියලා. දැනගත්තෙ පත්තරෙන් කියයි.

:       0       0

Perera Friday, 01 May 2020 09:26 PM

එහෙනම් සීමා මායිම් එක්ක චන්දෙත් තියලා සීමා මායිම් නැතුව 3/2 ගන්නත් පුළුවන්.

:       9       15

දයාජ Saturday, 02 May 2020 02:23 AM

කොරෝනා වයිරසය පාලනය කිරීමට අපොහොසත් රටවල් ද ජනජීවිතය යථා තත්වයට පත් කිරීමට උදව් වේ. ඒ ඇතැම් රටවල කොරෝනා ජනතාව පසුපස දුවද්දී අපේ රටේ එසේ නොවේ. අපේ රටේ කොරෝනා මර්ධනය ඉතා විධිමත්ව සිදුවේ. දැන් දොරගුළු ටිකෙන් ටික ඇර විමසිල්ලෙන් ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීමට රජය උත්සාහ ගැනීම වරදක් නොවේ. යහපත් සෞඛ්‍ය පුරුදු ජනතාව නිතිපතා පවත්වා ගෙන යා යුතුය. නිරතුරුවම අප විමසිලිමත් විය යුතුය.

:       219       307

sanjeewa Saturday, 02 May 2020 03:19 AM

මිනිස්සු මොනවා දීලද බඩු ගන්නේ? වැටුප් නොලබන මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් තියෙනවද? ලෙඩා මළත් බඩ සුද්දයි වගේ

:       310       438

WIJE Saturday, 02 May 2020 05:59 AM

රජය දීපු රු.5000/= වියදම් කරලා තව ඉතුරුත් තියනවා. අනේද කියන්නේ ?

:       31       144

එම්.සී. ද සිල්වා Saturday, 02 May 2020 07:28 AM

ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිකුත් කළ ප්‍රකාශයට අනුව මැයි 11 වන විට රට යථා තත්ත්වයට පත් නොවනු ඇත. අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා සඳහා රජය යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට යන බව පැහැදිලිය. කොරෝනා බිය පහව නොයනු ඇති අතර, ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොලැබෙනු ඇත. මෙම ලිපිය පුරාම ඇති කරුණු වලින් පෙනී යන්නේ රට යථා තත්ත්වයට පත් වී නැති බවත්, කොරෝනා වෛරස්‌ වසංගතයේ බිය අවසන්වී නැති බවත්ය. කෙසේ වෙතත්, මහජනයාට සිදුවන හිරිහැර හා හානිය අවම කිරීම සඳහා, අත්‍යවශ්‍ය සේවාවන් දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක මාර්ගෝපදේශ මගින් පවත්වා ගත යුතු බව සත්‍යයකි. එහෙත් මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් නොවන අතර මෙම තත්වයන් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැක. ජුනි 20 මැතිවරණය පැවැත්වුවහොත්, මා වැනි මිලියන සංඛ්‍යාත ජනතාවට ඡන්දය දීමට නොහැකි විය හැකිය. මේ ආකාරයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටින බොහෝ දෙනා විපක්ෂයට ඡන්දය පාවිච්චි කරන අය වෙති...

:       0       34

vipula Saturday, 02 May 2020 08:53 AM

විපක්ෂෙට ඕනේ නැවත පාර්ලිමේන්තුව කැදවා අහිමි වෙන්න යන විශ්‍රාම වැටුප ගන්න. මෙතන සමහරක් කියනවා ආණ්ඩුවට ඕනේ චන්දෙ තියන්න. චන්දේ තියන්නේ මැතිවරණ කොමසාරිස්නේ. ජනතාව හරිහැටි ව්‍යවස්ථාව කියවන්නේ නැති නිසා ඕන බොරුවක් දේශපාලකයන්ට කියන්න පුළුවන්. ඒවා පිළිගන්න නුගත් චන්ද දායකයෝ ඉන්නවා .

:       482       325

vipula Saturday, 02 May 2020 02:18 PM

රටේ සමෘධි ලාභීන් නොවන අය කුමක් හෝ රැකියාවක් කරගෙන ජිවත් වෙන්නේය. සාමාන්‍යයෙන් මනුස්සයෙක් තමන් කරන රැකියාව අනුව මාසයකට සුළු මුදල් ප්‍රමාණයක් ඉතිරි කල යුතුබව අමුතුවෙන් කිය යුතු නොවේ. දවස් 45 පමණ රැකියාවක් නොමැති නම් ඉතිරිකළ මුදල් හා රජයෙන් දුන්නු 5000 ජිවත් වීම කල හැකි වේ. (රැකියාව අහිමිවීම කොරෝන වලින් විතරක්ම නොවන නිසා) රටේ ජනතාව වශයෙන් කොරෝනා මර්දනය තනිවම කරන්න බැහැ. එය රජයෙන් අනිවාර්යෙන්ම කල යුතුයි. රජයෙන් එය යහපත් ආකාරයෙන් ඉටුකරයි. නමුත් අපේ මෝඩ ජනතාව රජයෙන් බලාපොරොත්තු වෙන්නේ කොරෝනා මර්දනයට වඩා එදා වෙලා රජයෙන් ලබා ගැනීමයි. ඒ වගේ ඒ මිනිස්සු කතාකරන්නේ කොරෝනා මර්දනයට වඩා රුපියල් 5000 ගැනයි. මෙතන බොහෝ අදහස් පළකර තිබෙන්නේත් එවැනි අදහස් තිබෙන්නන්...

:       0       0

WCA Saturday, 02 May 2020 05:15 PM

අපි මේකේ වැළලිලා වැඩක් නැහැ. දැන් කට්ටියක් කියනවා චන්දය තියන්න කියල, තව කට්ටියක් කියනවා එපා කියල, තව සමහරක් මැතිවරණ කොමිසම චන්දයට දැන් දීල තියෙන දිනය ව්‍යවස්ථා විරෝදියි කියල උසාවි ගිහින් සමහරු චන්ද දිනේට මරාගන්නවා. මැතිවරණ කොමිසම තුන්දෙනා එහෙන් කෙලගන්නවා. තම තමන්ට වාසි තියෙන විදියට ඒ ඒ අය ඒක එක ගොඩවල් වල ඉදන් එක එක කතා කියනවා. දැන් කරන්න ඕනේ ව්‍යවස්ථාවේ තියෙන පිළිවෙලට චන්දය තියෙන එක මොකද ලංකාවේ ඔක්කොම එක මතයකට ගෙන්න අමාරුයි. දැන් මැරෙන්න හදන්න එපා චන්දෙ දෙන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ කියල වෙන රටවල් කොරෝනත් එක්ක ඒගොල්ලෝ යථාතත්වයට එනවා ටික ටික අපි පිල්වලට බෙදීල කුලල් කා ගන්නවා.. අඩුගානේ කොටස් වශයෙන් හරි චන්දය තියන්න ඕනේ වෙලාවට ව්‍යවස්ථාවේ අර්බුදයක් වෙන්නේ නැතිව එහෙම නොඋනොත් පසුවට ඒක පෙන්න පෙන්න වැරදි වැඩ කරන්න පුර්ව ආදර්ශයක් ගන්නවා අපේ අය ඉසරහට. කඩේ යාමක් නොවෙයි අපේ රටේ මෙච්චර කල් වෙච්ච සිදුවීම් බලල තමයි ලිව්වේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 237 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 512 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 622 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 374 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 452 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site