IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(විනීතා එම් ගමගේ)

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති  අතිරේක ලේකම් (තිරසර සංවර්ධන)  චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
 
2015 පෙබරවාරි මාසයේ සිට 2018  අප්‍රේල් මාසය දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද්දේ පල්ලේගම මහතාය. 

එතැන් සිට යළි සිවිල් ආරක්ෂක බළකායට පත්කරන තුරුම හෙතෙම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. 

පල්ලේගම මහතා 2013 සිට 2015 දක්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන 2030 තිරසර සංවර්ධන ඉලක්ක දිනා ගැනීමේ වගකීම ඇත්තේ ද පල්ලේගම මහතා ඇතුළු කණ්ඩායමටය. 

චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (18) වැඩ භාර ගැනීමට නියමිතය. 
 



අදහස් (3)

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

පිටිගල මිලානෝ Thursday, 17 January 2019 10:37 AM

ලංකාවේ හිර ගෙවල් තවමත් හොර ගුහාවන්ය. මේවාට වගකිව යුත්තේ හිටපු සහ දැනට ඉන්න නිලධාරීන්ය. එබැවින් එවැනි නිලධාරියෙක්ට මෙවන් තනතුරක් දීම සුදුසු නැත.

:       0       0

ධම්මික Friday, 18 January 2019 09:08 AM

අපි නම් දන්න විදිහට පල්ලේගම මහත්තයා තමයි බහුතරයක් පුටු රත්කරන කොමසාරිස්ලා අතරින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ සිරකරුවන් යන දෙපිරිසටම වැඩියෙන්ම වැඩක් කරපු නිලධාරියා... කතාකරද්දි හොයලා බලලා කතාකරන්න.. දන්නැත්නම් බන්ධනාගාර නිලධාරියෙක්ගෙන් අහලා බලන්න. කෙසේ හෝ යළිත් සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි..

:       0       0

චමින්ද Friday, 18 January 2019 09:11 AM

හොඳ තේරීමක් ජනාධිපතිතුමනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 559 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දොපොළ රජයට
2024 මැයි මස 09 1847 0

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 1440 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 1249 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 698 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 2856 8

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 574 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2052 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1805 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site