IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිව්දෙනෙකු පහර දී මාධ්‍යවේදියක් රෝහලේ

(ඩී.ජී.සුගතපාල  සහ සුමතිපාල දියගහගේ)
 
හබරාදූව මීපේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු වන ලසන්ත විජේරත්න මහතාගේ නිවසට අද (14) ඇතුළු වූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ මහතාට පහරදී තුවාල කර පලාගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.
 
එම පිරිස නිවසේ දේපලවලටද හානිකර ඇතැයි පොලිසිය පවසයි.
 
තුවාල ලැබූ විජේරත්න මහතා කළුගල රෝහලට ඇතුළත්කර තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට කරාපිටිය මූලික රෝහලට මාරු කර යවා ඇත.
 
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වු ලසන්ත විජේරත්න මහතා මෙසේ විස්තර කීය.
 
‘අද පාන්දර ශබ්දයක් ඇහිලා මම නිවසින් එළියට බැහැලා බැලුවා. ඒ එක්කම මුහුණු ආවරණය කරගත් හතරදෙනෙක් ඇවිත් මගේ හිසට පිස්තෝලයක් තියලා, සී.සී.ටී.වී.කැමරා තියෙනවා නම් එය ක්‍රියා විරහිත කරන්නැයි  කිව්වා. මම ක්‍රියා විරහිත කළා.
 
ඒ වෙලාවේ මගේ බිරිඳත් මාස එකොළහක දරුවත් මගේ අම්මත් හිටියා. බිරිඳට පිස්තෝලයක් එල්ල කරල ඇඳෙන් බහින්න දුන්නේ නැහැ. මම පසුගිය ආණ්ඩුව කාලේ නාස්තිකාර සංවර්ධනය හා දූෂණය කියල පොතක් ලිව්වා. ආපු අය ඒ පොත ගැන තමයි ඇහුවේ. ඊට අමතරව මගේ මුහුණු පොත ගැනත් ඇහුවා. උඹට වෙන වැඩ නැද්ද කියල ඇහුවා.
 
ආපු අයගෙන් දෙන්නෙක් සම්පුර්ණ මුහුණු ආවරණ දමාගෙන හිටියා. අනෙක් දෙදෙනත් මුහුණු ආවරණය කරගෙන හිටියා. එක් අයෙක් අතේ තිබූ දිග පිහියකින් මට පහරදුන්නා. එය වළක්වන්න මම අත අල්ලද්දි අත කැපුනා” යැයි කීය.

මේ සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (34)

සිව්දෙනෙකු පහර දී මාධ්‍යවේදියක් රෝහලේ

KANDEPOLA Thursday, 14 November 2019 09:58 AM

මෙය දේශපාලන රංගනයක් විය හැකියි. සත්‍ය හෙළි කිරීම පොලිසියට බාරයි.

:       4109       4647

AmilaThursday, 14 November 2019 10:17 AM

පවුල් පෙරමුණ විනයක් ඇති මිනිස්සු හැදුවේ නැත ඔවුනටද විනයක් නැත. අද ඔවුන්ටද මේ අය කොන්ට්‍රොල් නැත. මේ මාධ්‍යවේදියාට පහරදීම ඒකෙම දිගුවක්.

:       2779       2442

BamunuarachchiFriday, 15 November 2019 01:48 AM

හලෝ ඔහේගේ තාත්තාට පුළුවන් වුණාද ගෙදර ඉන්න කොල්ලෝ කුරුට්ටෝ හැමදෙනාගේම විනය හදන්න.. පාසලට පුලුවන්ද පාසලේ සියලුම ළමයින්ගේ විනය හදන්න? මෙතැන ලියන්න පුළුවන් වුණාට ගොන් කතා ලියන්න එපා. ඒ ගොල්ලන්ට පුළුවන් වුණා රටේ විනයක් හදන්න එය රටපුරාම කුණු දාන එකේ සිට බෝම්බ පුපුරවන එක දක්වා විනය හැදුවා. ඒ විනය නැති කාලේ ඔහේලගේ යහපාලන ආණ්ඩුවයි.

:       0       0

කමල් Thursday, 14 November 2019 12:29 PM

2010 හරියටම ජනපතිවරණය තියපු දවසේ රෑ එක්නැලිගොඩ අතුරුදන් වුණා. එවකට හිටිය පක්ෂ මහලේකම් කිව්වා ඒක රංගනයක් කියලා. අදටත් එක්නැලිගොඩ ආගිය අතක් නැහැ. අපේ රටේ ජනතාවට අවශ්‍ය එහෙම පාලනයක්ද? ඒකද මේ අදහස් වලින් පේන්නේ?

:       1568       1295

Udahapola. Thursday, 14 November 2019 05:31 PM

කන්දෙපොල මහත්තයෝ, ඔබේ නිගමනය දීලානේ පරීක්ෂණ ඉල්ලන්නේ.

:       206       77

ජනක Thursday, 14 November 2019 09:58 AM

පෙර මග සලකුණු සුභ නැත. නැවතත් ඒ යුගය එළබෙන බවද මේ පෙරනිමිති ?

:       3289       5710

යාපාThursday, 14 November 2019 11:02 AM

අපේ රටේ මිනිස්සු 60000ක් ඝාතනය කළ, ටයර් වල පුච්චපු ඒ 88/89 ප්‍රේමදස යුගයේ පෙරමං ලකුණුද මේ?

:       1767       2248

Mohan Thursday, 14 November 2019 09:59 AM

ගෝඨාට ජයවේවා !

:       1993       2286

වීරවිජේ Thursday, 14 November 2019 10:02 AM

ඇතුල‌ෙන්ම කරගත්ත වැඩක් වගෙ. නාට්ටිය පටන් අරන්.

:       2564       2905

ශෙහාන්Thursday, 14 November 2019 11:01 AM

අනිවාර්යයෙන්ම.

:       301       605

Jana Thursday, 14 November 2019 10:14 AM

රංගනයක් කියලා හිතෙනවා.

:       305       915

[email protected] Thursday, 14 November 2019 10:22 AM

ඕන තරම් දේශපාලන පලිගැනීම් වෙන්නෙ. දැනට පැමිණිලි දාහකට වඩා තියෙනවා. මේක එයින් තවත් එකක් විතරයිනෙ.

:       314       484

Raveendra Thursday, 14 November 2019 10:23 AM

මේ බලු පොර සටන වෙලාවේම මෙසේ පහරදීම පුදුම හිතෙනවා. " මම පසුගිය ආණ්ඩුව කාලේ නාස්තිකාර සංවර්ධනය හා දූෂණය කියල පොතක් ලිව්වා" එනිසා මේ ආණ්ඩුව කාලේ මට ගැහැව්වා කියලද මේ කියන්නේ ? ඇයි ඒ ආණ්ඩුව කාලෙම ගැහැව්වේ නැත්තේ යන සරල පැනය කිසිවෙකු හට පැන නොනැගුනේ ? (අප කිසිවෙකුට පහරදීම හොදයි කියනවා නොවේ). අනේ මන්ද පහරදීම් වලින් කෙනෙකු ඡන්ද ගොඩ වැඩිකර ගන්න හෝ තවෙකෙකුගේ ඡන්ද ගොඩ අඩුකිරීමට උත්සහ දන්නවා නම් එම තැනැත්තා නිවටයෙකි යන්න හැමෝටම වැටහෙන කරුණක් නොවේද ?

:       55       906

nadeera Thursday, 14 November 2019 10:38 AM

කට්ටිය කවුද කියල නම් අල්ලන්න බෑ. ආණ්ඩුවේ රෙදි ගැලවෙනවා නේ.... හෙට දිනයටත් මෙවැනි නාටක බලාපොරොත්තු වන්න.

:       129       1338

අශේන් Thursday, 14 November 2019 10:39 AM

මේක මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. රටේ ඕන තරං දේශපාලන පලිගැනීම් වෙන්නෙ. මේකට විතරක් ප්‍රචාරය දෙන්නෙ මොකද. එහෙම නැත්තං ඒකත් රුපියල් දෙතුන් සීයකට කරපු තවත් රඟපෑමක් වෙන්නත් බැරි නෑ.

:       70       1133

Gamarala Thursday, 14 November 2019 10:52 AM

පරණ අදුරු සෙවණැලි යලි මතු වෙනවා. අනේ ලංකාව බේරගන්න. නැවතත් හිට්ලර් යුගයක් බිහි නොවේවා !

:       674       743

ලකී Thursday, 14 November 2019 10:54 AM

ගෝඨා ගැහුවනම් ඔහොම ගහන්නෙ නෑ. මේක හංස ගේමක්.

:       126       400

යාපා Thursday, 14 November 2019 10:59 AM

88, 89 භීෂණය දැන්ම ඉදලා පටන් අරගෙන.

:       222       563

SUNIL MILANO Thursday, 14 November 2019 11:17 AM

අසාර්ථක නාටකයකි.

:       95       506

Rasika Pradeep Thursday, 14 November 2019 11:23 AM

මෙය රගපෑමක් බවනම් පැහැදිලියි. මෙවැනි ක්‍රියා එකක් දෙකක් නෙවෙයි ගොඩක් උනා. මේවට දැන් මිනිස්සු රැවටෙන්නේ නෑනේ. මොකද මේවා දැන් මිනිස්සු හොදට දන්නවා. ඔය කියන සිද්ධිය ඇත්තක්නම් ඒකට මේ වෙලාව පහරදෙන්න තෝරාගන්නේ නෑ.

:       214       528

SUNIL MILANO Thursday, 14 November 2019 11:38 AM

මේ නාටකයේ සුලමුල මොහුගෙන්ම දැනගත හැකියි.

:       99       400

sisira Thursday, 14 November 2019 11:41 AM

මෙවන් රංගන එන බව කල්තියා දැනුම් දුන්න නිසා හොඳයි. නමුත් සමහර පක්ෂග්‍රාහී අය මන්ද බුද්දීකයන් මේවා දෙස බලන්නේ තමන්ට ඕන විදියටයි. අනික ඔහොම වැඩක් කරනවා නම් ඡන්දෙදාට ඉස්සරින් කරන මෝඩයෝ ඉන්නවද ? හැම මෝඩයම හිතන්නේ අනික් අය මෝඩයෝ කියලා. ඒකයි මෙහෙම මෝඩ වැඩ කරලා නාගන්නේ.

:       141       786

ධම්මසිරි හිමි Thursday, 14 November 2019 12:28 PM

මේ ටිකත් එකතු වුණානං නාට්‍ය පිටපත සම්පූර්ණයි. ''මම පහුගිය ආණ්ඩුවේ නාස්තිකාර සංවර්ධනය සහ දූෂණය ගැන පොතක් ලිව්වා. හැබැයි මේ ආණ්ඩුවේ මහබැංකු මංකොල්ලය ඇතුළු දූෂණ ගැන මොකුත්ම ලියාගන්න බැරිවුණා. එළියෙ හිටපු එක්කෙනෙක් ළග කුරුඳු පොල්ලකුත් තිබුණා."

:       30       599

Gamarala Thursday, 14 November 2019 12:36 PM

මහා අපබ්‍රංශයක්..! ඇයි මෙච්චර ප්‍රමාද වුනේ? පොත් ලිව්වට ගහනවා නම් මෙලහකට ගොඩක් අය ගුටිකාලා. අර “. .... රැජිනද” මොකක්ද කියලා ලියපු අය දැන් යස අගේට හිනහවෙවී එකට ඉඳගෙන ඉන්නේ..”!

:       80       336

SinhaThursday, 14 November 2019 01:06 PM

දැන් ඒ රැජිනගේ හොඳම මිත්‍රයා මියගියා... ප්‍රභාකරන් මහත්තයා දුකායි....

:       0       187

සෙනරත් Thursday, 14 November 2019 01:38 PM

රංගනය අසාර්ථකයි නේද? අනේ මෙහෙමත් හරක්. තමුන් හරක් වුණාට අනිත් මිනිස්සු මේවාට අහුවෙයි කියලා හිතනවා ඇති...

:       76       277

athula Thursday, 14 November 2019 01:40 PM

හිතාගන්න පුළුවන් රටට වෙන්න යනදේ.. එතකොට කෑගල්ලේ පොහොට්ටු මීටිමට ඇවිත් යනගමන් බස් එකෙන් ඇදලා කැලේට අරන් ගිය එකත් නාටකයක්ද?

:       14       517

athula k Thursday, 14 November 2019 02:25 PM

ඡන්දෙ පහුවෙලා වුණා නම් හිතන්න තිබුණා. මේ වෙලාවේ කිසිම අපේක්ෂකයෙක් ඔය වැඩේ කරන්නේ නැහැ. අනිත් එක CCTV ඕෆ් කළා කියලා බොරුවක් කරන්න තිබුණනේ...

:       26       189

Wije Thursday, 14 November 2019 03:51 PM

සුදු වෑන් ආපු නැති එකට සතුටු වෙන්න. ඔය ආවේ කසකාරයෝ... පෙරහැර පටන් ගත්තා විතරයි.

:       130       436

BamunuarachchiFriday, 15 November 2019 01:51 AM

හැබැයි ඒ කාලේ ගොනිබිල්ලෝ ආවා. 1989 ආවේ පැජරෝ වලින්... එ්වා මතක නැද්ද? නැතිනම් ඉපදිලා සිටියේ නැද්ද? සමහර විට ඉන්න ඇත්තේ තාත්තා ගාවත් නොවෙයි...

:       0       0

යාපාFriday, 15 November 2019 02:56 AM

ඔව් අනිවාර්යයෙන්ම ඔය කසකාරයෝ. ඊටපස්සේ තමයි ටයර් සෑයවල්වල දාලා මිනිස්සු පුච්චන්නේ. මිනීමරුවෝ නිදහස් කරලා සාමවිනිසුරු පදවි දෙන්නේ. හෙලිකොප්ටර්වල එක්ක ගිහින් මාද්‍යවේදියෝ මරන්නේ. මුලු රටම භීෂණයෙන් පුරවන්නේ.

:       0       0

Indunil Thursday, 14 November 2019 04:25 PM

සීසීටීවී ඕෆ් කරන කථාවෙන්ම බොරු පැහැදිලිය. ඔය ආටක නාටක වලට අපි රැවටෙන්නේ නැත. මෝඩකමට අත කපා ගත්තාට අපිට කරන්න දෙයක් නෑ !

:       43       241

Chanak los angeles Thursday, 14 November 2019 09:57 PM

කොහොමද පොල්පොට් වැඩ?

:       0       0

mahida Thursday, 14 November 2019 11:10 PM

රංගනයකට ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න තරම් මෝඩද? වැඩේ පටන් ගන්න හදන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 3 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 75 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 591 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 553 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 284 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 527 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site