IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සාක්කිය නොකැඳවාම විත්තිකරු නිදහස් කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

රථවාහන වරදක් කළ පුද්ගලයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා අල්ලස් ඉල්ලා ලබාගත් බවට පේරාදෙණිය පොලිසියේ සේවය කළ සැරයන්වරයකුට එරෙහිව පවරා තිබු අල්ලස් නඩුවක පැමිණිලිකාර තරුණයා පැමිණිල්ලට අගතිදායක සාක්කිකරුවකු වශ්‍යයෙන් නම් කිරීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකාර පොලිසියේ සේවය කළ සැරයන්වරයා නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචකයක් නොකැඳවාම ඔහු නිදහස් කරන්නැයි පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිහාල් ගුණසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තියේ සාක්කි නොකැ`දවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.

මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ පේරාදෙණිය පොලිසියේ සැරයන්වරයකු ලෙස සේවය කළ ගෙළිඔය පදිංචි වරාගොඩ දුන්විල ගෙදර උපාලි ධර්මදාස මහතාය.

2014 මාර්තු මස පළමුවැනිදාත් 06 වැනිදාත් අතර කාලය තුළ පේරාදෙණියේදී රථවාහන වරදක් කළ පුද්ගලයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා අල්ලස් ඉල්ලා ලබාගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් අල්ලස් ලබාදුන් බව කියන තරුණයා සාක්කි දෙමින් විත්තිකරු හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්නගත අයුරින් සාක්කි ලබාදීම නිසා ඔහු පැමිණිල්ලට අගතිදායක සාක්කිකරුවකු ලෙස නම් කිරීමට සාක්කි ආඥා පනත යටතේ අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අධිකරණය අවසර ලබාදී තිබිණි.

ඉන් පසුව පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන් කළ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිහාල් ගුණසිංහ මහතා අධිකරණය අමතමින් අල්ලස් නඩුවක පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු බවත් මෙම නඩුවේ පැමිණිලිකරුම පැමිණිල්ලට අගතිදායක සාක්කිකරුවකු ලෙස අල්ලස් කොමිසම විසින් නම් කොට ඇතැයි දැනුම් දුන්නේය.

මේ තත්වය යටතේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව තබා කිසි`දු ආකාරයකින් ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචක කැඳවීමකින් තොරවම ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.



අදහස් (0)

සාක්කිය නොකැඳවාම විත්තිකරු නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 188 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 412 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 499 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 314 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 412 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 145 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site