IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනයට සැරසෙයි

වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මේ අනුව ඉන්දියාව, පකිස්තානය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංගලාදේශය යන රටවලින් මෙම සහල් තොග ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් අනෙකුත් රටවලටද මෙම ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඔහු කියා සිටී.

ඒ අනුව මුදල් අමාත්‍යංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ ටෙන්ඩර් කමිටුවක් මඟින් මෙම ටෙන්ඩර් කැඳවීම් සිදු කර ඇත.
මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් 90000ක් ද,  සම්බා මෙට්‍රික් ටොන් 60 000ක් ද, සුදු කැකුළු මෙට්‍රික් ටොන් 50 000ක් ද  ආනයනයට ටෙන්ඩර් කැඳවා ඇති අතර මෙම මස 31 වැනිදා දක්වා මිල ගණන් ලබා ගැනීමට නියමිතය.
තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් ආනයනය කරන පළමු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය නොවැම්බර් මස 30 වැනිදා වන විටත්, ඉතිරි ලක්ෂය දෙසැම්බර් මස 30 වැනිදා වන විටත් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැළසුම් කර තිබෙන බවත් වෙළෙඳපොළ ඉල්ලුම අනුව අවශ්‍ය තරම් සහල් තොග සැපයීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි. 

 

 

 



අදහස් (10)

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනයට සැරසෙයි

Kandepola Monday, 23 October 2017 09:24 AM

ඔන්න කට දෙපැත්තෙන් බේරෙනවා. පිහදාගන්න කවුරුවත් දකියි.

:       0       85

PerakumMonday, 23 October 2017 09:47 AM

ඒවාට කියන්නේ "කටේ නරිවදන්" කියලයි.

:       0       9

කුමාර Monday, 23 October 2017 09:36 AM

රට හාල් කන්න බෑ.‍

:       15       35

Ruchi Monday, 23 October 2017 09:43 AM

මහින්ද රාජපක්ෂගේ කාලේ හාල් රට පැටෙව්වා. දැන් වෙන රටවලින් ගේනවා. එ්කයි වෙනස. රවී කරුණානායක මිනිස්සුන්ගේ මොළ සේදුවා කුඹුරු කරන්න එපා කියලා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ.

:       23       1610

දිලුම් Monday, 23 October 2017 09:54 AM

අනේ ඇත්තට මේවට අපිට වචන නෑ කියන්න. පොහොර සහනාධාරය කෑව එකේ ප්‍රතිඵල දැන් හොඳයිද? සිරිසේන දැන් රටින් හාල් ගෙනත් ජනතාවට කවනවා. ඒ හාල් ප්ලාස්ටික්.... ඒක කලා ජනතාව මැරුණාම ඒ අයට වන්දිත් දෙන්න 2018 අයවැයට සල්ලි වෙන්කර ගන්න.

:       2       445

JANAKA Monday, 23 October 2017 10:10 AM

මෙහෙමත් ආණ්ඩුවක්! රජයක්! මේ පාලකයෝ මේ රට බාරගන්න කොට සහලින් ස්වයංපෝෂිත රටක්. සහල් අතිරික්තය අපනයනය කල රටක්. මේ රටේ නායකයා කියන පුද්ගලයා ගොවියෙක්ලු? එතුමාගේ කතාවයි ක්‍රියාවයි රෙද්ද පල්ලේ. දැන් ඉතින් කට බෝක්කුව වගේ හදාගෙන හිටන් කියයි, ජනමාධ්‍යවල බොරු කියනවා, මම දැක්කෙත් පත්තරෙන් කියලා....

:       2       1344

gamage Monday, 23 October 2017 10:53 AM

ජනපති රජරටින්... සහල් පිටරටින්.... ශෝක් නේද මේ වෙනස? ඉක්මනටම පොල් ටිකකුත් ගේමු නේද දැන්ම තියා?

:       2       55

naradha Monday, 23 October 2017 12:38 PM

සහල් ආනයනය කරන්නට සිදුවී ඇත්තේ පසුගිය මහා කන්න දෙකක් නියගය නිසා වී වගා කිරීමට නොහැකි වූ නිසයි. මෙවැනි අවස්ථා මීට පෙරත් සිදුවී තිබෙනවා. එය රජයේ දුර්වල කමක් යයි සිතීම මෝඩ අදහසකි.

:       434       7

SenarathTuesday, 24 October 2017 03:42 AM

මෙයට පෙර අපේ රටේ නියඟයන් තිබුණා, එත් මෙහෙම කෘෂි කර්මාන්තය කඩා වැටුනේ නැහැ. 2007 විතර ලෝක ආහාර අර්බුධයක් අතිවූණා. එත් අපේ රට අල්ලාගෙන හිටිය, එදා තිබුණු රජය රුපියල් 300 ට පොහොර දීල ගොවින් දිරිමත් කරපු නිසා. එත් මේ රජය ගොවියට දෙනවා කිව්ව වී මිල ගෙවන්නේ නැහැ, තේ වලට දෙනවා කිව්ව මිල ගෙව්වේ නැහැ. අද ගම්මිරිස් වගාවත් වැටීගෙන යනවා ඒ ගැන වගේ වගක් නැහැ. මේවා තාවකාලික ප්‍රශ්න නෙමෙයි. දිගු දැක්මක් සහිතව කෘෂිකර්මාන්තයට සැලසුම් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉදිරි පරම්පරාව කෘෂිකර්මාන්තයෙන් ඈත්වෙන එක වලක්වන්න බැහැ. මේ කිසිම ගොවියෙකුට බැහැ කන්න 2 ක් 3ක් පාඩු වේවි කුඹුරු කරන්න. ඒකත් කරන්නේ ඔවුන්ගේ තිබුණු සියලු දේ උකසට තියල. රජයෙන් හරි වන්දියක් දෙන්නේ නැහැ. දෙන්නෙත් දේශපාලන හිතවතුන්ට , නියම ගොවියට හරියට ලැබෙන්නේ නැහැ .

:       1       26

Ishan Monday, 23 October 2017 12:55 PM

හාල් පොල් රන් වෙලා, අපිට තරු විසි වෙලා, කුඹුරු ටික පුරන් වෙලා, පොහොර සහනාදාර නැති වෙලා, පොල් ඉඩම් සංවර්දනය කරලා, පෙරදිග ධාන්‍යගාරය හිස් වෙලා, බලන් ඉමු දත නියවල.

:       1       47

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 1 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 36 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 58 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 227 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 483 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 123 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site