IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සයිටම් තීන්දුව දෙදිනක් ඇතුළත

ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙහිඕවිට අභිනවාරාමයේ දැන් පැවැත්වෙන   රන්වැට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.



අදහස් (18)

සයිටම් තීන්දුව දෙදිනක් ඇතුළත

jeewan Monday, 23 October 2017 12:06 PM

තාම නැකත් නැතුව ඇති නේද ඕක කියන්න

:       791       830

daham Monday, 23 October 2017 12:32 PM

ඒක අවසන් විසඳුමක් වෙන්නේ සයිටම් අහෝසි කරලා එකේ ඉන්න සුදුසුකම් තියෙන ළමයින්ට නිසි පුහුණුවක් දෙන වැඩ පිළිවෙලක් සකසනවානම් පමණයි. නැත්නම් විශාල අර්බුද ඇති වෙන එක සහතිකයි.

:       1073       660

sathyapala Monday, 23 October 2017 12:48 PM

මම මෙයට දෙසතියකට පෙර කියූ දෙය.. සුළු ජාතික චන්ද වලින් බලය රැකගැනීම සදහා රට පාවාදෙන මොහොත ආසන්නයි. අපි එළිපිට කෑගසුවද අපි නොදැන ඉතා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව සියල්ල සිදුවෙමින් පවතී. ඒ සදහා හාමුදුරුවරුන් අතර ගැටුම් සිංහල සංවිධාන අතර ගැටුම් බුද්ධිමතුන් අතර, කලාකරුවන් වැනි සියලු පාර්ශවයන් අතර ගැටුම් නිර්මාණය කර සාමාන්‍ය ජනයා කොයි දේ හරිද කියා සිතාගන්නට නොහැකි තැනට දමා සියලු මාධ්‍ය බෙදුම්වාදයට හිතකර දේ පමණක් පළකරන්නට බලය යොදවා ක්ෂණිකව පනත සම්මත කර රට බෙදන මොහොත අත ලගය. තිබෙන ආරංචි අනුව උපක්‍රමයක් ලෙස රට බෙදන පනත සම්මත කරන්නට මොහොතකට පෙර සයිටම් ගැටලුවට දොස්තරලා සතුටු කරන විසදුමක් ලබාදී එහි සතුට මහජනයා විදින මොහොතේ රට බෙදන පනත සම්මත කරගනු ලබයි.........

:       988       235

විකුම් රංගනMonday, 23 October 2017 02:05 PM

සත්‍යපාල කියලා තියන දේ කලෝතින් ආයේ අමුතුවෙන් මේ රට බෙදන්න දෙයක් නැහැ. ඉබේටම බෙදෙනවා. ඒ ජාතීන් අනුව හෝ ආගම් අනුව නොවෙයි. යම් විදිහකින් පටු ආකල්ප සහිත කුහකයින් ජයග්‍රහණය කලොත් ඒ රට අමුතුවෙන් කාටවත් විනාශ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙතන අපිට සයිටම් එකෙන් ඇති වැඩක් නැහැ. සයිටම් එක වහනවා නම්, දැනට තිබෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තුල (කොතලාවල වෛද්‍ය පීඨය) ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය විද්‍යාව හදාරන්න අවස්ථාව දිය යුතුයි. රටක අධ්‍යාපනය තුල බිල්ලන් සිටින්න විදිහක් නොමැත. වර්තමානයේ මුදලට විකිෙණන සියලුම උපාධි මෙන්ම වෛද්‍ය උපාධියේත් ප්‍රමිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීම වන අතර පෞද්ගලික අධ්‍යාපනය වගේම පෞද්ගලික සෞඛ්‍ය සේවයත් වහාම ප්‍රමිති ගත කල යුතුව ඇතැයි අපි රජයට යෝජනා කරමු.

:       3       819

Ajith NissankaMonday, 23 October 2017 03:02 PM

සිංහල සහ දෙමල ගෝත්‍රවාදින් කවදාවත් මොන විසඳුමකටවත් කැමති වෙන්නේ නැහැ ! ඔවුන්ට මස් රාත්තලම ඕනෑ !

:       26       738

ප්‍රීති Monday, 23 October 2017 04:22 PM

ඔතන තියෙන්නේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිලිබඳ ගැටළුවක් නොවේ. මෙතන තිබෙන්නේ, ලංකාව තුල වෛද්‍ය විද්‍යාව හැදෑරීම ගැන තිබෙන ගැටලුවයි. පවතින කුමන වර්ගයේ හෝ ආයතනයක ප්‍රමිතිය හදන්න අවශ්‍ය නම් රටකට එය විශාල ගැටළුවක් නොවෙයි එසේ නම් මෙතරම් කලක් බලා නොසිට ඔය ආයතනය ගැන තීරණයක් ගන්න තිබුනනේ. සයිටම් එක ඉස්සරහට දමලා තමන්ගේ ගෝත්‍රිකවාදී පටු අරමුණු ඉටුකරගන්න තමයි හැමෝම උත්සහ කරන්නේ.

:       4       1040

කරුණාපාල Monday, 23 October 2017 08:27 PM

ප්‍රමිතිය ගැන නම් දැනටත් ගැටළුවක් නැහැ මගේ හිතේ හිත්වල තියන කුහකකම ඉවත් කර ගත්තොත් ප්‍රමිතිය පෙනෙයි ඉබේටම.

:       151       143

රවිඳු Monday, 23 October 2017 10:29 PM

මේක මහපාරේ තප්පුලන මී හරක් සහ නිවාස තුල සිට නිහඩ විප්ලව කරන මනුෂ්‍යයින් අතර සිදුවන සටනක්ම පමණක් නොවෙයි මෙය ශ්‍රී ලංකාවේ අනාගතය පිලිබඳ තීරණය වන ඓතිහාසික තීන්දුවක්. ජාතිය ජන්මය ආගමෙන් එහා ජනතාව තීන්දු තීරණ ගැනීමට පොළඹවන තීන්දුවක්. මෙරට බහුතර ජාතිය තීන්දුකරන හැරවුම් ලක්ෂයක්. අපට අවශ්‍යවන්නේ එක ජාතියකට සීමා වුන රටක් නොවෙයි. මනුෂ්‍යයින්ට නිදහසේ ජීවත්වීමට හා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය නිදහස් රටක් පමණි.

:       1       123

Ruwan Tuesday, 24 October 2017 04:03 AM

මෙතන කිසිම ප්‍රශ්නයක් අපට නම් පෙනෙන්නේ නැත. අපිත් ලංකාවේ විශ්වවිද්‍යාලවලින් උපාධි අරගෙන පාරවල් ගානේ එක දවසක්වත් රස්තියාදු නොවී අපගේ දෙමව්පියන්ට කිසිම බරක් නොවී ඔවුන්ව පෝෂණය කරනවා. මෙතන තියෙන ප්‍රශ්නය තමන්ගේ තියෙන නුසුදුසුකම් සහ තරගයකට මුහුණදීමට තියෙන බයට දක්ෂයින්ව පාගාගෙන ඉන්න තියෙන වටපිටාවක් හදාගන්න උත්සහකිරිම.

:       2       1133

Padmini Tuesday, 24 October 2017 05:07 AM

ලංකාව වැනි දුපත් වාසී ගෝත්‍රික ,තක්කඩි දේශපාලකයින් ඉන්න රටක ප්‍රමිතිය ගැන කතා කිරීමත් විහිළුවකි.දොස්තරවරයෙකු බිහි කල යුත්තේ රජයේ වෛද්‍ය විදුහලකින් පමණි. ප්‍රංශය දියුණු රටක් වුනත් වෙනත් බොහෝ උපාධි ආයතන ඇතත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැත.එංගලන්තයත් එසේම යයි සිතමි.

:       254       2

බද්රානිTuesday, 24 October 2017 06:11 AM

ඒ කියන්නේ පද්මිනී පිලිගන්නවා මේ ලංකාවේ ඉන්නේ ගෝත්‍රික මිලේච්ජයෝ කියලා. හැබැයි පද්මිනී හිතනවට වඩා ප්‍රන්සෙයි එංගලන්තෙයි විතරක් නෙමේ, මේ මුළු ලෝකෙම වෙනස් හැබැයි ඔය අමුතු රටේ ජීවත් වෙන අය ඒ ඔක්කොටම වඩා වෙනස්. ඒකයි මේ හැම ප්‍රශ්නෙකටම හේතුව. ඒ අයට ප්‍රශ්න නැත්නම් නින්ද යන්නේ නැහැ. ප්‍රශ්න විසඳන්න මොළෙකුත් නැහැ. තියන මොළ පොඩ්ඩ ඉරිසියාව , කුහකකම වෛරය පිරිලා ඉතිරිලා. පෞද්ගලික විශ්ව විද්‍යාල විතරක් නෙමේ, ටවුමේ සිල්ලර කඩයක් දාන්න ගියත් ඔහොමම තමයි.

:       1       246

අල්විස්Tuesday, 24 October 2017 01:29 PM

බද්රානි සිංහල තේරම් ගන්න පුළුවන් නේද? ගෝත්‍රික මිලේච්ඡයො කියලා තියෙන්නෙ කාටද කියල පැහැදිලිව තියනවා. ඔයා හැමදාම දාන තැටිය නෙමේ පද්මිණී දාල තියෙන්නේ.

:       1       0

රොෂාන්Tuesday, 24 October 2017 09:20 AM

පද්මිනී, ඔය කියන ප්‍රංශයේ වෛද්‍යවරු ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන චැනල් සෙන්ටර් කළුකඩ හා පෞද්ගලික රෝහල් වල සේවය කරමින් අසරණ රෝගීන්ගේ ජීවිත, රෝගීන් ගෙවන මුදල තීරණය කරන ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවයක්ද තියෙන්නේ? වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන්ව පිටරට යවන ඒජන්සී මාෆියාව ප්‍රංශයෙත් තියනවද? එරට තුල වෛද්‍ය අධ්‍යාපනය කඩාකප්පල් කරන, දොස්තරකම පසෙක තබා දේශපාලනය කරන වෛද්‍ය මාෆියාවක් තියනවද? අනේ අපි ඉතින් ප්‍රන්සේ ගැන දන්නේ නැති නිසයි ඇහුවේ?

:       0       2

මධුසංඛ Tuesday, 24 October 2017 01:36 PM

යාළුවා ලංකාවෙ නම් ගෙවන මුදල මත ජීවිතය ගැන තීරණය නොවන සෞඛ්‍ය සේවාවක් තියනවා, හැබැයි ආණ්ඩුවෙ. සල්ලි තියන අය කැමති අය ප්‍රයිවට් යන්න, නැති අය ආණ්ඩුවෙ එන්න. කොහොම ලොකු තැන්වලින් බෙහෙත් ගත්තත් අන්තිමට පණ කෙන්ද යන්න ඔන්න මෙන්න තියන අමාරුවක් නම් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට යවන එකයි කරන්නේ.

:       0       2

naradhaTuesday, 24 October 2017 10:19 AM

පද්මිණි, ලංකාව වැනි බොහෝ ආසියාතික රටවල් තවමත් ගෝත්‍රික තත්වයේ පවතින්නේ, රාජාණ්ඩු පැවති අතීතයේ සිටම, රටේ අධ්‍යාපනය සංවෘතව තබා, තමන්ගේ ගෝත්‍රය රැක ගැනීම උදෙසා, කීප දෙනෙක් පමණක් ඉගෙන ගැනීම නිසයි. ඔය කියන ගෝත්‍රිකතත්වයෙන් මිදෙන්නට කල යුතු හොඳම දේ නම්, රටේ අධ්‍යාපනය විවෘත කොට, ඕනෑම කෙනෙකුට තමන් කැමති අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩ දීමයි.

:       1       24

one srilankan Tuesday, 24 October 2017 08:00 AM

සයිටම් වසා සයිටම් සහ අනිකුත් සියලුම සිසුන්ට සාධාරණය කරන්න. පූර්ණ බලතල ඇති ජනධිපතිට මරණීය දණ්ඩනයට නියම වූ අයකුට නිදහස දෙන්න පුලුවන්නම් හොර සයිටම් වසා දමා මෙම ජාතික ගැටලුව විසදන්න උතුමාණනි.

:       17       52

chinta Tuesday, 24 October 2017 02:21 PM

මේ ගැටලුව ගොඩින් බේරාගනීමට තිබුනු අවකාශ දැන් ඉවරයි, හේතුව මේක තදින්ම දේශපාළනීකරණය වී තිබීමයි. මෙයට සම්බන්ධ දේශපාලකයෝ මෙය පුළුවන් තරම් දුරට ඇදගෙන යනවා සමස්ත රටම අකර්මන්‍ය වෙන විධියේ මහා වැඩ වර්ඡනයක් දක්වා දැන් වෛද්‍ය ශිෂ්‍යන්ටත් අවශ්‍ය උනත් මෙය නවත්වනු නොහැකියි මේ ගැටුම්වල වර්ථමාන වර්ධනයට අනුව ඊළග ගැටුම් වළදී පොලිසිය ගුටි කන්නත් ඉඩ තියෙනවා, රජය මේ කාරනාව ඇද ඇද යන්නේ නැතිව අවසාන කරගැනීම රජයටම ගුණදායක බව වට පිටින් බලන අපිට පෙනෙන්නට තියෙනවා

:       0       0

peter Saturday, 28 October 2017 03:56 PM

ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද 28යි දින 5ක් ගත වුණා. ඒත් රටේ නායකයා උත්තර සොයසොයා ඇවිදිනවා. වසරක් ගතවෙලා ලබන වසර මුල ඡන්දෙකුත් එනවා. ඒකෙත් ප්‍රතිඵල බලලාම තීන්දුව දෙන්න ඉන්නවද දන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 281 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 605 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 729 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 412 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 480 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 170 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site