IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් ජනසතු කරන්න‘යි රජයේ වෛද්‍යවරු තවත් වර්ජනයකට සැරසෙති

(රන්ජන් කස්තුරි)


සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා තවදුරටත් රජයට බලකිරීමේ අදහසින් මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙයි.


එම වර්ජනයට රජයෙන් සාධාරණ පිළිතුරක් නොලැබුණහොත් ලබන වෙසක් පෝයට පසුව අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.


මෙම වර්ජනය සඳහා තවත් වෘත්තීය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් තමන්ට සහයෝගය දීමට සූදානම් බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.



අදහස් (45)

සයිටම් ජනසතු කරන්න‘යි රජයේ වෛද්‍යවරු තවත් වර්ජනයකට සැරසෙති

channa Friday, 28 April 2017 04:39 PM

සයිටම් කොහොමද දොස්තරලට බලපාන්නේ. ලෙඩ්ඩු අපියි ස්ට්‍රයික් කරන්න.

:       3179       1856

Shihan Friday, 28 April 2017 05:05 PM

ඔබට ජය... අහිංසක රෝගීන් මරා දමා මුදල් ඉපැයීමට සයිටම් වැනි මුදලාලීලා විසින් පාලනය කරන කඩ වසා දැමිය යුතුයි.. සයිටම් කොමිස් කුට්ටියට නගුට වනන දේශපාලුවන් පාර්ලිමේන්තුවෙන් එලවා දැමිය යුතුයි...

:       10161       11777

samFriday, 28 April 2017 09:55 PM

ඔබට රෝගීන් මරා දමන "දොස්තර මුදලාලිලා " නොපෙනේ. සයිටම් මුදලාලි පමණක් පෙනීමේ හේතුව පෙනීමේ අඩුවක් නොව දැනීමේ අඩුකමයි.

:       2265       1444

රොමේෂ් Saturday, 29 April 2017 04:47 PM

සැම්ට පෙනෙන දේ හොඳට පෙනෙනවා, නමුත් නොපෙනෙන දේ පෙනෙන දේ තුලින් වටහාගන්න තරම් දැනුමක් නැති බවයි අපිට නම් පෙනෙන්නේ. ඒ නිසා දෙයක් වෙනකම්ම ඉන්නවා විසඳුම් හොයන්න. එතකොට ප්‍රමාද වැඩියි මහත්තයෝ. දුරදක්නා නුවණ හතලිස් ඇඳිරියට යටවෙන්න දෙන්න එපා.

:       3       0

නසාර් Sunday, 30 April 2017 01:28 PM

සයිටම් විතරක් ද මුදලාලි .. ඇයි චැනල් මුදලාලි, බෙහෙත් සාප්පු මුදලාලි , පුද්ගලික රෝහල්... ඒවාත් නැතිකළ යුතුය.... එතකොට ඔය ලෙඩ්ඩුන්ට වැඩියෙන් ආදරේ අයට වැඩි කාලයක් රජයේ රෝහල් වල වැඩ කරන්න කාලේ තියෙනවා නේ.

:       1       1

ajith Friday, 28 April 2017 05:22 PM

රජය මේ වෙනකොටත් සයිටම් එක රජයට පවර ගන්න තීරණය කළා කියල ප්‍රකාශයට පත් කරල තියෙද්දිත්.., මේ මොන විකාර වර්ජනද? කාගේ උවමනාවටද මේවා කරන්නේ? කියලා ජනතාව තේරුම් ගනීවි....

:       0       0

nimalrajapaksha Friday, 28 April 2017 05:47 PM

අනේ මෙයාලා මොකද මේකට ඔච්චර බය... බඩගෝස්තර වාදී දොස්තරලා මේ කරන සෙල්ලම කවදද නවතින්නේ? රාජිත ඇමතිතුමනි, කරුණාකර ඔය ඇමතිකම පොඩි ළමයෙකුට දෙන්නකො... මට්ටුකරන්න, බැරිනම් තවත් මොනවාද බලන් ඉන්නේ... ?

:       0       0

athula Friday, 28 April 2017 06:56 PM

මේ ආණ්ඩුව හිතන් ඉන්නේ කොහොමහරි ලෙඩ්ඩු ටික මුදලාලිට බාරදීල අැඟ බේරාගන්න. අදටත් සෞඛ්‍යය සේවය බොහෝදුරට මරාදමලා අඩපණ කරලා ඉවරයි. මේ ටික හරි තියෙන්නේ ඔය කැම්පස් එකේ කොල්ලෝ ටිකයි, දොස්තරලා ටිකයි නොහිටින්න අපි තමා ලෙඩ්ඩු වෙන්නේ ...

:       0       0

Dr. Jones Friday, 28 April 2017 07:02 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍යවරු පිටවී දැනට මාෆියාවක් වී ඇති චැනල් සේවයට පහරක් වදී.... යැයි කියන බය හැර, මේ වර්ජනවලට වෙනත් හේතුවක් නෑ. පිටරටවල්වලින් අධ්‍යාපනය ලබාගෙන එන අයට විරුද්ධව කිසිම වර්ජනයක් නෑ. කුහක කමට සීමාවක් තිබිය යුතුයි.

:       0       0

ජීවන්ත Friday, 28 April 2017 08:52 PM

එවිට නිසි ලෙසම ලකුණක් දෙකක් අඩුවී වෛද්‍ය පීඨයේ දොර වැසුන අයට අවස්තාවක් ලැබේවි ඔබට ජය!!

:       0       0

lalith Friday, 28 April 2017 09:02 PM

ගියපාර මේ වර්ජන නිසා අපේ කොල්ලට බෙහෙත් ගන්න බැරුව ගියා. ඔන්න ඡන්දෙ දුන්නු මිනිස්සු පෙළපාලි ගියානම් ඉවසන්න පුළුවන්. ෆාමසියේ තියෙන බෙහෙත් හොඳ නැහැ කියල ඉන්දියාවෙන් හොරට බේත් ගෙනෙන මුට්ට කාරයින්ගෙන් බෙහෙත් වර්ග ගන්න කියනවා. කරුමෙට ඉන්දියන් දොස්තරලට සිංහල බැහැ අපට හින්දි බැහැ. මදැයි සතුටින් උන්නා. අර ජනරාල් තුමා පත් කරන එකත් දැන් විහිළුවක් කියනවනේ?

:       127       147

dilanka Friday, 28 April 2017 09:09 PM

අරගලයට ජයවේවා !!!

:       867       354

kumar (galf) Friday, 28 April 2017 09:16 PM

රටටත් මනුෂ්‍යයන්ටත් වදදෙන මේ වර්ජන කාරයන්ගේ රජයේ රැකියා නතරකර ගෙදර යැවිය යුතුයි.

:       60       631

මාමා Friday, 28 April 2017 09:56 PM

සයිටම් ජනසතු කිරීමෙන් ඇරඹෙන මෙම සටන සියලුම පෞද්ගලික රෝහල් හා හන්දියක් හන්දියක් ගානේ ඇති බෙහෙත් කඩ ජනසතු කිරීමෙන් අවසන් වේවා !!!

:       280       82

mahee Friday, 28 April 2017 11:14 PM

රජය වහාම හදිසි නීතිය පනවා දොස්තර මාෆියාවට මුහුණ දිය යුතුයි. රෝගීන් වලපල්ලට යවා හෝ තව තවත් කුට්ටි තර කර ගැනීමට පටන්ගත් වර්ජන, තර්ජන දැන් හොඳටම දුර ගිහින්. මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නැහැ. අපේ බලතණ්හාව සපිරෙනවා කියල හිතන අවස්ථාවාදී දේශපාලකයනුයිනේ... අනේ මේ අපට ආදරේටනේ.

:       360       1254

S.M.R. SAMARAKOON Saturday, 29 April 2017 12:41 AM

මිතොටමුල්ල ඛේදවාචිකය මෙන් නොවී, දෙවියන්ගේ නාමයෙන් බහුතරයක් වන රටේ දක්ෂ දරුවනට හා අහිංසක දුප්පත් රෝගී ජනතාවට යහපතක් හා සාධාරණත්වයක් වන ආකාරයට මෙම ගැටලුව විසඳේවා !!!.....

:       0       50

kasun Saturday, 29 April 2017 12:49 AM

සයිටම හොඳයි කියනවා නෙවෙයි. නමුත් මේ ගොල්ලෝ මේ කෑ ගහන්නේ ඇත්තටම රටට ආදරේටද? කියලනම් හිතා ගන්න බෑ. මුළු රටටම බලපාන තව ප්‍රශ්න ඕනතරම් තියෙනවා. විල්පත්තු කැලය වගේම රටේ වටිනා කැලයවල් ඔක්කොම කපනවා. මේ අනාගත පරපුර වෙනුවෙන් කියල කෑ ගහන කවුරුත් ඒවාට කෑ ගහන්නේ නෑ. පෙළපාලි යන්නේ නෑ. වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ නෑ . මොකද? ඒවා රටේ ප්‍රශ්න මිසක් එයාලගේ ප්‍රශ්න නෙවෙයි නිසා. හැමෝම තමන්ගේ බඩට වදිනවානම් විතරයි ඔහොම කෑ ගහන්නේ. ඔච්චරම අනාගත පරපුර ගැන හිතනවානම් අනිත් ප්‍රශ්න ගැනත් කතා කරන්න, විරුද්ධ වෙන්න, ක්‍රියාකාරී වෙන්න. එතකොට තම මේ රට දියුණු වෙලා ලස්සන වෙන්නේ. නැතුව සයිටම වැහුව කියල අනාගත පරපුරට රටක් ඉතුරු වෙන්නේ නෑ

:       3       161

ලුම්බිණි Saturday, 29 April 2017 01:17 AM

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයකට රජය නොයන්නේ මොකද? එහෙමත් නැත්නම් මෙම සේවය අත්‍යවශ්‍ය සේවයක් නොකරන්නේ මොකද?

:       558       303

miyasab Saturday, 29 April 2017 01:38 AM

ශිහාන්, මේ වගේ අදහස් ලියන්න එපා...

:       83       94

nimallalitha Saturday, 29 April 2017 01:56 AM

පුද්ගලික ආයතන මගින් වෛද්‍යවරුන් බිහිකරන උත්සාහය වැළකීමට, ජනතාව විපතේ හෙළීම වැළැක්වීමට ගන්න උත්සාහය හරි.

:       95       651

සඳරුවන් Saturday, 29 April 2017 02:58 AM

මහජන මුදල් ලක්ෂ ගණනක් වියදම් කරමින් සක්විති ගණයේ උපාධි කඩයක් නීත්‍යනුකූල භාවය ලබාදීමට අාණ්ඩුව කටයුතු කිරීම ඉතාමත් නින්දිතයි. සයිටම් විසදුවා යැයි කියමින් නෙවිල් ප්‍රනාන්දු ඉල්ලු සියලු දේ ලබා දී අැත. සයිටම් වසා දැමීමට හෝ ජනසතු කිරීමට පෙරමුණ ගත යුත්තේ මහජනතාවයි. වෙෙද්‍ය සංගමය එම වගකීම තමන් වෙත ගෙන කටයුතු කරන්නේ තව අවුරුදු 3,4 කින් මේ රටේ සෟඛ්‍ය සේවාවට සිදු වන්නට යන මහා විනාශයක් වළක්වා ගැනීමටයි. මෙය තේරුම් ගැනීමට තවත් කාලය වැය නොකරන්න.

:       725       313

Susil Saturday, 29 April 2017 03:19 AM

මොන ලෙසකින්වත් වහන්න එපා සයිටම් එක, මේගොල්ල ස්ට්‍රයික් කරපුදෙන්.. හැබැයි ඒ දවස්වල චැනල් තහනම් කරන්න. WHO එකට කියල දොස්තරවරු ගේන්න.. මාසයකට පස්සෙ මේ ගොල්ලො වැඩට එයි.

:       739       1504

mangala welarathna Saturday, 29 April 2017 03:42 AM

රෝගීන් අපහසුතාවයට පත්කරන සියලුම වර්ජන තහනම් කරමු..

:       77       1109

pradeep Saturday, 29 April 2017 03:59 AM

රට පාලනය කිරීමට ජනතාව ඡන්දය දී ආණ්ඩුවක් පත් කර ඇත. මේ ආකාරයෙන් රට අස්ථාවර කර ජනතාවට හිරිහැර කීරීමට මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ඉඩදී තවත් බලා සිටිනවද?

:       202       1628

shan saudi Saturday, 29 April 2017 04:26 AM

රජයේ සියලු දොස්තරවරුන්ට පුද්ගලික රෝහල් වල හා පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගන යාම වහාම තහනම් කරන්න. රජයේ සේවයෙන් විශ්‍රාම ගන්න තුරු පුද්ගලික වෛද්‍ය සේවා තහනම් කරන්න. මේවායින් පිඩා විඳින්නේ අසරණ රෝගීන්ය...

:       134       1434

ලපයා Saturday, 29 April 2017 05:24 AM

සයිටම් වැහුවට කමක් නැහැ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන දහස් ගණන් මුදල් ගරන පෞද්ගලික චැනල් කරන ස්ථාන සහ පෞද්ගලික රෝහල්ද වසා දැමිය යුතුයි. හැම දේකම සාධාරණයක් තිබිය යුතුයි.

:       22       142

dias Saturday, 29 April 2017 06:09 AM

ඉක්මණින් රජයේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. දොස්තරලා දෙවිවරු. දැන් නම් හිතන්නේ ඔවුන් සමයන් කල්ලියටත් වඩා මිනීමරු කල්ලියක් කියලයි.

:       16       90

සඳරුවන් Saturday, 29 April 2017 07:01 AM

වෙෙද්‍යවරු වර්ජනය කරන්නෙ හොර දොස්තරලා හදනවට විරුද්ධව මිසක් වෙන දේකට නෙමෙයි. එ්ක තේරුම් ගන්නෙ නැතුව රට කරන අැමතිලාගේ බොරුවලට තාම රැවටිලා ඉන්න සමහරක් අයට කියන්න තියෙන්නෙ සයිටම් නීතිගත කලාට පස්සෙ.... මෙන්න පුහුණුවක් නැති දොස්තරලා ලෙඩ්ඩු මරනවෝ... කියලා කෑ මොර දෙන්න තියාගන්න එපා. ... විඳ දරාගෙන මැරෙන්න වෙයි හොඳේ...

:       475       257

maheeSunday, 30 April 2017 02:31 AM

දොස්තර මාෆියාවේ ඉන්න කාගෙන් හරි මොළේට බෙහෙත් ටිකක් ගත්තනම් සමහරවිට හරි වැරැද්ද තේරුම් ගන්න මට්ටමකට එන්න පුළුවන්.

:       0       28

kamal Saturday, 29 April 2017 07:02 AM

හොර උපාධි කඩය වැසිය යුතුය. ඔබලාට ජය!

:       252       104

Shan Saturday, 29 April 2017 08:31 AM

ජනතාවනි, දොස්තර මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු. හොර දොස්තරලා ඉවත් කරමු.

:       23       101

sisira Paris Saturday, 29 April 2017 08:38 AM

රට පාලනය කරන්නනේ පරාජිතයන් දෙපිරිසක්... ඒ මදිවට සම්පුර්ණ ඡන්ද දායකයන් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළ පිරිසක්.... කැබිනට් ඇමතිවරු එක ආණ්ඩුවක්ද, කැඳ හැලියක්ද කියලා කාගෙවත් ස්ථිර වචනයක් නෑ. අරමුණක් නෑ. මෙහෙම රටවල් කරන්න පුලුවන්ද ?

:       0       50

samSaturday, 29 April 2017 09:28 AM

එතකොට මිලමුදල් , ඇමති / නියෝජ්‍ය ඇමති තනතුරු දීලා, බරපතල අපරාධ චෝදනා වලින් නිදහස් කිරීමේ පොරොන්දු මත පරාජිතයින්ව බිලි බාගෙන කරපු ආණ්ඩුව හොඳ එකක් වෙන්න ඇති...

:       7       38

SamanSunday, 30 April 2017 02:47 AM

කලින් ආණ්ඩුව ප්‍රංශයේ තරම්ම හොඳ ඇති..

:       0       62

lal Saturday, 29 April 2017 09:04 AM

මොවුන් තනතුරේ සහ වෘත්තියේ නාමයෙන් රටට, ජනතාවට මේ කරන අකටයුතුකම්වලට හා අහිංසක රෝගීන්ගේ ජිවිතත් එක්ක මේ අය කරන විනාසයට දඬුවම් ලැබිය යුතුයි.

:       1       1688

duminda Saturday, 29 April 2017 09:33 AM

අපිත් පුද්ගලික රෝහල් වර්ජනය කරමු. මේ අයට හොඳ පාඩමක් උගන්නමු .... අපේ සල්ලිවලින් ඉගෙන ගෙන අපෙන් සල්ලි අරන් බේත් දීල ... අහිංසක මිනිහට තට්ටු කරන්නමනෙ ඉන්නේ...

:       2       153

aravinda Saturday, 29 April 2017 10:05 AM

රජයේ විශ්ව විද්‍යාල වලට සමාන්තරව, සයිටම් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාලය තව 10-15ක් වත් විවෘත කරන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මා සිතන පරිදි ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුතුව තිබුනේ '70 දශකයෙයි. එදා මෙවැනි ආයතන ආරම්භ කළා නම්, එදා මෙදා තුර, අපේ බොහෝ තරුණ තරුණියන්ගේ තෘතීය අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගන්නට තිබුණා.

:       446       651

Ian Saturday, 29 April 2017 01:17 PM

ලෙඩ්ඩුන්ට ආදරේ නම් අඩු පාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට උදව් කරන්න ඕන. ඒ වෙනුවට කලේ රජයේ ඉස්පිරිතාල වල ඒ අය සායනික පුහුණුව ගන්නවට විරුද්ධ වුණ එක. රජයේ ඉස්පිරිතාල වල ඉන්නේ මහජනතාව.. ඒ අය හරහා සායනික පුහුණුවට එකාධිකාරයක් ගන්න ලෙඩ්ඩුන්ට ගෙවනවද? නැත්නම් සයිටම් හරි වෙන කොහේහරි අය ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින් සායනික පුහුණුව ගන්නවට විරුද්ධ වෙලා, ඊළඟට සායනික පුහුණුව නැහැ.... කියල වර්ජනය කරන්නෙ ලෙඩ්ඩුන්ට ආදරේට කියල විශ්වාස කරන්න තරම් අපි මෝඩයිද?

:       53       681

nipni Saturday, 29 April 2017 02:36 PM

දොස්තර මහතුනි දේශ ද්‍රෝහීන් නොවන්න. වැඩ වර්ජන නවත්වමු...

:       36       555

චාමර Saturday, 29 April 2017 03:50 PM

දොස්තරලා සහ වෙද සිසුන් අද කරන මෙම අරගලය නිසා අනාගතයේ සිදුවන යහපත වෙනුවෙන් අපි සැමදා ඔබ සමඟයි..

:       84       155

saitm Saturday, 29 April 2017 03:52 PM

මේකෙ දාල තියෙන කමෙන්ට් කියෙව්වහම මට නම් හිනාත් ගියා. ගොඩක් අය දොස්තරලට බැනල සයිටම් හරි හොඳයි කියල තියෙන්නෙ. සමහරක් කියල තියෙනවා සියලුම පෞද්ගලික රෝහල් වහල දාන්න ඕනෙ කියලා... හරියට බලෙන්ම මිනිස්සුන්ව ඒවට ඇදල ගන්නව වගේ. මේකෙ හොඳටම පැහැදිලියි කාටවත් කිසි අවබෝධයක් නැහැ සයිටම් එක ගැන. මේකෙ ප්‍රධාන මතෘකාව සයිටම් ජනසතු කරන එක. ඒක හොඳඳ? නරකද? කියල කවුරුවත් කතා කරල නැහැ.

:       10       171

ලක්සිරි Saturday, 29 April 2017 07:59 PM

පෞද්ගලික රෝහල් සියල්ල ජනසතු කොට චැනල් කළුකඩ සීල් තැබීමට රජයට බල කරන මහා බලවේගයට එක්වව්!!!! ලක්සිරි

:       123       250

ජයසූරිය Sunday, 30 April 2017 01:27 AM

වර්ජනය කරනා වෛද්‍යවරුන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර ඉන්දියානු වෛද්‍යවරුන් රැගෙන එන්න. විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීට වල ළමුන වර්ජනය කරනවා නම් ඒ අයගේ ශිෂ්‍ය භාවය අහෝසි කරලා ඊලගට ඉන්න ළමුන්ව ඇතුලත් කරගන්න ඒවාට. රජයට කොන්දක් තිබිය යුතුයි මේ මිනීමරු කල්ලියේ වැඩ පාලනයට.

:       36       155

සාරසු Sunday, 30 April 2017 01:35 PM

මේ මහින්දගේ පෝය දෙකේ ආණ්ඩු පෙරලිය අනේ ද කියන්නෙ.. මහින්ද ට ගිය රට එහෙනම්. ලක්ෂ 62ක් නිකන් බලා හිදී එහෙනම් ..

:       0       0

සරණ Sunday, 30 April 2017 01:41 PM

ඔයදේට කීයටවත් ඉඩ දෙන්න එපා.... සයිටම් විතරක් නෙවෙයි.. ඒ වගේ කීපයක් ඕන.. අපේ රටේ ළමයි කීයක් රට යනවා ද? ඒ ළමයි තම රටේම ඉගෙන ගන්න තියෙනවා නම් හොඳයි... ආණ්ඩුව කරන්නෙ කවුද කියලා බලන්න හොඳ වෙලා ව මේක...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 51 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 474 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 460 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 267 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 495 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2473 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site