IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් අර්බුදය විසඳන්න ජනපතිට අගමැතිට මැදිහත්වන්නැයි ඉල්ලයි

(ඩයනා උදයංගනී)

ත්‍රෛනිකායික මහ නා හිමිපාණන් වහන්සේලා කළ ඉල්ලීම අනුව සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිත් අගමැතිත් වහා මැදිහත් විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ප්‍රෝඩාකාරී ආයතන රැකගැනීමේ අරමුණින් බැහැරව හා රාජිත සේනාරත්න වැනි ඇමැතිවරුන්ගේ බලපෑම්වලට නතු නොවී මෙම විසඳුම ලබාදීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් 8 දෙනා ඒකමතිකව ඉදිරිපත් කර ඇති යෝජනා පදනම් කරගෙන සැමට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බව මහ නා හිමිවරුන් අවධාරණය කර ඇතැයි කී ලේකම්වරයා සයිටම් ආයතනයට තව දුරටත් සිසුන් බඳවාගැනීම ස්ථිර වශයෙන් අහෝසි කිරීම සඳහා බලධාරීන් වහා පියවර ගත යුතු බවත්, ඒ හරහා සමස්ථ අර්බුදය විසඳීමට සාධනීය ප‍්‍රවේශයක් ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.



අදහස් (14)

සයිටම් අර්බුදය විසඳන්න ජනපතිට අගමැතිට මැදිහත්වන්නැයි ඉල්ලයි

bandara Monday, 16 October 2017 04:11 PM

ජනාධිපති සහ අගමැතිට වඩා බලවත් පුද්ගලයා තමයි අනුරුද්ධ පාදෙණිය. මහානායක හාමුදුරුවොත් එකටත් නම්‍යශීලී වෙන්න කීව්වා නම් නේද හොඳ? එක පැත්තක් ගන්නේ නැතිව.

:       436       1042

mangalaMonday, 16 October 2017 05:38 PM

එ්කනම් සහතික ඇත්ත. එක පැත්තක් විතරයි බලලා තියෙන්නේ..

:       204       287

PriyanthaTuesday, 17 October 2017 02:22 AM

පාදෙනියට වැඩිය රාජිත බලවත්.

:       0       3

Susinil Monday, 16 October 2017 07:22 PM

හාමුදුරුවෝ හරියට හරි. ඔය හොර කඩේ වහල දානකම් ඔය ප්‍රශ්නේ විසදෙන්නෙ නම් නැහැ. ඕක හින්ද අපිට බෙහෙත් ගන්නත් නැහැ. දොස්තර මහත්තුරුන්ගේ වැරැද්දක් නැහැ. ඒ ගොල්ලො කියන එක ඇත්ත,

:       844       1054

aruna Monday, 16 October 2017 07:41 PM

සුසිනිල්ගේ හොර කඩේ කොහෙද තියෙන්නේ ???

:       404       357

Kumara (galf) Tuesday, 17 October 2017 05:22 AM

අරුණ මම නම් හිතන්නෙ සුසිනිල් කියන්නේ අර මාලබේ තියෙන්නේ සයිටම් කියල ළමයින්ගෙන් සල්ලි අරන් ඒ ළමයින්ට වංචා කරන තැනක්. අරුණ ඔයා මාලබේ ගියොත් ඔයා තැන බලා ගන්න පුළුවන් වෙයි.

:       119       172

de silva Tuesday, 17 October 2017 06:34 AM

මෙතන තිබෙන එකම ප්‍රශ්නේ වෛද්‍ය විද්‍යාල සිසුන් දොස්තර මාෆියාවේ උසිගැන්වීම පිට ඉගෙන්න ගන්නේ නැතුව පාරේ රස්තියාදු වෙමින් ජනතාවට් කරදර කිරීම , ඔය මොන විද්‍යාලෙන් පිටවුනත් දොස්තරලා අපිට නොමිලයේ බෙහෙත් නොදේ. එහෙම එකේ අපි මේගොල්ලගෙන් කොටසක් අපේ බදු සල්ලි වලින් ඉගෙන ගන්නේ නැතුව තම වියදමෙන් ඉගෙන ගැනීමේ වරදක් නොපෙනේ. නමුත් මේ දෙගොල්ලම එක විභාග වලට පෙනී සිටීම අනිවාර්ය කල යුතුය එතකොට ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නෙකුත් නැහැනේ

:       154       105

jeewanTuesday, 17 October 2017 08:23 AM

මම නම් දන්න විදියට රජයේ රෝහලක ගියොත් නොමිලේ දොස්තර මත්තුරු බලනවා. ඉස්පිරිතාලේ බෙහෙත් තිබුනොත් ඒවත් ඔයාට දෙයි. හැබැයි බෙහෙත් නැති උනොත් ඔයා කෙලින්ම රාජිත ගාවට යන්න. එයා laptop එකෙන් බලල බෙහෙත් ගන්න ඕන තැන කියයි. මොකද එයාගේ laptop එකේ විතරයි තියෙන්නේ මොන phamacy වලද බෙහෙත් තියෙන්නෙ කියල.

:       12       84

Kandepola Tuesday, 17 October 2017 07:22 AM

සයිටම් කියන්නේ ඉතාම සරලව කාටත් සාධාරණ විදියට විසඳිය හැකි ගැටළුවක්. හැබැයි අපේ රට පාලනය කරන නායකයන් දැන් ඒක වන කරගෙන ඉන්නේ. ඇත්තටම රටේ දේශපාලන නායකයින් දන්නේ නෑ ඔවුන් මොනවද කරන්නේ කියලා. ධනයෙන් බලයෙන් සැප සම්පත් වලින් අන්ධ වෙලා ඉන්නේ. ඕනෑම දෙයක් කල හැකි බලයක් තිබෙන දේශපාලන නායකයින්ට කොච්චර ලස්සනට රටක් පාලනය කල හැකිද? කොච්චර ප්‍රශ්න තිබුනත් රටේ ජනතාවගෙන් බැනුම් අහන්නේ නැති විදියට වැඩ කරන එකත් එක්තරා කලාවක්. එහෙම බලපුවහම අපේ නායකයින් කොච්චර අසමත්ද..?

:       27       134

one srilankan Tuesday, 17 October 2017 08:09 AM

ප්‍රශ්නය වසන්න පහසුම මග......රාජිත කිරිඇල්ල සහ එස් බී ඉවත් කර ජනතා හිතවාදීන් පත් කරන්න.....තනතුරුවලට .....ජනාිධපති හරි තීරණයක් ගන්න කොන්ද කෙලින් තියාගන්න .....බහුතර ජනමතය උදෙසා සයිටම් වසා දමන්න.....එහෙම නැතුව එදා මමත් එක්ක එලියට බැහැපු රාජිත මොන බලු වැඩක් කලත් මම කොහොමද එරෙහි වෙන්නේ කියල හිතන්නේ නැතුව......එතකොට සියල්ල පීඩනයෙන් මිදෙයි..... එහෙම නැතුව මහින්ද මේක කෙරුවේ කියල ඇත පිහදන්නේ නැතිව.....මහින්දලාගේ එවැනි වැඩ නිසියි මෛත්‍රීලා රනිල්ලා විස්වාස කරලා පත් කලේ......

:       47       75

Rohan Tuesday, 17 October 2017 09:31 AM

මේ දොස්තර සංගමයට තියෙන්නේ බාලගිරි දෝෂය. ලේමපිල්ලෝ වගේ අසරණ ලෙඩ්ඩුන්ව ඇපයට තියාගෙන දොස්තර මාෆියාව රැකගන්න. නැත්තම් මේ දොස්තරලා ලෙඩ්ඩු මරන්නැද්ද? ඕන කෙනෙක් දන්නවා ලෝකේ හැම රටකම පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල තියෙනවා. ඒවායින් පිටවෙන දොස්තරලා යස අගේට ඒ රටවල සේවය කරනවා. යහපාලනය දොරේ ගලන නිසා දොස්තර සංගමය බලය අතට අරගෙන තියෙන්නේ. ප්‍රමාදවී හෝ ආණ්ඩුව දැඩි තීරණයක් ගන්න.

:       265       216

naradha Tuesday, 17 October 2017 11:14 AM

සයිටම් වැනි ආයතන වැසිය යුතුයයි මොර දෙන්නේ දැනට සරසවි තුල සිටින සුළුතරයක් සහ ලංකාවේ දොස්තර මාෆියාව පමණයි. සෑම වසරකම සුදුසුකම් ලබා තිබියදීත්, සරසවි වරම් අහිමි වන 80% කට වැඩි බහුතරයක් සිසුන් මෙවැනි පුද්ගලික ආයතන තුලින් තමන්ට අවශ්‍ය තෘතීය අද්‍යාපනය ලබා ගැනීමට කැමතියි. එම නිසා රටේ බහුතරයකගේ සුභ සිද්දිය සඳහා, මෙවැනි ආයතන කිසි සේත් වසා දැමිය යුතු නැති අතර, එවැනි ආයතන තව තවත් විවෘත වීමයි සිදු විය යුත්තේ.

:       16       2

de silva Tuesday, 17 October 2017 02:57 PM

ජීවන් මහතා කියන විදිහට රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න ගියහම පැය 2-3 පෝලිමේ ඉන්දලා රස්තියාදු කරලා ඇටෙන්ඩන්ලගෙන් බැනුම් අහල සමහරවිට හිස් අතින් ගෙදර යන්න වෙනවා , නිදහස් අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපන සුදුසුකම් තිබෙන සල්ලි තිබෙන කෙනෙකුට නිදහසේ තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියන එක, දොස්තර සංගමය කරන්නේ හැමදාම ජනතාව ප්‍රාණ ඇපයට තබමින් තම ඉල්ලීම් දිනා ගැනීම. මෙදාපාර වැඩේ අනාගෙන, දැන් කියනවා ජනාධිපතිට අගමැතිට ප්‍රශ්නය විසදන්න කියල. ළඟදීම අධිකරණ තීන්දුව ලැබේවි, රජයට කරන්න තිබෙන්නේ තීන්දුවට අනුකුලව කටයුතු කරන්න. යමෙක් එම තීන්දුවට විරුධව උද්ගෝෂණය කලොත් කරන්න තිබෙන්නේ අර හම්බන්තොටදී කලාවගේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අධිකරණයට අපහාස කරන මිනිස්සු අල්ලලා රිමාන්ඩ් කර නඩු පවරන්න.

:       24       0

ManjulaWednesday, 18 October 2017 04:43 AM

ඔබතුමා ගැන බොහොන දුකයි මේ වගේ බොලඳ අදහස් දැක්වීම ගැන. ඉස්පිරිතාලේදී ඇටෙන්ඩන්ට් කෙනෙක් ඔයාට බැන්න කියල එකේ වැඩ කරන දොස්තර මහත්තුරු මොනවා කරන්නද? ලෙඩ්ඩු තුන් හාරසිය බෙහෙත් ගන්න එද්දී, බෙහෙත් දෙන්න ඉන්නෙ දොස්තර මහත්තුරු තුන් හතර දෙනෙක් නම් ඔයාට කලින් ආපු ලෙඩ්ඩුන්ට බෙහෙත් නොදී ඔයාට මුලින්ම බෙහෙත් දෙන්න කියලද ඔයා කියන්නෙ. එතකොට ඒක අනිත් ලෙඩ්ඩුන්ට කරන අසාධාරණයක් නෙමෙයිද? විනාඩියෙන් බෙහෙත් දෙන්න එක ලෙඩෙකුට එක දොස්තර මහත්තය ගානේ දාන්න කියලද කියන්නෙ. අනිත් එක කෙනෙක්ට සල්ලි තිබුන පලියට එයාට ඒ ක්ෂේත්‍රය ගැන අවබෝදයක් නැත්තන් සල්ලි වලට අපේ ජිවිතේ අවදානමට දාන්න දෙන්න පුලුවන්ද. එහෙම ඉගෙන ගන්න කට්ටියගෙන් අපි බෙහෙත් ගනිද්දී කොහොමද අපි විශ්වාසයක් තියා ගන්නෙ අපේ ජිවිත ගැන. රජයේ විශ්ව විද්‍යාලවල පවතින ඒ ප්‍රමිතිය මේවගේ තියනව කියල කොහෙද සහතික කරලා තියෙන්නෙ.අඩුම තරමේ ඒ ආයතනය ඒ ප්‍රමිතීන්ට අනුකුලව හදල නැත්තන් ඉතින් ප්‍රමිතීන් ගැන තව මොන කතාද.

:       1       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 47 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 200 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 74 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 525 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 680 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 363 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site