රංජන් කස්තුරි
පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප‍්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කෙරෙන බව සඳහන් කරමින් හා ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින් අධ්‍යාපන ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඇතැම් කණ්ඩායම් සැලසුම් සහගත ලෙස එම ව්‍යාජ ප‍්‍රවෘත්තිය වසන් කිරීම නිසා අධ්‍යාපන අමාත්‍යවරයාටත් අධ්‍යාපන අමාත්‍යංශයේ කීර්තිනාමයටත් දැඩි බලපෑමක් එල්ල වන අතර උසස් පෙළ විභාගයක් පවතින අවස්ථාවකදී ගුරුවරුන් සම්බන්ධයෙන් මෙවැනි කරුණු පළවීම මහජන කැළඹීමකට හේතුවිය හැකි බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
එක්තරා ඉරිදා පුවත්පතක පළ වූ ප‍්‍රවෘත්තියක් ලෙස හුවා දක්වමින් එම අසත්‍ය කරුණු කිසියම් පිරිසක් විසින් වෙබ් අඩවි සහ මුහුණුපොත ආදී සමාජ ජාලාවල පළකර තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
අධ්‍යාපන ලේකම්වරයාගේ ලිඛිත පැමිණිල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ නීති නිලධාරිනී සුරංගි පෙරේරා, මාධ්‍ය අධ්‍යක්ෂ සුගත් ධර්මපි‍්‍රය, මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න යන මහත්ම මහත්මීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබිණි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සමාජ ජාල භාවිතා කරන්නන්ට එරෙහිව අධ්‍යාපන ලේකම්ගෙන් පැමිණිල්ලක්