IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සන්ධ්‍යාට තර්ජනය කළැයි ගලගොඩඅත්තේ හිමියන් වරදකරු කරයි

(කේ බුද්ධික කුමාරසිරි )
 
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත‍්‍රාත් උදේස් රණතුංග මහතා අද (24) තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය. 
 
තවද අද (24) උන් වහන්සේගේ ඇගිලි සටහන් ලබා ගැනීමටත් ජුනි 14 වැනි දා හඳුනා ගැනීම සහ දඬුවම් නියම කිරීමටත් මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
 
ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනි දා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මගින් පනවා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත් වරයා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදී.



අදහස් (15)

සන්ධ්‍යාට තර්ජනය කළැයි ගලගොඩඅත්තේ හිමියන් වරදකරු කරයි

ඇක්මන් Thursday, 24 May 2018 09:40 AM

මේ චීවර ධාරියාට බුදුබණ අමතක වෙනවා නිතරම

:       3       86

ඇක්මන් Thursday, 24 May 2018 09:40 AM

චීවර ධාරියන්ට බුදුබණ අමතක වෙනවා නිතරම

:       4336       1317

ඇක්මන් Thursday, 24 May 2018 09:40 AM

මේ චීවර දාරියාට බුදුබණ අමතක වෙනවා නිතරම..............

:       4028       1217

සෙනෙවි Thursday, 24 May 2018 10:01 AM

මෙම ජයග්‍රහණය ගැන සතුටු විය හැක්කේ අන් අයට පීඩා කරන්න වුන් නැතිවු දිනකය

:       3209       1422

tommy Thursday, 24 May 2018 10:08 AM

චීවරයක් හැඳගත් පමණින්ම, කෙනෙක් තුළට සීලය ඉබේම පැමිණෙන්නේ නැහැ.

:       3388       1576

kap Thursday, 24 May 2018 11:10 AM

තර්ජනය කරේ නැහැ. සද්දෙන් ධර්මය දේශනා කරලා බන කිව්වා.

:       2658       1304

ලුම්බිණි Thursday, 24 May 2018 12:37 PM

බලමු මේ වතාවේ වත් දඩුවම් දෙයිද කියල.

:       1       1

dayanath Thursday, 24 May 2018 01:10 PM

කොට්ටෝරුව හැම ගහටම කොට කොට යනවා. කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා.

:       1       36

Jagath Leanage Thursday, 24 May 2018 01:37 PM

ඔය ප්‍රදීප් එක්නෙලිගොඩ කියන මහත්තය හරිම අහිංසක එක්කෙනෙක් . නේද ?

:       38       69

sanathThursday, 24 May 2018 05:57 PM

මොනවගේ කෙනෙක් උනත් වධ දීල අතුරුදහන් කරන්න පුලුවන්ද?

:       1       38

BamunuarachchiFriday, 25 May 2018 05:13 AM

ඔව් ඔව් සද්ද නැතිව ඉන්න දන්නා නිසා NGO කාරයින්ට පුළුවන් මිනිහව හංගන් ඉන්න.

:       47       1

Bamunuarachchi Friday, 25 May 2018 12:47 AM

අම්මයි දුවයි හරි තන් තෝසෙන් යනවා වගේ. අනේ මෙහෙමත් සිංහලයෝ මට නම් නුඹලා ගැන අනුකම්පාවක් නැත.

:       240       1

Rajah Friday, 25 May 2018 08:50 AM

අනේ බමුණුආරච්චි මහතාණෙනි ඔබගේ මවට හෝ දුවට මෙවැනි දෙයක් සිදුවුවහොත් ඔබට තේරේවි ඒ අයට දැනෙන වේදනාව. කරුණාකර අපහාස කරන්න එපා. සිංහල, දෙමල, මුස්ලිම්, කියා වෙනසක් නැහැ. අසාධාරණයට එරෙහිව නැගී සිටීම ගැන, ඔය අම්මට හා දුවට මගේ ප්‍රණාමය. යුක්තිය ජයගත්බව පේනවා!

:       1       322

sena Saturday, 26 May 2018 12:20 PM

ලොකු කණගාටුවක් ඇතිවුනා.

:       0       0

Bamunuarachchi Monday, 28 May 2018 02:03 PM

අපේ හාමුදුරුවනේ ජාතිය බේරා ගන්න කරන ඕනෑම දෙකට සිංහල බෞද්ධ අපි ඔබ සමගයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 26 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 53 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 214 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 472 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 122 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 126 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site