(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දුන් බව පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද(19) පැවසීය.
ඉහත ලිපිය භාර දීම අද(19) පෙරවරුවේ සිදුවූ අතර පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කර එහි තීන්දුව අනිද්දා(21) දැනුම් දෙන බව අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් හෙතෙම කියා සිටියේය.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද(19) පස්වරුවේ පැවැත්විණි.
පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී සුපුරුදු ආකාරයට පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කෙරිණි.
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධී
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සතියක් තුළ ජනපති අපේක්ෂකයා නම් කරන්නැයි එජාප මන්ත්‍රීවරු ඉල්ලති
ධම්ම Monday, 19 August 2019 04:19 PM
කොල්ලෝ ටික රනිල්ව බිත්තියටම හේත්තු කළා නේද?
පුරවැසියා Monday, 19 August 2019 06:26 PM
සද්දවලට බයේ වැනෙන නායකයෝ එක්සත් ජාතික පක්ෂයෙ නොමැත. එතුමා නායකයා වූ දිනයේ සිට ඔහුව නායකත්වයෙන් පලවාහැරීමට නොගත් උත්සහයක් නොමැත. නමුත් ඔහු තවමත් නායකත්වයේ රැදී සිටීමේ රහස උගත්කම සහ බුද්දීමත්කම සහ ඕනෑම සද්ද බද්ද වලට නොසැලී සිටීමේ ගුණය නිසාය.
sunilTuesday, 20 August 2019 04:15 AM
ඇත්ත. රටේ පුරවැසියන් 250 ක් මොහොතින් පුපුරා ගියත්, මෙතුමා වගකීමක් නොගෙන නොසැලීම සිටින්නේය.
sirisenaTuesday, 20 August 2019 04:18 AM
රනිල් එක්ක ඔය කැහී කොල්ලන්ට හැරෙන්නවත් පුලුවන්ද?
Prabha Monday, 19 August 2019 05:36 PM
ඒක හොඳයි. අනුන්ගේ අපේක්ෂකයන්ගේ වගතුග හොයන්නේ නැතිව තමන්ගේ කෙනෙක් පත් කරගන්න
Chanak los sngeles Monday, 19 August 2019 08:14 PM
මගේ අනාවැකිය කරු . ඔහුගේ අත් කිලිටි නැත .
KANDEPOLA Tuesday, 20 August 2019 05:12 AM
අයියෝ .... ලැජ්ජයි....
Indhika Tuesday, 20 August 2019 06:47 AM
හදිස්සි වෙන්න එපා. ඡන්දෙ ඉවර උනාම පත් කලාම ඇති.
thilakasiri Tuesday, 20 August 2019 08:30 AM
මේ මන්ත්‍රීවරු 54 දෙනා ඉල්ලුවට මොකටද අපේක්ෂකයා නම් කරන්නේ? රටේ ජනතාවට කලබලයක් නැත. රනිල් හෝ සජිත් හෝ ඝෝටාභය හෝ වෙනත් පුද්ගලයෙකු රටේ ජනතාවට ලොකු නැත. රටේ ජනතාවට ලොකු ලෝකෙන් ණයට අරන් රජයේ සේවකයින්ට පඩි ගෙවන තත්වයක තිබෙන මේ රට ගොඩ ගැනීමට වැඩපිළිවලක්ය. ඒ ඒ විෂය ඥානය හා පලපුරුද්ද මෙන්ම උගත්කම මෙහෙයවා රටේ ඇති සියලු බේද මෙන්ම ලෝක බලවතුන් ඇතුළු සියලුම ආකාරයන්ගෙන් රටට පිටින් එන බලපෑම් පාලනය කරගනිමින් සාමුහිකව කලයුතුය. එය ඉතා බැරෑරුම් වැඩකි. මේ වැඩය සජිත්ගේ හෝ ඝෝටාභයගේ හෝ වෙනයම් කෙනෙකුගේ තනි මතයට කිසිසේත් කළ නොහැක. ඇරත් අද ජනාදිපති පදවියට පත්වන කව්රු උනත් දැනගතයුතු ප්‍රධාන කරුණ වෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හිතුමතේට වැඩ කළ නොහැකි බැවින් එකිනෙකාගේ නමින් යුග බිහිකර රටවැසියා මෝඩයින් කර තම සුදිය ලැබූ යල්පැනගිය පාලනය අවසාන බවය. සජිත් ප්‍රමදාස යුගය හෝ ඝෝටාභය යුගය බිහිකරන්න හිතන ඔල්මොටලයෝ මේ බව වටහාගෙන නැත. පාවෙන බුද්ධිමත් ජනතාව තම නමින් යුග බිහිකරන බව කියමින් මමත්වය මතු කරමින් කෑමොර දෙන අය ප්‍රතික්ෂේප කරන අතර. ඉහත කි වැඩපිළිවෙල ගැන කියන අයට පමණක් ගරුකරන බවත්. කැමැත්ත දෙන බවත් දැනගන්න.
Chanak los angelesWednesday, 21 August 2019 06:09 AM
ඒ වුනාට සාටකයන් කියන්නේ ඔවුන් නැතිව රට කරන්න බැහැ කියලා ඔවුන්ට වහල්කම් කරනවුන් කියන්නේ කරන වහල්කමෙන් මිදෙන්න බැහැ කියලා. මාර වැඩේ .
sirimal Tuesday, 20 August 2019 08:47 AM
දැන් කියනවාලු 2015 බලවේග සියල්ල එකමුතු කරගෙන අනුර කුමාර පොදු අපේක්ෂකයා කරමු කියලත්. මෙහෙමත් කෝලම්.
Chanak los angelesWednesday, 21 August 2019 06:02 AM
නියමයිනේ මොකක්ද එකේ වරද ?