IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සජිත් හෙට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රිවරුන් අතර විශේෂ හමුවක් හෙට (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසු අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේ දී මෙම හමුව සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි පසුපෙළ මන්ත‍්‍රීවරුන් විසින් එහිදී නිල වශයෙන් ආරාධනා කර සිටින බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ සියලූම පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන හමුවේදී ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ සහ පවතින ගැටලූ සම්බනධයෙන් ද සාකච්ඡා කිරිමට නියමිත බවත් හේෂා විතානගේ මහතා පැවසීය.



අදහස් (15)

සජිත් හෙට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවෙයි

dasa Sunday, 18 August 2019 10:37 AM

ඔබතුමා තව සුදුසුකම් සහ පළපුරුද්ද ලබාගෙන වයස 60 දි විතර ඉල්ලන්න.

:       1012       1682

lal Sunday, 18 August 2019 12:07 PM

යු. එන්. පි. එක ඉඩ දෙන්නේ නැත්නම් ඔබතුමා බය නැතුව ස්වාධීනව ඉල්ලන්න. ජය නියතයි. වයස 60 වෙනකම් නම් ඉන්න එපා. වයස හැටේ හා ඊට වැඩි අය අවුරුදු 74 ක් රට පාලනය කරලා මක්කද මේ රටට කරලා තියෙන්නේ ?

:       180       17

adam Sunday, 18 August 2019 01:08 PM

මෙයා අඩු නැතිව දවල් හීන දකිනවා

:       0       0

Chandra Sunday, 18 August 2019 01:52 PM

ලැජ්ජයි...මේ වගේ කෑදර අයද රට හදන්න යන්නේ ? දැන් රටට අවශ්‍ය වෙන්නේ වැදගත් මහත්මා ගතිගුණ ඇති කෙනෙක් . මේ රට අගාධයට ගියේ පසුගිය යුගයේ ඡන්දදායකයින් මුදලට යටකරගෙන ඡන්ද කොල්ල කාපු නිසා . ඒවා හරිගස්සන්න තමයි 2015 පෙරළිය ඇතිවුනේ . දැන් මේ වෙන්නේ එයිට හපන් වැඩක් . කෑදර කම නිසා ජනතාව අතරමං කිරීමක් .

:       78       726

Rata Perata Sunday, 18 August 2019 02:07 PM

විනයක් ඇතුව වැඩ කරන්න පක්ෂයක් හැටියට. තණ්හාව ශෝකයට හේතුවෙයි.

:       82       462

saali Sunday, 18 August 2019 02:53 PM

වෙනත් අයෙක් මෙයා පිටුපස ඉන්නේ,

:       0       0

kuma Sunday, 18 August 2019 04:46 PM

යු. එන්. පි. එක ඉඩ දෙන්නේ නැත්නම් ඔබතුමා බය නැතුව ස්වාධීනව ඉල්ලන්න. ජය නියතයි.

:       0       0

Chanak los angeles Sunday, 18 August 2019 06:49 PM

අපේක්ෂකත්වය නොලැබුණොත් කුමක් වෙයිද දන්නේ නැහැ...

:       0       0

රවින් Monday, 19 August 2019 02:38 AM

ඔය හම්බවෙන්න යනවයි කියන පසුපෙළ කට්ටියටත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සුදුසුකම් තියනවාද ?

:       0       0

keerthi silva Monday, 19 August 2019 02:48 AM

මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ පක්ෂයට ඡන්ද ලබාගතහැකි ජනතාවගේ විශ්වාසය තිබෙන පුද්ගලයකු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කිරීමයි. එසේ නැතිව නායකත්වය රැකගැනීමට උප්පරවැට්ටි යොදමින් කාලය මරමින් බොරු කමිටු පත්කරමින් අතීතයේ මෙන්ම අද ද කරන මේ ප්‍රෝඩාව අවසාන වනුයේ වසර 24 ක්ම එ.ජා.ප.යට ජනාධිපතිවරයෙක් නැතිවුවා සේම මෙවර ද එම ඉරණම අත්වීමයි.

:       0       0

lalithm Monday, 19 August 2019 02:54 AM

එජාපෙන් නුදුන්නොත් තනියම ඉල්ලන්න. පසු පෙළ අයවලුන් උදව් කරනවානම් පරණ නායකයින්ගෙන් වැඩක් නැහැ අලුත් සන්ධානයක් ඉබේම හැදෙනවා

:       0       1

sharm warn Monday, 19 August 2019 03:26 AM

පක්ෂයේ එක්සත්කම තියෙන්නේ නමේ විතරයි .. ඇතුළේ කිසිම එක්සත් කමක් නැහැ .එකනේ ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද වලින් ගොඩ යන්න හදන්නේ..

:       1       0

Mohamed Rizan Monday, 19 August 2019 05:22 AM

මුස්ලිම් හැම කෙනාම සජිත්ට ඡන්දේ දෙනවා. මොකද අපේ ගොඩක් වැඩ වලට සජිත් උදව් කරනවා .රටේ අපිට යම් බලයක් ලැබුනද , එය ලැබුනේ සජිත් සහ රනිල් නිසයි. අපේ ආරක්ෂකයා සජිත් කියල බය නැතුව කියන්න පුළුවන්.

:       1       1

BamunuarachchiMonday, 19 August 2019 12:11 PM

සිංහල අපිට අයිතිදේ තමයි හම්බයින්ට දීලා තිබෙන්නේ... ඒ නිසාම අපි සජිත් - රනිල් දෙපළව ඉවත් කරනවා.

:       9       0

thilakasiri Monday, 19 August 2019 08:51 AM

සජිත් ගියත් එජාපයට හානියක් නැත. සජිත්ගේ පියා 1970 සිට ජේ.ආර්. ට හන්චි පිටහන්චි ඇද ඩඩ්ලිගෙන් පස්සේ පක්ෂ නායකයා වෙන්න දඟලලා ජේ.ආර්. 1977 දී 5/6 ක් බලය ලබා විධායක ජනපති වී සිටියදීත් ජේ.ආර්. විරෝධීන් සමග එකතුවී 1983 කලුජුලිය ජේ.වී.පී. භීෂණය ඇතුළු සියලු රාජද්‍රෝහී වැඩවලට වක්‍රව සහය දෙමින් එදා පක්ෂ සභාපති ඇතුළු ජේ.ආර්. හිතෛෂීන් 6000ක් ගැන කියූ දැන්වීම් ගහන තත්වයට රටේ භිෂණය මතුකරන්න මගපාදා... ඒ භීෂණයම තම වාසියට හරවාගෙන හොර ඡන්ද පෙට්ටි ගණන් දාලා ජනපතිවෙලා ඔහුගේ ජීවිතයත් නැතිකරගත්තේ හරි දැක්මක් නැතිව යුද ආයුධත් දෙමින් කොටි සමග කළ ගනුදෙනු නිසයි. එසේ ඔහු මියගියේ එජාපය වලපල්ලටම යවලයි. සජිත් ඇතුළු පිරිසගේ ද්‍රෝහිකම් උහුලාගෙන රනිල්ගේ උපාය කෞෂල්‍ය ඥාණය හා පළපුරුද්දෙන් ලැබූ සියුම් ප්‍රඥාව නිසා තමයි අද තත්වයට එජාපය නගා සිටෙව්වේ. සජිත් ගියත් අදත් එජාපයට දිනන්න පුළුවන් බව ස්ථිරයි. සජිත් වැනි පක්ෂයේ මතයක් නැතිව අත්තනෝමතිකව බල පෙරේතකමේ මමයි ජනපති අපේක්ෂකයා කියන කෙනෙකුට ඉඩදෙනවා කියන්නේ පාසල් ළමුන්ට පවා නොහොඹිනා ආදර්ශයකි.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 65 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 30 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 333 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 524 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 298 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 253 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site