IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිපයට අපහාස කරන්නන්ට එරෙහිව නීති පියවර ගැනීමට යයි

(ඩයනා උදයංගනී)


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ඇතුළු එහි මැතිවරණ අපේක්‍ෂකයින්ට මැතිවරණ වේදිකාවේදී අපහාස කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ට එරෙහිව හා ශ්‍රීලනිපයේ වර්ණය වන නිල් පැහැය වෙනත් පක්‍ෂයක් විසින් යොදාගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්‍ෂය පවසයි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් වන ප්‍රසන්න රණතුංග සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන්ට එරෙහිව මැතිවරණ, අපහාස හා ගිවිසුම් කඩකිරීමේ නීති යටතේ මෙසේ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්‍ෂය සඳහන් කරයි.


එමෙන්ම ශ්‍රීලනිපයේ වර්ණය වන නිල් පැහැය වෙනත් පක්‍ෂයක් විසින් තම වර්ණය ලෙස යොදාගෙන තිබීම තහනම් කිරීමට ක්‍රියාකරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.


මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානවලට අනුව යම් අපේක්‍ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් හා අගතියට පත්වන අයුරින් කටයුතු කිරීම වරදක් බැවින් ශ්‍රීලනිප අපේක්‍ෂකයින්ට එරෙහි ප්‍රකාශ විකාශය කරන මාධ්‍යවලට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (7)

ශ්‍රීලනිපයට අපහාස කරන්නන්ට එරෙහිව නීති පියවර ගැනීමට යයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 July 2020 02:08 PM

තම තමන් කළ කීදේ වේදිකාවල්වල කීවාට අපහාස වෙනවාද කියා දන්නේ නැහැ.. අපහාසය ඔප්පු කිරීම හිතන තරම් ලෙහෙසි පහසු නැහැ. වර්ණාවලියේ තිබෙන පාට එකඑක දේශපාලන පක්ෂ වලට බදු දීලා නැහැ. මම හිතන්නේ අපහාසය කෙසේවෙතත් වර්ණාවලියේ තිබෙන පාට ගැනනම්, දේශපාලන පක්ෂ වලට අයිතියක් කියන්නට බැහැ. එහෙම පුළුවන් වුණොත් වැඩේ හොඳට හිටීවි..

:       0       23

Kamal Koyrala Tuesday, 14 July 2020 03:31 PM

පක්ෂයේ ලේකම්තුමා අතිදක්ෂ නීතියෙක්නේ. වහාම කේස් වයිල්?කරලා දෙන්නාගේ අපේක්ෂකත්වය අහෝසි කරන්න පුළුවන් වේවි.

:       0       6

sena Tuesday, 14 July 2020 03:41 PM

ලොකුම අපහාසය කෙරුවේ මෛත්‍රීපාල මහත්තයා තමයි.

:       0       5

Rata Perata Tuesday, 14 July 2020 03:49 PM

ආයෙත් අලුතින්?කරන්න අපහාසයක් නැහැ. ඔය පාස්කු ප්‍රහාරය වළක්වන්නේ නැතිව 250ක් මරලා කරපු අපහාසයම ඇති.

:       0       11

Rohana Wednesday, 15 July 2020 03:02 AM

ශ්‍රී ල නි පක්ෂයක් දැනට තිබෙනවාද? එහි සාමජිකයින් ගනන කොපමණද?

:       1       7

ranjith Wednesday, 15 July 2020 06:03 AM

අපේ රටේ විලිලැජ්ජාවක් නැති දේශපාලනය එක සන්ධානයක් ඇතුලේ තියෙන දේවල් ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම කියලා ජනතාව මුලා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බල කණ්හාවෙන් පාර්ලිමේන්තුවට 225 දෙනා යන එකද? ඊට වඩා රටේ තහවුරු කළයුතු දේවල් නැතිද?

:       0       0

de silva Wednesday, 15 July 2020 06:09 AM

විකාර ඕවා කරන්න තිබුණේ 2016 දී පොහොට්ටුව හදන කාලේ, දැන් ඕවා කිව්වට කිසිවකු බිය වෙන්නේ නැහැ. ජනප්‍රිය වෙන්න වැඩිවැඩියෙන් ඔය වැරැදි කරාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 76 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 413 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 274 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 385 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 882 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1604 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site