IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැති හමුවෙයි

(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද (9) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් රජ්‍ය සේවයටත් , සෞඛ්‍ය පද්ධතියටත් සහ පොදුවේ වෛද්‍යවරුන්ටත් බලපාන ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන නව අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

ලෝක වෙළඳ සංවිධානය තුළ සිංගප්පූරු වෙළඳ ගිවිසුම පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගිවිසුම නැවත සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම සාකච්ඡාවේදී අගමැතිවරයා එකඟතාවය පළකළ බවද ඔහු කීවේය.

එමෙන්ම වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් මර්දනය කරන නීති ප්‍රතිපාදන අන්තර්ගත යෝජිත පනත මර්දනකාරී ස්වභාවයෙන් කිසිසේත් ඉදිරියට ගෙන නොයෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වූ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

මීට අමතරව ජාතික වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවය සඳහා දීමනා ප්‍රතිපත්තිය සකස් කිරීම ආදී කරුණු ගණනාවක් සඳහාද එහිදී එකඟතාවය පළකළ බවද ලේකම්වරයා පැවැසීය.

මීට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශපාලන අතපෙවීම් වලින් තොර ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය සකස්කර දීමටත් නව සෞඛ්‍ය ඇමතිවරයා සමඟ එක්ව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් අග්‍රාමාත්‍යවරයා ආශීර්වාදය පළකළ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.



අදහස් (8)

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැති හමුවෙයි

harshana Friday, 09 November 2018 01:02 PM

පාදෙනියට කුරුණෑගලින් නොමිනේෂන් ඉල්ලුවේ නැත්ද?

:       1299       809

Nishantha Friday, 09 November 2018 01:55 PM

දැන් ඕනේ නම් සයිටම් එක වහගන්නත් පුළුවන්නේ...

:       0       0

sirimal Friday, 09 November 2018 01:55 PM

සයිටම් ගැටලුව මතකම නැති වෙලාද දැන්?

:       0       0

Kamal Friday, 09 November 2018 03:17 PM

මේගොල්ලෝ පසුගිය කාලේ වැඩකරේ දේශපාලන න්‍යාය පත්‍රයකට...

:       261       196

chinthaka Friday, 09 November 2018 07:20 PM

අන්තවාදී NGO නඩ ක්‍රියාත්මක රටේ වෛද්‍ය සභාව වැනි උගත්, වියත් සංවිධානයක් රටකට ආභරණයක්...

:       0       0

Mahee Friday, 09 November 2018 07:37 PM

ටිකක් ඉවසනවලකෝ මේ කචල් ටික සංසිඳෙන කල්. පුදනකොටම කාපි යකා වෙන්නේ නැතුව.

:       0       0

shan saudi Saturday, 10 November 2018 06:14 AM

අගමැති එහෙම පොරොන්දු වුණු එක හොඳයි. මොකද රජයේ මුදල් දීලා මෙයාමනේ සයිටම් හැදුවේ දැන් එයම වසන්න ඕනේ..

:       0       3

sirimal Saturday, 10 November 2018 10:54 AM

බයවෙන්න දෙයක් නැහැ. සයිටම් අහෝසි කරනවා කියලා කතාවක් ඇහුණා. දැන් අනිත් කට්ටිය කරපු කියපු දේවල් අල්ලාගෙන ඒවා පතුරු ගහන්න ක්‍රමවේදයන් ගැන හොයලා බලන්න. මහාමැතිවරණයක් එන කාල වකවානුවක මාධ්‍ය නිදහස දැන් දොරේ ගලන නිසා ඒවාට ඉහළ ප්‍රචාරයක් ලැබෙන බව නම් ෂුවර්...

:       0       135

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 0 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 378 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 117 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 199 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 544 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 425 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site