IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෙසක් පොහෝදා හිමිනමකට පොරෝ පහර

(දයාරත්න ඇඹෝගම)

වෙසක් පුන් පොහෝදා බීමත්ව රාජාංගනය යාය 02 දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ එහි විහාරාධිපති හිමියන්ට පොරවකින් පහරදී තුවාල කළ පුද්ගලයකු අද(19) අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනය යාය 02 ප්‍රදේශයේ පදිංචි ගෙවතුවල කුලී පදනම මත ගස්කපන පුද්ගලයෙකි.
 
මෙම පුද්ගලයාගේ පොරෝ පහරින් තුවාල ලැබූ දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති, පුජ්‍ය මාමාන්කඩවල ධම්මසිරි හිමියන් බරපතල තුවාල ලබා රාජාංගනය යාය 05 රෝහලට ඇතුළත් කර තිබේ.
 
පොහෝ දින රාත්‍රී 8.00ට පමණ බීමත්ව යතුරු පැදියකින් විහාරස්ථානයට පැමිණි මෙම පුද්ගලයා තමන්ට ධාතු මන්දිරයට ගොස් වැද පුදා ගැනීමට අවසර ලබා දෙන්නැයි විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලා තිබුණි. එම අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බැවින් විහාරාධිපති හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලිසිය කියයි. පසුව නිවස බලා ගිය මෙම පුද්ගලයා නැවත රාත්‍රී 08.30ට පමන විහාරස්ථානයට යළි හිමියන්ගෙන් අවසර ඉල්ලා තිබේ. හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා ඉන් කෝප වූ ගස්කපන්නා ඉණේ සඟවා සිටි පොරොවෙන් හිමියන්ට පහරදී තිබුණි.
 
එම අවස්ථාවේ අසළ සිටි පුද්ගලයන් ගස්කපන්නාගෙන් විහාරාධිපති හිමියන් බේරා ගෙන රෝහල් ගත කොට තිබේ.
 
සැකකරු තමා පැමිණි යතුරුපැදියද විහාරස්ථානයේ දමා පලා ගොස් තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
 
සැකකරු අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 
තඹුත්තේගම පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (2)

වෙසක් පොහෝදා හිමිනමකට පොරෝ පහර

Kumar Sunday, 19 May 2019 02:33 PM

වෙසක් පොහෝදා එක්දිසාවක කරුණාවන්ත පිංවතෙක් භූමිතෙල් පිනට දෙනවා. තවතැනක බේබද්දෙක් හිමිනමකට පොරවකින් කොටනවා. මත්පැන් බී ගත් අය නොයන විහාරස්ථාන ලංකාවේ ඇති කියා සිතන්න අමාරුයි. මේ මගේ අත්දැකීමයි. මේ රටේ ඉන්න ලාංකිකයින්ටත් මත්පැන් බීමේ සීමාවක් නැහැ. මම කියන්නේ උගත් අය ගැනයි.

:       0       0

chathuri Sunday, 19 May 2019 09:03 PM

තවත් ක්‍රමයක් වෙන්න ඇති දෙවියන් ළඟට යන්න තියන...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 56 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 368 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 287 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 228 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 586 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1179 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site