IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වෙලේ සුදාගේ බිරිඳගේ සේප්පුවේ යතුර නැතිවෙලා


 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාගේ බිරිඳගේ රුපියල් කෝටි ගණනක රන් අභාරණ තැන්පත් කොට ඇති නුගේගොඩ මහජන බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවේ යතුර කොළඹ මහාධිකරණයේ දී අස්ථාන ගතවී ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ අද (23) හෙළි විය.

අදාළ ආරක්‍ෂිත සේප්පුවේ යතුර කොළඹ මහාධිකරණයේ භාණ්ඩ ගබඩා කාමරයේදී අස්ථාන ගතවී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස මහාධිකරණ විනිසුරුවරයා රහස්  පොලිසියේ  අධ්‍යක්‍ෂවරයාට නියම කළේය.

හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයාගත්  බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා සහෝදරියට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී වෙළේ සුදාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසේල මුතුමුදලි මහතා  විසින් විනිසුරුවරයාට දැනුම් දුන් විට එලෙස නියෝග කැරිණි.

2010 ජනවාරි මස පළමුවැනිදාත් 2012 අපේ‍්‍රල් මස 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඔ හා අවට ප‍්‍රදේශ වලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව එලෙස හෙරොයින් ජාවාරම් කොට මුදල් හා දේපල උපයාගත් බවට නීතීපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයානි ප‍්‍රියදර්ශණී සහ ඔහුගේ  ඥාති නැගණියක වන වසන්ති වසුන්දරා නමැත්තියයි.

නඩුව ලබන මස 16 වැනි දා යළි කැඳවීමට නියමිතය‍.



අදහස් (4)

වෙලේ සුදාගේ බිරිඳගේ සේප්පුවේ යතුර නැතිවෙලා

Nandalal DE SILVA - France Tuesday, 23 January 2018 04:53 PM

යතුර මීයෝ කෑවද දන්නේ නැහැ නේ ? වෙලේ සුදාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයට නඩුව දවසේම යතුර ඕන වුනේ මොකටද ?

:       1       107

himal Wednesday, 24 January 2018 03:26 AM

බැංකුවේ ආරක්ෂිත සේප්පුවක යතුරු 3ක් තියෙනවා. දෙකක් බැංකුවේ. එකක් ගනුදෙනුකරු ළඟ. ඔය නැතිවෙන්න ඇත්තේ ගනුදෙනුකරු ළඟ තිබ්බ එක වෙන්න ඕන. උසාවි නියෝගයකින් බැංකුව සතු අනෙක් යතුරු දෙක යොදාගෙන අවශ්‍ය නම් සේප්පුව විවෘත කරන්න හැකියි.

:       0       33

සහන් Wednesday, 24 January 2018 07:41 AM

කුඩු සල්ලි ආරක්ෂා කරන්නෙත් රජයේ බැංකු සේප්පු වලනේ.

:       0       23

darshana Wednesday, 24 January 2018 09:09 AM

රන්ජන් රාමනායක කියපු විදියට උසාවිය තුල මොනතරම් අකටයුතු වෙනවද? නැත්තම් මේවට සම්බන්ධ අපිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 447 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 894 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1060 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 602 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 613 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site