( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
නාඳුුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. වෙඩි තැබීමෙන් මිය ගිය දෙදෙනාට අමතරව තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ 'ආමි මංජු' නැමැත්තා සහ තවත් පුද්ගලයකු බව හඳුනාගෙන ඇති අතර ඔවුන් මොරටුව අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
ආමි මංජු නැමැත්තා සිය බිරිඳ, පුතා සහ මිතුරකු සමඟ ත්‍රිරෝද රියෙන් පැමිණෙමින් සිටියදී කොස් පැලෑන පාලම අසළදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මොවුන්ට වෙඩි තබා පලා ගොස් තිබේ.
මියගිය 'ආමි මංජු' නැමැත්තා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය සඳහන් කරයි. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(ඡායාරූප - ඉන්දිකා රාමනායක)
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
පිටිගල මිලානෝ Thursday, 14 March 2019 10:00 AM
මදුෂ් අත්අඩංගුවට පත්වීමත් සමඟම අලුත් කෙනෙක් ප්‍රාදේශීය කුඩු ඒජන්තවරුන් පත්කරලා වගේ. ඒ ය පරණ අයව ඉවත් කරනවා.
janatha anura Thursday, 14 March 2019 11:24 AM
මේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ලංකාවේ නොවේ , අප කරන්නේ ප්‍රවාහනය කිරීම ටිකක් ප්‍රයෝජනයට ගෙන ඉතිරිය ලෝකය පුරා බෙදාහැරීම. මේ කටයුත්තේදී එකිනෙක මරා ගන්නවා වෙනස්කම් කරනවා විධිමත්ව බෙදාහැරීම් සඳහා වෙන්න ඇති මොරටුවේ ගණන් කාරයෝ කවදත් හිටිය තොප්පි චමින්ද මොරටු සමන් නොයෙක් නම් වලින් මගේ පියාට පහරදුන්නේ මොරටුව දුම්රිය ඉදිරිපිට බුදුපිළිමයක් තැබුවාට විරුද්දව, මගේ පියාගේ සහයට පැමිණියේ සමන්ගේ සීයා පමණි නමුත් අද එතන විශාල පුද බිමකි
prabha Thursday, 14 March 2019 12:29 PM
අපේ සිරිසේන මහත්තයාගේ එල්ලුම් ගහේ කතාවට කවුරුත් බය නෑ වගේ...