IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විවාහය සැඟවූ දෙදරු පෙම්වතා ගෙල කැපි මරුට

( පුෂ්පකුමාර  මල්ලවආරච්චි)


තමන් විවාහක දෙදරු පියෙකු බව සඟවා වසර දෙක හමාරක් තිස්සේ 23 හැවිරිදි තරුණියක හා පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි හමුදා සෙබළකු අද (20) අලූයම පෙම්වතියගේ නිවසේ සිදුවූ අරාවුලකින් පසු ගෙළ කැපී සිදුවූ බරපතල තුවාල නිසා මරණයට පත්ව ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ කොටුගොඩ ලංසියාවත්ත පාරේ පදිංචිව සිටි යුද හමුදාවේ හතරවැනි ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ බටලන්ද කඳවුරේ සෙබලකු බව කියන බී.වී. නිසල් නිරෝෂන් නැමැත්තෙක් බව පොලිසිය කියයි.


මියගිය අය වසර දෙක හමාරක පමණ සිට කොටදෙනියාව පොලිස් වසමේ නාවාන මොරගල්කන්ද ප‍්‍රදේශයේ තරුණියක හා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයිද පසුව පෙම්වතා විවාහකයකු බව දැනගත් පෙම්වතිය සම්බන්ධය නවතා ඇති බවද හෙළිවී ඇතැයි පොලිසිය කියයි.


පෙම්වතිය වෙන්වීමෙන් පසු නිතර නිතර ඇගේ නිවසට එමින් මියගිය අය තමන් අමතක නොකරන ලෙස ඉල්ලා කරදර කරන්නට වී ඇතැයිද ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එසේ නොකරන ලෙසට අවවාද කර ඇති බවද පොලිසිය සදහන් කරයි.


 තමන් පෙම්වතියගේ දුරකතනයට දැමූ පෙරගෙවුම් කාඩ් පත් සදහා රුපියල් හැට දහස මුදලක් ආපසු දෙන මෙම සෙබලා ඉල්ලා ඇති බවද පොලිසිය කීය.


එසේ තිබියදී අද (20) අලූයම 12.00 ත් 1.00 ත් අතර කාලයේදී තරුණියට කිසියම් ශබ්දයක් ඇසී පියාට දන්වා බලන අවස්තාවේ වහලයේ උළු කැට කීපයක් ඉවත් කර තිබී ඇති අතර ඒ ගැන විමසිලිමත්වීමේදී  නිවස පිටුපස තියුණු පිහියක් අතැතිව සිටි මියගිය අය නිවැසියන් සමඟ අරාවුලකට පැටලී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.



අදහස් (1)

විවාහය සැඟවූ දෙදරු පෙම්වතා ගෙල කැපි මරුට

bo Wednesday, 21 November 2018 12:18 AM

ගෙදර ගිහින් තමන්ගේ පවුල බලාගන්නේ නැතුව මෙතන ඇවිල්ලා මැරෙනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 538 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 386 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 454 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1032 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1831 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site