IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විපක්ෂනායක ධූරය දිනේෂ් ගුණවර්ධනට ඉල්ලා ඒකාබද්ධයෙන් කතානායකට ලිපියක්


 
නාලක සංජීව දහනායක
 
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධූරය දෙන ලෙස ඉල්ලමින් ලබන සතියේ දී කතානායකවරයාට ලිපියක් භාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.


මෙම ලිපිය සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 දෙනාම අත්සන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.


මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


එමෙන්ම විපක්‍ෂනායක තනතුර ඉල්ලා එකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 දෙනාගේම අත්සන් සහිතව ලබන සතියේදී කතානායකවරයාට ලිපියක් භාරදෙනවා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට මන්ත‍්‍රීවරුන් 92ක් ඉන්නවා. ඉන් මන්ත‍්‍රීවරුන් 70ක් ඒකාබද්ධ විපක්‍ෂයට සහය ලබාදෙනවා. ඒ මන්ත‍්‍රීවරුන් පිරිස ආර්.සම්පන්ධන් මහතා විපක්‍ෂනායකවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැහැ. 


රජය විවේචනය නොකරන ලෝකයේ එකම විපක්‍ෂනායකවරයා වත්මන් විපක්‍ෂනායකවරයායි. අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී අගමැතිවරයා ආරක්‍ෂා කිරීමට විපක්‍ෂනායකවරයා ඉදිරිපත් වුණා. මේ වගේ විපක්‍ෂනායකවරයෙක් කවදාවත් අපේ රටේ හිටියේ නැතැයි ද කීය.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (16) පැවැති  මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
 



අදහස් (11)

විපක්ෂනායක ධූරය දිනේෂ් ගුණවර්ධනට ඉල්ලා ඒකාබද්ධයෙන් කතානායකට ලිපියක්

සතයපාල Monday, 16 July 2018 01:21 PM

ඒකාබද්ධ විපක්ෂය හෝ පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැත. ඔය ඒකාබද්ධය යයි කියා ගන්නා මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ එ.ජ.නි.සන්ධානයයි. එය ආණ්ඩුවේ පාර්ෂව කරුවෙකි. එකම පක්ෂයට ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන්න බැරිය. එය කළ හැක්කේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට අනුව දැයි දිනේෂ් ගුණවර්ධන මහතා පළමුව පැහැදිලි කර දිය යුතුය. එසේ කල නොහැකි නම් ඔවුන් පළමුව තමන් ස්වාධීන මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරන බව පළමුව කථානායකවරයාට දැනුම් දිය යුතුය. ඉන්පසුව විපක්ෂයේ බහුතරයේ විශ්වාශය දිනාගත් පුද්ගලයාව විපක්ෂ නායක කරන ලෙස කථානායක වරයාගෙන් ලිඛිතව ඉල්ලිය හැකිය. නියමිත කාර්ය පටිපාටිය දැන දැනම ඒකාබද්ධය මේ වංගු දාන්නේ ජනතාව ගොනාට ඇන්දවීමය. තමන්ට ඔය ආකාරයට විපක්ෂ නායක ධුරය හිමි නොවන බව දැනදැනම මෙසේ කරන්නේ ආණ්ඩුව දෙමළ ජාතිවාදයට යටවී ඇති බවටත් දෙමළ ජාතිවාදීන්ගේ උවමනාවන් ඉටු කරන බවටත් පවසමින් ජාතිවාදී පදනමින් ජනතාව උසිගන්වා තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ පහත් හා කූඨ අදහස ඇතිවය.

:       1120       1507

Wheel driverMonday, 16 July 2018 02:42 PM

1956 ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයක වර්තමාන නායකත්වයට ගියකලක්...

:       1       13

සනත් ඉතාලිය Tuesday, 17 July 2018 07:58 AM

සෑම පුවතකටම පෙරමුනේ අදහස් පලකරන නීති විශාරද සත්‍යපාල තවම 1600 ද ලියන්නෙ

:       0       0

දම්මික පෙරේරා Monday, 16 July 2018 08:12 PM

ඔන්න දිනේෂ් ගුණවර්ධන ට ලනුවක් දෙන්න යනවා රාජපක්ෂ ලා කට්ටිය එකතුවෙලා. පොදු ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙන තරගයෙන් ඉවත් කරන්න.

:       0       103

Chanak Los angeles Tuesday, 17 July 2018 01:13 AM

ඔන්න සත්‍යපාල කන පැලෙන්නම දීලා තිබෙණනේ .. ඒවගේම හිටපු ගමන් ගොඩගහගෙන 90 ක් නොවෙයි 200 ක් හිටියත් අපිට කතානායක තනතුර දෙන්න කියා ඉල්ලුවාට පත්වී සිටින කතානායකව එක එක්කෙනාට ඕනවිධියට අයින් කරන්න බැහැ චන්දයක් නොතියා ..එහෙම තිබ්බත් අගමැතිව එලවන්න ගිහින් සිද්ධ වුණු ආනිසංසයම වෙලා ඒකාබද්ධය මලබද්ධය හදාගන්නවා සිකුරුයි

:       0       14

Chanak Los angeles Tuesday, 17 July 2018 01:13 AM

ඔන්න සත්‍යපාල කන පැලෙන්නම දීලා තිබෙන්නේ. ඒවගේම හිටපුගමන් ගොඩගහගෙන 90 ක් නොවෙයි 200 ක් හිටියත් අපිට කතානායක තනතුර දෙන්න කියා ඉල්ලුවාට පත්වී සිටින කතානායකව එක එක්කෙනාට ඕන විධියට අයින් කරන්න බැහැ චන්දයක් නොතියා. එහෙම තිබ්බත් අගමැතිව එලවන්න ගිහින් සිද්ධ වුනු ආනිසංසයම වෙලා නවතින්නේ.

:       0       0

surath Tuesday, 17 July 2018 02:57 AM

අවශ්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක්. මේ තාක් විපක්ෂ නායක රටේ ජනතාව වෙනුවෙන් කොයි වෙලාවක හෝ පෙනිසිටියද ? ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කලාද?

:       12       92

Rodrigo Tuesday, 17 July 2018 03:16 AM

ඒකාබද්ධ විපක්‍ෂය කියන්නේ මොකද්ද පක්‍ෂය?

:       1       2

Sugath Tuesday, 17 July 2018 04:00 AM

මේකනම් අමු ප්‍රෝඩාවක්. ඒකාබද්ධ විපක්ෂයේ අය බබාල වගේ කතා කරන්නේ.

:       0       20

pissa Tuesday, 17 July 2018 06:55 AM

මේ අය පොහොට්ටුවෙන්ද ඡන්දෙ ඉල්ලුවේ? නැතිනම් බුලත් කොලයෙන්ද?

:       0       18

nuwan Tuesday, 17 July 2018 07:46 PM

එතකොට දැන් ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම යහපාලනේට පක්ෂව ඡන්දෙ ඉල්ලපු අයද? ආණ්ඩු පක්ෂේ ඉන්නේ මහින්දත් එක්ක යහපාලනේට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු අය. අැයි එහෙනම් විපක්ෂයේ අයගේ පක්ෂේ ප්‍රශ්නයක් කර ගන්නේ...? ආණ්ඩු පක්ෂෙත් පක්ෂ කිහිපයක එකතුවක්, විපක්ෂේත් එහෙමයි. මෙතන ගැටළුව, ආර්. සම්බන්ධන් විපක්ෂයට වඩා ආණ්ඩු පක්ෂේ කෙනෙක් වගේනේ වැඩ කරන්නේ. එය උතුරට විතරක් බලපාන දේවල් ගැන කතාකරන්නේ. ආණ්ඩුව කරන කිසිම නරක දෙයකට විරුද්ධ වෙනවද? දැන් පාර්ලිමේන්තුවේ පැහැදිලි විපක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඕනෙම කෙනෙක්ට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් කවුද ඒකාබද්ධ විපක්ෂයේ කවුද ආණ්ඩු පක්ෂේ කියලා. අාසන පනවලා තියෙන්නෙත් ඒ විදියට. ඉතින් මෙතන නියම විපක්ෂයට ප්‍රජාතාන්ත්‍රිකව නායකකම යන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 168 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 494 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 351 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 434 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 984 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1760 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site