IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

(*** නිමන්ති රණසිංහ)

මත්ද්‍රව්‍ය සොයා ගැනීම, අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු මත් රකුසාගෙන් ශ්‍රී ලාංකිකයන් ගලවාගැනීමේ රාජකාරිය බාරව සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ය. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීහු 16 දෙනකු සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව සිටිති.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම යන සිද්ධිවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් හෙරොයින්, ජාවාරම්කරුවන්ට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 12 දෙනකු ලබන 08 වැනිදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම දෙපාර්තමේන්තුවට ඊයේ (02) අවසර දුන්නාය. විෂ හා අබිං අන්තරාදායක පනතේ 80 වන වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය ඊට අවසර  දුන්නේය.

මෙලෙස රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර  දුන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක විමලසේන ලයනල්, උපපොලිස් පරීක්ෂක සීක්කුවාවසම් ගයාන් තරංග ප්‍රේමරත්න සිල්වා, උපපොලිස් පරීක්ෂක දහනායක රාළලාගේ අතුල ජයන්ත බණ්ඩාර, පොලිස් සැරයන් (15819) මුතුබණ්ඩාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක, පොලිස් සැරයන් (20637) ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ, පොලිස් සැරයන් (61756) වතුකාරගේ චමිල ප්‍රසාද් වතුකාර, පොලිස් කොස්තාපල් (69351) විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රියන්කර ජයසේන, පොලිස් කොස්තාපල් (73684) බටුවත්තගේ රුවන් පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (74811) රතුගමගේ අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, පොලිස් කොස්තාපල් (84346) චිත්‍රආචාරිගේ සමීර ප්‍රදීප් කුමාර, පොලිස් කොස්තාපල් (85372) වන්නිආරච්චිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි සහ පොලිස් කොස්තාපල් (87226) හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයසිංහ යන අයයි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ නීතිඥ කසුන් සරත්චන්ද්‍ර, රජයේ නීතිඥ ශක්ති ජාගොඩආරච්චි යන මහත්වරුන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව, උපපොලිස් පරීක්ෂක උපාලි යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.


ටයිල් මුදලාලිට කෝටි 10ක්

හෙරොයින් ග්‍රෑම් 5ක් සන්තකයේ තබාගෙන සිටි බව කියමින් චමින්ද ප්‍රියංකර දයා මල්ලවාරච්චි නමැත්තකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත්, ඔහු වෘත්තියෙන් ටයිල් ව්‍යාපාරිකයකු වන අතර සිදුකරන ලද විමර්ශනයේදී ඔහුගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 10ක මුදලක් තිබූ බවට අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම සැකකරුගේ බැංකු ගිණුමට මෙම මුදල් ලැබී ඇත්තේ දින 10ත් 15ත් අතර කාලයකදී වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනය කර පසුව හෙරොයින් කිලෝග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 137 ක් සමග ඔහුගේ ඥාතියකු වන සල්පදූවගේ සුනෙත් නමැත්තකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනාගෙන්ම ප්‍රශ්න කිරීම් සිදුකිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බවත් එහි ප්‍රධානියා ලෙස පත්ව සිටියේ උපපොලිස් පරීක්ෂක උදාර නමැති නිලධාරියා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම විශේෂ කණ්ඩායමේ උදාර නමැති නිලධාරියා සැකකාර මිනුවන්ගොඩ මල්ලවාරච්චි නමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවත් එහිදී ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා හෝ මැයි මස 02 වැනිදා අතර කාලය තුළදී ජීප් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු ඔහුගෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 90 ක් ලබා ගත් බවට සැකකරු සඳහන් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

“හෙරොයින් කිලෝග්‍රෑම් 90 ක් එනවා ඒ ටික ළඟ තියාගන්නා” ලෙසට මල්ලවාරච්චි නමැත්තාට දැනුම් දී ඇත්තේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ්ගේ ගෝලයකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ගිහාන් ෆොන්සේකා නමැත්තා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

“මේ දවස්වල කොරොනා තත්ත්වය නිසා ඇඳිරිනීතිය. ඒ නිසා ඒවා මට ළඟ තියාගන්න බැහැ” යනුවෙන් සැකකාර මල්ලවාරච්චි නමැත්තා සඳහන් කළද, ගිහාන් ෆොන්සේකා සඳහන් කර ඇත්තේ .....

“මේවා ගෙනත් දෙන්නේ පොලිස් නිලධාරීන්. ඒ නිසා ඒ ටික භාරගන්න....”

යනුවෙන් බවත් මෙම හෙරොයින් පාර්සල්වලින් කිලෝ දෙකක් සහිත බෑගයක් ඉරී තිබීම හේතුවෙන් ඒවා ඡායාරූප ගත කර වට්ස්අප් මාර්ගයෙන් ඩුබායි සිටින ගිහාන් ෆොන්සේකා යන අයට යවා ඇති බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

පසුව වෙනත් හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් මල්ලවාරච්චි නමැත්තා අත්අඩංගුවට පත්වන අතර, ඔහුගෙන් උදාර නමැති නිලධාරියා ප්‍රශ්න කරනු ලබන බවත් එහිදී සැකකරු සඳහන් කර ඇත්තේ ‘මේ හෙරොයින් මට ගෙනල්ලා දුන්නේ මේ වගේ නිලධාරියෙක්” යනුවෙන් බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා  මෙම විමර්ශන නිලධාරීන් නැවත වැටලීම් ස්වරූපයෙන් සැකකාර මල්ලවාරච්චිගේ නිවසින් හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇති බවත් කීවේය.

 මෙම නාකොටික් නිලධාරීන් ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බලපිටිය ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 234 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහිදී ඔවුන් හෙරොයින් කිලෝග්‍රෑම් 136 ක් කොළඹට එවා මාදිවෙල, පාර්ලිමේන්තුව ආසන්නයේ ස්ථානයකදී ඒවා මාරුකරනු ලැබ ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඇඳිරිනීතිය පනවා තිබූ කාලසීමාවේදී නාකොටික් පොලිස් නිලධාරීන් මෙම හෙරොයින්වලින් කිලෝ 90 ක් මල්ලවාරච්චි නමැත්තාට ලබා දෙන අතර, ඒවා කොට්ටාව ප්‍රදේශයේදී බාර ගනු ලබන්නේ “ලොකූ” නමැති පුද්ගලයකු විසින් බවත්, ලොකූ නමැති ජාවාරම්කරු පොලිස් නිලධාරීන්ගෙන් වාහනය රැගෙන පිටව යද්දී එහි සිටි නිලධාරීන් දෙදෙනා වාහනයෙන් බැස කඩයක් අසලට ගොස් සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඊට ටික වේලාවකට පසුව නැවතත් හිස් වාහනය ගෙනැවිත් පොලිස් නිලධාරීන් වෙත බාරදෙනු ලබන අතර මේ සම්බන්ධයෙන් වූ සියලු සිද්ධි සී සී ටී වී කැමරා දර්ශනවල පටිගත වී ඇති බවත්, අත්අඩංගුවේ පසුවන මේ සැකකරුවන් සම්බන්ධයෙන් කාරණා හයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.



සැකකරුවන්ගේ සොරකම්

2020 අප්‍රේල් මස 15, අප්‍රේල් මස 30, මැයි මස 15 යන කාලවල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සේවය කරමින් මෙහි ප්‍රධාන සැකකරුවන් හතර දෙනා සහ මෙම සැකකරුවන් 12 දෙනා එහි තිබූ නඩු භාණ්ඩ ජාවාරම් කර ඇති බවත්, අප්‍රේල් මස 15 වැනිදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් සහ හෙරොයින් කිලෝ 8 ක්, අප්‍රේල් මස 02 වැනිදා අත්අඩංගුවට ගත් මත්පෙති කිලෝ 581යි ග්‍රෑම් 34 ක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 664 ක් මෙම සැකකරුවන් සොරකම් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
 

බාගයක් උසාවියට - ඉතිරිය ඔවුන් ළඟ

අධිකරණය: මේවා නඩු භාණ්ඩ විදිහට ඉදිරිපත් වෙච්චි ඒවාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: මේ අය මේ නඩු භාණ්ඩවලින් කොටසක් මේ විදිහට වෙන්කර ගන්නවා. බාගයක් තමයි උසාවියට ඉදිරිපත් කරන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: මේ සැකකරුවන් හෙරොයින්වලට අජිනමොටෝ සහ ලුණු එකතු කරනවා. පසුව “ලොක්කා” කියන චරිතය හරහා මේවා විකුණනවා.

අධිකරණය: මේවා මිශ්‍ර කරන්නේ කොහේදිද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: මේ අය මේවා ගෙනල්ලා කිරලා මුද්‍රා තබන අවස්ථාවේදී තමයි මේ විදියට මිශ්‍ර කරන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: ඉකුත් මැයි මස 25 වැනිදා මේ අය බලපිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 243ක් අත්අඩංගුවට ගන්නවා. මේ හෙරොයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාවේද සහාය ලැබෙනවා. මේ හෙරොයින් සමග මෙරටට එන තවත් දෙයක් තියෙනවා. එම නැවේ තිබී අලුත්ම වර්ගයේ ගිනිඅවි 5ක් මේ අය එයාලගේ භාරයට ගන්නවා. ඒ වගේම හෙරොයින් ග්‍රෑම් 243 න් 43 ක් ඔවුන් අයින් කරගන්නවා. මේ ගිනිඅවි පහෙන් එකක් මේ වන විට සොයාගෙන තිබෙනවා. තවත් ගිනිඅවි 04ක් හොයා ගන්න තිබෙනවා. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ගේ හිතවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත මත්ද්‍රව්‍ය සමග මේ ආකාරයෙන් ගිනිඅවි ලබා දෙනවා.

අධිකරණය: මේ වැටලීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: ඔව් මේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. මොවුන් හාල් උරවල බහා තමයි මෙම හෙරොයින් ගෙනත් තිබෙන්නේ. මොවුන් මේ අත්අඩංගුවට ගත් හෙරොයින්වලින් පෙන්වන්නේ කිලෝග්‍රෑම් 200යි කියලා. අනිත් ඒවා ඔවුන් පන්නාගන්නවා.

අධිකරණය: ඔබ කියන විදිහට මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අවස්ථා හයකදී වංචා වෙලා තිබෙනවා. අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ එකක් සම්බන්ධයෙන් පමණයි නේද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: සියල්ලම වාර්තා වෙලා නැහැ. කිහිපයක් වාර්තා කරලා තිබෙනවා මේ විමර්ශකයින් විසින්. ඒත් ඒවා අල්ලන හරි ගාන නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඔවුන් ඒවා බාගයක් තියාගෙන බාගයක් තමයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ.

 

කෝටි 3 ක මුදල් වැළළූ තැනින් සොයාගනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: මෙම සැකකරුවන් හොරොයින් විකුණා ලබාගත් මුදල්වලින් රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂ අනූ තුන්දහසක (3,23,93,000 ක්)  මුදලක් සොයාගෙන තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මෙම මුදල් වළලා තිබුණා සහ පැකට් කරලා තිබිලා සොයා ගත්තා. ඒ වගේම ඔවුන් සන්තකයේ තිබී වෑන් දෙකක්, කාර් දෙකක්, ජීප් එකක්, ටී 56 ගිනිඅවියක්, මැගසින් එකක් සහ ස්වයංක්‍රීය පිස්තෝලයක් සොයාගෙන තිබෙනවා.  මෙම සැකකරුවන් මේ ගිනිඅවිය පිලියන්දල ප්‍රදේශයේ දී නාකොටික් නිලධාරීන් කිහිප දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගත් ඒවා බවට කරුණු අනාවරණය කර ගනිමින් තිබෙනවා. මෙම සිද්ධියට අදාළ ගිහාන් ෆොන්සේකා සහ මාකදුරේ මධූෂ්ගේ කල්ලිය සිටින බවටයි තොරතුරු හෙළිකරගෙන තිබෙන්නේ. මේ තොරතුරු සොයා ගත්තේ මාස දෙකක විමර්ශනයක් යටතේයි. මොවුන් මේ දේවල් කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුලේ ඉඳලයි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට මෙම වංචාවන් සම්බන්ධයෙන් මීට වඩා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මේ සියලු සැකකරුවන් සෘජු ලෙස සහ වක්‍ර ලෙස මේ ජාවාරමට සම්බන්ධ වෙලා තිබෙනවා.

අධිකරණය: මේ නිලධාරීන් මෙච්චර දෙයක් කරනකල් ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණයක් වෙලා නැද්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: ඒක තමයි මෙතැන වෙලා තිබෙන ගැටලුව. මේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියන්නේ විශ්වාසය මත පදනම් වෙච්චි ආයතනයක්. අධිකරණයේ දී පවා එය ඉදිරිපත් වෙච්චි කාරණයක්. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඉන්න කණ්ඩායමක් තමයි මේ දේවල් කරලා තිබෙන්නේ. ඒකයි ගැටලුව. දෛවයේ සරදමකින් වගේ මිනුවන්ගොඩදී මල්ලවාරච්චි කියන පුද්ගලයාගෙන් මේ විදිහට ප්‍රශ්න කළේ. එතැනින් තමයි මේ සියල්ල අනාවරණය වන්නේ. මේ සිද්ධියට අදාළව අද ඉදිරිපත් කරන නිලධාරීන් 12 දෙනාට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හතර දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් තිදෙනකු මේ වන විටත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. විෂ අබිං අන්තරාදායක පනතේ වගන්ති 80 අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයෙකුගේ සහතිකයක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමට අධිකරණයේ අවසරය පතනවා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ අමිල ඉන්දික මහතා: මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වෙන වෙනම සාක්ෂි සම්පිණ්ඩනයක් මේ බී වාර්තාවෙන් හෝ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාවත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළේ නැහැ. මේ අය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බැලූ බැල්මටම සාධාරණ සැකයක් තිබෙනවා. මිනුවන්ගොඩ සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තමයි මේ කාරණා අනාවරණය වෙන්නේ කියලා දැන් කිව්වා. එතැනදී කියලා තියෙන්නේ උදාර වගේ නිලධාරියෙක් ආවා කියලා. එතකොට මේ සැකකරුවන් සම්බන්ධයෙන් තියෙන්නේ මොනවගේ සාක්ෂිද? මේ අය මේ නීතිවිරෝධී දෙයට සම්බන්ධ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ.

අධිකරණය: මෙහි වරදේ ස්වභාවය අනුව 54 වගන්තියේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නනේ. මේ විමර්ශන සංකීර්ණයි. විමර්ශන සඳහා යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව මොවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙනවා. ලබන 8 වැනිදාට අධිකරණයට මොවුන් ඉදිරිපත් කරන ලෙසට නියෝග කරනවා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 08 වැනිදා තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් එදිනට සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.

 



අදහස් (3)

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

Raveendra Friday, 03 July 2020 05:50 PM

මෙවන් තිරිසනුන් පිළිබඳව තව තවත් කතා කිරීමෙන් කිසිදු පලක් නොමැත. හැකි ඉක්මණින් ගරු අධිකරණය මගින් මෙම අවජාතකයන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇතැයි නීතිගරුක පුරවැසියන් තරයේ විශ්වාස කරන්නෙමු. එලෙසම ගරු අධිකරණය මගින් මොවුන්ගේ සියලු තොරතුරු ලිපිනයන් නම්ගම්, පවුලේ විස්තරද ඡායාරූප මෙන්ම සියලු මාධ්‍යවල පළකිරීමෙන් ඉතාමත් ඉක්මණින් නවතාගත හැකි යයි අප විශ්වාස කරන්නෙමු. එසේ කිරීමට නීති නොමැති නම් නීති අලුතින් සාදා හෝ එලෙස කිරීම සමාජයට ගරු අධිකරණය කරන අතිමහත් සේවයකි.

:       0       0

Asanga Saturday, 04 July 2020 04:15 AM

මරණීය දණ්ඩන නොදීමේ ප්‍රතිපල.

:       0       0

Shan Saturday, 04 July 2020 02:51 PM

දෙකක් දෙනකොට ඔක්කොම කියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 156 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 420 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 927 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 186 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 232 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 660 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site