IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වරකාපොළ තරුණිය ඝාතන විමර්ශනය ගැන පොලිස් කොමිසමේ ඇස

(බිඟුන් මේනක ගමගේ )

වරකාපොල ගනේගම ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 14 වැනිදා නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණ ගැන කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කර ඇත.

ඝාතනය කළ බවට සැක කරන යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකු වන හර්ෂ ජයරත්න නමැත්තා හා වරකාපොල පොලිසිය අතර මිත්‍රත්වයක් ඇතැයි ද එමනිසා ඝාතනයට අදාළ පොලිස් විමර්ශන අපක්ෂපාතී අයුරින් සිදුනොවන බවට සාධාරණ සැකයක් ඇතැයි ද කියමින් මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය වන නිශානි මධුෂිකා නිමල්ශාන්ත මහත්මිය ජාතික පොලිස් කොමිසමට කළ පැමිණිල්ලකින් පසුව එම කොමිසම මෙම තීරණය ගෙන ඇත.

සිය නැගණිය ඝාතනය කර මසකට ආසන්න කාලයක් ගෙවී ඇතත් සැකකරු අත්අඩංගුවට ගැනීමට වරකාපොළ පොලිසිය අසමත්ව ඇතැයි ද එමනිසා අදාළ පොලිස් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසියේ වෙනත් ඒකකයක් යටතට පත්කරන්නැයි එම මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය ජාතික පොලිස් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණේ පසුගිය 7 වැනිදාය. 

මෙම ඝාතනයෙන් පසු තම බාල නැගණිය ආරක්ෂාව සඳහා ඉගෙනුම ලැබූ පාසලෙන් ද ඉවත් කරගත්තේ යැයි නිශානි මධුෂිකා නිමල්ශාන්ත මහත්මිය ‘ලංකාදීප’ යට පැවැසුවාය.



අදහස් (4)

වරකාපොළ තරුණිය ඝාතන විමර්ශනය ගැන පොලිස් කොමිසමේ ඇස

Dhananjaya Wednesday, 19 February 2020 04:04 PM

වරකාපොළ පොලිසිය කියන්නේ අපරාදකරුවන්ගේ ඔඩොක්කුවේ තියන ආයතනයක් කවදාවත් සාධාරණයක් පතන්න එපා ඔවුන්ගෙන්. මමත් වරකාපොළ. මගේ වාහනය බීමත් ත්‍රිරොද රථ රියැදුරෙක් හප්පලා අලාබ කළා. ඔහු පොලිසියට හිතවත් නිසා මට නඩු දැම්මා

:       0       963

SirimaannaThursday, 20 February 2020 06:07 AM

ත්‍රි රෝද රථ රියදුරන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් වරකාපොල පොලිසියත් එක්ක තියෙන්නේ ලොකු බැඳීමක් , ඔබ හරි මටත් ඔවැනි සිද්දියක් වුනා , පොලිසිය ගත්තේ වැරදිකරු වන ත්‍රි රෝද රථ රියදුරාගේ පැත්ත, පසුව මමත් දැනගත්තේ ඔවැනි සම්බන්දයක් තියනවා කියල , පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ආරක්ෂාව දෙනවා

:       0       16

SOMAPALA Thursday, 20 February 2020 03:25 AM

ගම්වල මිනිස්සු අසරණයි. දොරවක, අඹේපුස්ස, වරකපොල, අවට ගම්බදව මේ මත්ද්‍රව්‍ය උවදුර තදටම තියනවා. ගම්වාසීන් බලයට, මැරකමට බයේ ඉන්නවා.

:       0       92

දයාල් Thursday, 20 February 2020 04:36 AM

ඔය මරණේ වෙන්න කලිනුත් කීප පාරක්ම ඔය පොලීසියට පැමිණිලි කරන්න ගියත් සොහොයුරියව මරන්න කලිනුත් කීපවරක් උත්සාහ කළ බව දැනුම් දුන්නත් පොලීසියෙන් වචනයක් තරම් වත් පිළිසරණක් නොවුනු බව ප්‍රවෘත්ති පළවුනා. තමන්ට දේශපාලන වශයෙන් වාසිදායක ප්‍රචාරයක් ලැබෙන තරමට සිද්ධියක් නරක අතට පත්වන තුරු බලධාරීන් බලන් ඉන්නවා. මේ දූෂිත පොලිස් ස්ථානය ගැන පරීක්ෂණයක් පැවැත්වෙන්නේ කවදද?

:       0       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 190 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 515 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 362 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 441 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1003 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1793 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site