IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලෙබනන් පිපිරීමෙන් මියගිය ගණන 135 ක් දක්වා ඉහළට

ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවන්ත පිපිරීමෙන් මියගිය ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇත.

පිපිරීමෙන් නගරයට දැවන්ත හානියක් සිදුව තිබෙන අතර නොසැලකිල්ල හේතුවෙන් පිපිරීම සිදුව ඇතැයි විමර්ශකයෝ පෙන්වාදෙති.

බීරූට් වරායේ ගබඩා සංකීර්ණයක සිදු වූ මෙම පිපිරීමෙන් 4,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර නගරයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට දැඩි හානි සිදුව තිබේ. මෙම පිපිරීමෙන් සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලි පවා විනාශයට පත්ව ඇත. ගොඩනැගිලිවල ජනේල වීදුරු, ලී බඩු ආදියට පවා පිපිරීමෙන් දැඩි හානි සිදුව තිබේ.

බීරූට් වරායේ ඇමෝනියම් නයිට්ටේ්‍රට් රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ සංකීර්ණයක් මෙලෙස පුපුරා ගියේය. පොහොර වශයෙන් පමණක් නොව, පුපුරණ ද්‍රව්‍ය වශයෙන් ද ඇමෝනියම් නයිට්ටේ්‍රට් භාවිත කෙරේ. වරායේ ගබඩාවක ගොඩ ගසා තිබුණු ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය 2013 දී ගබඩාව වෙත ගෙනැවිත් තිබේ.

ඇමෝනියම් නයිට්ටේ්‍රට්  අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබුණු නැවක් ලෙබනන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වීමෙන් පසු එලෙස වරාය වෙත ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය ගෙනැවිත් තිබේ. අනාරක්ෂිත තත්ත්ව යටතේ එම ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය ගබඩා කර තිබී ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.

ලෙබනන අගනුවර සිදු වූ දැවැන්තම පිපිරීම මෙය යැයි ද පැවසේ. මීට දශක තුනකට පෙර අවසන් වූ සිවිල් යුද්ධයෙන් තවමත් ලෙබනනය බැට කන අතර දැවැන්ත ආර්ථික අර්බුදයකට ද මුහුණ පා සිටී. මේ වනවිට නව කොරෝනා වයිරසය හේතුවෙන් ද ලෙබනන ගැටලු රැසකට මුහුණ පා ඇත. මෙම පිපිරීමේ බලපෑම කිලෝමීටර 160ක් ඈතින් පිහිටි සයිප්‍රසයට ද දැනී ඇත.

ආරක්ෂක අංශ භාරයට පත්වීමෙන් අනතුරුව ඇමෝනියම් නයිටේ්‍රට් ටොන් 2,750ක් අනාරක්ෂිතව වරායේ ස්ථානයක ගබඩා කර තිබී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෙබනන ජනාධිපති මිචෙල් ඔවුන් පැවැසීය. ඇමෝනියම් නයිටේ්‍රට් පොහොර නිෂ්පාදනයට මෙන්ම බෝම්බ නිෂ්පාදනයට ද යොදාගැනේ.  

ලෙබනන ජනාධිපතිවරයා විශේෂ කැබිනට් හමුවක් ද කැඳවා තිබූ අතර ජාතිය ද ඇමතීය. “මේ පිපිරීම සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විමර්ශනයක් කරනවා. ඒ වගේම වගකිව යුතු පිරිස්වලට එරෙහිව ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ජනාධිපතිවරයා කීය.

පිපිරීම සම්බන්ධයෙන් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර “ක්‍රියාමාර්ග නොගැනීම සහ නොසැලකිල්ල” හේතුවෙන් පිපිරීම සිදු වී ඇති බව එම විමර්ශනවලින් අනාවරණය වී ඇත. උපද්‍රව සහිත එම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු නොකිරීම මෙම පිපිරීමට ප්‍රධාන හේතුව බව එම විමර්ශනවලට සම්බන්ධ කමිටු නිලධාරීන් සහ විනිසුරුවරුන් පෙන්වා දී ඇත.

2014 වසරේ සිට ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය ගබඩා කිරීමට සහ ආරක්ෂා කිරීමට අදාළ බලධාරීන් සහ නිලධාරීන් සියලු දෙනා නිවාඩ අඩස්සියට පත් කරන්නැයි ද ඉහළ පෙළේ බලධාරීන් උපදෙස් දී ඇති බව ලෙබනන් ආරංචි මාර්ග සඳහන් කරයි.


රොයිටර්

055

 



අදහස් (0)

ලෙබනන් පිපිරීමෙන් මියගිය ගණන 135 ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 537 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1026 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1216 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 680 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 665 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 224 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site