IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ලක්ෂ 96ක අයිස් සමඟ ඉන්දියා ජාතිකයා සැකපිට

ටී.කේ.ජී.කපිල

රුපියල් ලක්ෂ 96 ක් වටිනා අයිස් නමින් හඳුන්වන   මත්ද්‍රව්‍ය තොගයක්   කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ .

ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6සී1205 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 50 හැවිරිදි ඉන්දියා ජාතිකයකු ළඟ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත.

ඔහු පිළිබඳව කල් ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ හෙයින් ,   කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැක සිට මෙම ඉන්දීය ජාතිකයා සමග ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ අයිස් මත්කුඩු තොගයා සොයා ගත් බව පොලිසිය කියයි.



අදහස් (10)

ලක්ෂ 96ක අයිස් සමඟ ඉන්දියා ජාතිකයා සැකපිට

Mahee Saturday, 21 July 2018 05:52 AM

මෙහෙම අහුවෙන්නේ ඔත්තුවක් ලැබිල තිබුනොත් නේ. එහෙම නැතුව නොකඩවාම මොවුන් පරීක්ෂා කරන්න ක්‍රමයක් නැද්ද? පුහුණු සුනඛයින් හෝ වෙනත් තාක්ෂණික ක්‍රම?

:       0       82

ලුම්බිණි Saturday, 21 July 2018 05:52 AM

දිවි ඇති තෙක් හිරේ දැමිය යුතුයි.

:       0       35

prabash Saturday, 21 July 2018 06:44 AM

වහාම නිදහස් කරන්න බාගයක් ඔහුට බාගයක් රජයට ගන්න.

:       15       31

banda Saturday, 21 July 2018 09:17 AM

මම අදමයි දැන ගත්තේ අයිස් කියල මත්ද්‍රව්‍යයක් තියෙනවා කියලා.

:       6       106

Lanka Saturday, 21 July 2018 12:28 PM

අපට හිතාගන්න බැරි තරම් විෂ සහිත රසායනික මත්‍ද්‍රව්‍ය ප්‍රමණයක් නිෂ්පාදනය වෙමින්, බෙදාහරිමින් තියෙනවා. ඒවා සුවදින් හදුනාගන්න බැහැ. ඒ සදහා පොලිස් සුනඛයන් පුහුණු කල යුතුයි. දැනට අලුතින් සංසරණය වෙමින් පවතින මත්ද්‍රව්‍ය වර්ග 300-400කට සුනඛයන් පුහුණු කරන්න බැහැ. මේ කාරනේදී ඇමෙරිකාවත් අසරණ වෙලා ඉන්නේ. ලංකාවට මත්ද්‍රව්‍ය එක එක විදිහක් තමා තැපැල් දෙපාර්තමේන්තුවේ පාර්සල් හරහා, සහ රේගුව හරහා. මේ බොහෝ රසායනික මත්ද්‍රව්‍ය ඊ බේ හරහා ඇනවුම් කරලා ලංකාවට ගෙන්න ගන්න අය ඉන්නවා. මේවා හොයන්න පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අන්තර්ජාතික ගණුදෙණු, ක්‍රෙඩිට් කාඩ් හරහා ලංකාවෙන්, ඒ ඒ තහනම් මත්ද්‍රව්‍ය විකුණන වෙබ් අඩවි සදහා කරන ගෙවීම් හරහා තොරතුරු හොයාගැනීමට පිළිවන්.

:       0       295

prabha Saturday, 21 July 2018 05:03 PM

අයිස් කියන්නේ අම්පිටමින් වලට තවත් නමක්. නිපදවීම සහ බෙදාහැරීම ඉරානය

:       0       55

Indhika Sunday, 22 July 2018 02:15 AM

මම ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, ජපානයේ ගිහින් තියෙනවා. ගුවන් තොටුපළවල් වල අනිවාර්යයෙන් සුනඛයෝ ඉන්නවා මගීන්ව පරීක්ෂා කරන්න. ලංකාවෙත් බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. ඇයි ඕක කරන්න බැරි.

:       0       0

Mohan Sunday, 22 July 2018 08:03 AM

මේ දැනුවත් කරන්නේ හඳුනාගැනීම හා ආරක්ෂාවීම සඳහායි. අයිස් කියන්නේ භාවිතාවය අනුව හැදුණු නමක්. ඇත්තටම ඕවායේ නම ක්‍රිස්ටල් මෙත්. ප්‍රභා කිව්ව විදියට අම්පිටමින් කියලත් කියනවා. කඩේ තියෙන සූකිරි වගේ පෙනුම. කොටස් ඊට වඩා දිගයි. සමහරවිට හැඩය වෙනස් වෙන්න පුළුවන්. භාවිතාකළ පසු මත්බව හා තද නිදිමත ඇතිවීම තමයි සිදුවෙන්නේ. විශේෂයෙන්ම දෙමාපියන් විසින් මේ පිළිබඳව දැනුවත්වී සිටිය යුතුයි. සාමාන්‍යයෙන් පාසැල් යන අවුරුදු 15-18 අතර පිරිමි දරුවන් සිටින දෙමාපියන් විශේෂයෙන් මේ පිළිබඳව දැනුවත්ව සිටීම හා දරුවා පිළිබඳ විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්...

:       0       1

Mohan Sunday, 22 July 2018 08:07 AM

මේ ප්‍රවෘත්තියේ තියෙන ලොකුම ගැටළුව තමයි සැකපිට කියන වචනය. මෙම ඉන්දීය ජාතිකයා සතුවූ ගමන් මල්ලක රුපියල් ලක්ෂ 96ක මත්ද්‍රව්‍ය තිබිලත් ඒ සාක්ෂි මදිද වරදකරුවෙක් වෙන්න. ග්‍රෑම් කීපයක් තිබුණා නම් එදිරිවාදියෙකු විසින් නීතියට හසුකිරීමේ චේතනාවෙන් යෙදුවා වියහැකියි. මෙතරම් තොගයක් තිබිලත් ඇයි සැකකරු ලැයිස්තුවේ ඉන්නේ. මේක මට ගැටළුවක්.

:       1       15

Lanka Sunday, 22 July 2018 12:26 PM

උසාවියක නඩු තීන්දුවකින් පසු, සැකයකින් තොරව ඒ වරද ඔප්පු කරනතෙක් කිසිවකුවට වැරදි කරුවෙක් කියලා කියන්න බැහැ. එතෙක් ඔහු, ඇය සැකකරුවෙක්, සැකකාරියක් පමණයි. කෙනෙකු අත්අඩංගුවට පත්වූ පමණින් කිසිවෙකුට කළු හෝ සුදු කියලා ලේබල් ගහන්න පොලීසියට බැහැ. අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කලා වගේ නොදැනුවත්කමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ඇමැති ධුරයෙන් ඉවත්වන්නැයි ඡාවාරම්කරුවන් බලපෑම් කරනවා‘
2024 මැයි මස 08 56 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 91 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 162 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 519 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 211 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 215 3

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site