IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලංවීමට රාජ්‍ය බැංකු දෙකකින් කෝටි 1500 ක ණයක්

(අජන්ත කුමාර අගලකඩ)

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලිබල මණ්ඩලයට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් හදිසි පදනම මත ලබාදීමට රජය තීරණය කර ඇත.

ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 500 ක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ක් ද වශයෙන් මෙම ණය මුදල ලබාදෙනු ඇත.

ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කරන පද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය  ලබාදී තිබේ.

විදුලිබල මණ්ඩලයේ පිරිවැය ඉහළයාම , අලුතින් ඉදිරිකිරීමට යෝජිත බලාගාර ඉදි නොවීම, විදුලිමිල ගණන් වැඩි නොකිරීම ආදි හේතුමත විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව ඇමැති අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ගිය වසරේ අලාභය රුපියල් කෝටි 8,500 ක් බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය ලබාගෙන ඇති ඉන්ධන හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව ඇති ණය මුදල රුපියල් කෝටි 8,342 ක් වේ.

මීට අමතරව නිදහස් විදුලි සැපයුම්කරුවන් සඳහා රුපියල් කෝටි 3,236 මුදලක්ද සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් සඳහා රුපියල් කෝටි 992 ක්ද විදුලි බල මණ්ඩලයට ණය වී ඇත.

ඒ අනුව විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට හා අනෙකුත් විදුලි සැපයුම් කරන්න ගෙවීමට ඇති  සම්පූර්ණ  ණය මුදල රුපියල් කෝටි 12,571 ක් පමණ වන බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය ඉල්ලුම විශාලවශයෙන් වැඩිවී ඇති අතර ඒ අනුව හදිසි මිලදී ගැනීම් තවදුරටත් ඉහළ යනු ඇතැයිද අමැතිවරයා පෙන්වා දී ඇත.

 

 



අදහස් (18)

ලංවීමට රාජ්‍ය බැංකු දෙකකින් කෝටි 1500 ක ණයක්

chandima Friday, 21 February 2020 08:29 PM

ගෙදර ගියොත් අඹු නසී... මග සිටියොත් තෝ නසී... ණය නොදුන්නොත් ලංවීම කොට උඩ, ණය දුන්නොත් රාජ්‍ය බැංකු කොට උඩ. ඔව්ව මලාට අපසු නම් හම්බ වෙන්නේ නැහැ "බොල් ණය" තමයි ඉතින්...

:       0       0

lanka Friday, 21 February 2020 09:16 PM

ඕකට කරන්න තියෙන එකම පිළිතුර තමයි නොමිලේ නිවාස දෙද්දී විදුලියත් නොමිලේ නොදී විදුලිය අවශ්‍ය අයට මුදලක් ගෙවා විදුලිය දීමයි. නැතුව හැම නිවසකටම නොමිලේ විදුලිය දෙන්න ගියහම ඔහොම වෙනවා. මම එහෙම කියන්නේ හේතුවක් ඇතුවයි. අපේ ගෙවල්වලට නොමිලේ විදුලිය දෙන්න ඔය මොන එකෙක්වත් හිටියේ නැහැ ඒ කාලේ... අපි උත්සාහයෙන් මහන්සි වෙලා තමයි සල්ලි හොයලා විදුලිය අරන් බිල් ගෙව්වේ සහ දැනටත් ගෙවන්නේ... නැතුව ඡන්ද ගන්න අපිට විදුලිය දෙන්න ඔය මොන එකෙක්වත් හිටියේ නැහැ. අපි ගෙවල්වල හිටියේ කුප්පි ලාම්පු එළියෙන්... කරන්න දෙයක් නැහැ විදුලිය ගන්නවත් අතේ සල්ලි නැත්නම් විදුලිය බලාපොරොත්තු වෙන්න එපා... එහෙම වුණාම දුක්විඳින්න වෙන්නේ ඒ අයට විතරක් නෙමෙයි මුළු රටටමයි...

:       0       2

kamal Friday, 21 February 2020 10:43 PM

දැඩි මූල්‍ය අර්බුදයකට ලංවිම පත් කරපු අයටම මේ මුදලත් දෙන්න. ඒ ගොල්ලන් මුදල් පරිහරණය ගැන හොඳ අත්දැකීම් තියෙන පරිනත කස්ටියනේ...

:       0       0

denin Saturday, 22 February 2020 01:09 AM

1994දී චන්ද්‍රිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සන්ධානය ආණ්ඩු බලය ලබාගන්නා විට විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් හොඳින් ලාභ ලබන ආයතන..

:       0       0

Pradeep Saturday, 22 February 2020 02:27 AM

වෙන කිසිම දෙයක් නොවෙයි... හේතුව අකාර්යක්ෂම කළමනාකරණය සහ අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම්. ආණ්ඩු මාරුවෙන මාරුවෙන වාරයක් ගානේ තම තමන්ගේ හිතවත්තු මේ වලට රස්සාවලට දානවා. ඊට අමතරව පහු ගිය කාලේ අපි දැක්කා පෞද්ගලිකව විදුලිය ලබා ගැනීමේදී රවී කරුණානායක ඇමතිතුමා ක්‍රියා කල ආකාරය... ඊට අමතරව ලොව බොහෝ රටවල් මුල් තැනක් දී ක්‍රියා කරන පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අවධානය යොමු නොකිරීමත් එක් සාධකයක්. ලංවීමේ ඉහළ නිලධාරීන් ඇතුළුව සියලුම සේවකයන් ලබා ගන්නා අති විශාල වැටුප් සහ දීමනා මෙන්ම අනිකුත් වරප්‍රසාද.. වැනි කාරනා නිසා තමයි මේ ආයතනය පාඩු වී තිබෙන්නේ. මෙයට විසඳුම ලෙස විදුලි මිල ඉහළ දමනවා නම් එය හරියට පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්.. කරුණාකර මෙම ආයතන වලට හොඳ පරිපාලකයෙකු පත්කර ඔවුන්ට ස්වාධීනව වැඩ කරගෙන යන්න දෙන්න.

:       0       42

චමින්ද සිල්වා Saturday, 22 February 2020 02:41 AM

විදුලි මාෆියාවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ දුක් විඳින මහජනතාවට. ඔය මණ්ඩලයේ ඉන්න සාමාන්‍යාධිකාරී ලත් අතිකාල දීමනා ගන්නවා. ඉංජිනේරුවාට ගෙවන දීමනා ටික දැක්කම පුදුම හිතෙනවා. හෙන ගහන අපරාධ...

:       0       36

upali Saturday, 22 February 2020 05:11 AM

මෙහි තියන ඇති මහත් දූෂණය නතර කිරීමට ගන්න ක්‍රියා මාර්ග මොනවාද?

:       0       16

Daminda Saturday, 22 February 2020 10:00 AM

මණ්ඩලේ කිසි කෙනෙකුට නොමිලේ විදුලිය දෙන්නේ නැහැ. හැමෝටම බිලක් දෙනවා. ඉතින් ඒවට සල්ලිත් ලැබෙනවනම් ඒවායින් ණය ගෙවන්න පුලුවන් නේද? ලොකුවට පෙන්නන්න බිල වැඩි කරන්නද?

:       0       4

Hafeel Sunday, 23 February 2020 06:50 AM

මේ රටේ සාමාන්‍ය විදුලි පාරිභෝගිකයන් බිල ගෙවනවා. නමුත් සමහර දේශපාලකයන් කෝටි ගණන් බිල ගෙවන්න නැහැ. ඩග්ලස් දේවානන්දගේ යාපන ශාලාවක කෝටියකටත් වැඩිය හිඟබිල් අවුරුදු ගාණකින් ගෙවලත් නැහැ. නඩුත් නැහැ. මේවා වලින් තමයි මණ්ඩලය පාඩුවෙන්නේ. නමුත් මේ බරසේරම පටවන්නේ ජනතාවටයි.

:       0       2

chandra Saturday, 22 February 2020 04:05 PM

ඇමතිතුමෝ, ඔය මණ්ඩලේ කොහේ හෝ ලොකු බහිරව කටක් තියෙනවා. විදුලිය දෙන්නේ මුදලට. ඉතින් කොහොමද පාඩු ? තෙල් සංස්ථාවත් එහෙමයි. හැකිනම් ඔබතුමාවත් මේ ගැන සොයන්න. නැතිනම් ඔබේ නමත් මෙතෙක් හිටපු පින් අැමතිලාගේ ගොඩටම එක් වේවි.

:       0       4

Keppetipola Sunday, 23 February 2020 01:25 AM

ලංවීමේ ඉන්න හොර තක්කඩි දුෂිත ඉන්ජිනේරුවන් ටික පලවා හරින් නැතුව මේ යොදවන මුදල් වලින් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. මේ දුෂිත ඉන්ජිනේරුවන්ගේ වත්කම් ගැන පරීක්ෂණයක් කළහොත් මොවුන් හිටපු දේශපාලඥයින්, ඇමති වරුන් සමග එකතු වී හොරකම් කරපු මුදල් ගැනද සාක්ෂි දිය හැක.

:       0       176

AsankaSunday, 23 February 2020 05:03 AM

හොරු රජකරන රටක හොරා නොකන මහජනයාට මොන සෙතක් බලයක්ද? වෙන රටකට යාගන්න බලන්න. නැත්නම් දරුවන්ටවත් යන්න උගන්වන්න.

:       0       8

Hafeel Sunday, 23 February 2020 06:24 AM

හොරුන් රට පාලනය කරනවා. ඒ හොරුන්ව නොකඩවා බලයට ගේන්නෙත් මේ රටේ ජනතාවමයි. ජනතාව වෙනස් වනතුරු රට වෙනස් වෙන්නේ නැහැ.

:       0       1

මිලින්ද සිරිවර්ධන Sunday, 23 February 2020 08:07 AM

විදුලි මාෆියාවට සම්බන්ධ සියලු ඉංජිනේරුවන් මේකට වග කියන්න ඕනේ. සියලු බලධාරීන් දේශපාලන ලොක්කෝ ඔවුන් එක්ක... ඔය කෝටි 1500ත් මකර කටට...

:       0       19

Hafeel Sunday, 23 February 2020 06:34 AM

මේ ඇමතිත්, හිටපු ඇමති රවීත් පම්බෝරි ගැහුවා. විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා කියලත්, අලුතින් විදුලිබලාගාරවල් පටන් ගන්නා කියලත් කිව්වා. නමුත් දැන් වෙන්නේ බලාපොරොත්තු නොවූ දේවල්... මේවා කරන්න ඇමතිකෙනෙක්ම ඕනෑද?

:       0       0

kamal Sunday, 23 February 2020 08:05 AM

තව කෝටි 500ක් වෙන්කරන්න බැරිද? ලංකා විදුලිබල මණ්ඩලයට මේ තත්වයට සංවර්ධනය කළ වියත් කස්ටියට සුපිරි වාහන දෙන්න.

:       0       10

sampath Sunday, 23 February 2020 08:17 AM

ලංවීම බංකොළොත් නම් පුද්ගලික අංශයට දෙන්න. ආණ්ඩුවේ බැංකු කඩා වැටෙයි. ඔය ආයතනයේ සේවක පඩි කොයි තරම්ද බලන්න. අතිකාලත් එහෙමමයි.

:       0       15

lalithm Monday, 24 February 2020 08:38 AM

අපි වැඩ කරලා මහන්සියෙන් උපයලා ගෙවල් හදලා විදුලිය සඳහා ගෙවලා ගන්නකොට දුප්පතුන් කියලා නම් කරලා තියෙන නිකමුන්ට නොමිලේ ගෙවල්, ජල, විදුලි සම්බන්ධතාව දෙනවා. දුප්පතුන් වර්ගීකරණය කලොත් පෙනෙයි ඔවුන් නිදහස් අධ්‍යාපනය අවභාවිත කළ, නැතහොත් කම්මැලි හෝ මත්පැන්වලට වහ වැටුණු හෝ කිසිම දෙයක් කරන්න අකමැති හොරු.... ඉතාමත් කලාතුරකින් ඉන්නවා කරකියාගන්න දෙයක් නැති අන්ත අසරණ මව්වරු... දරුවොත් එක්ක තනිවුණු. ඒ අය හැරුණාම අනිත් එකෙකුටවත් නොමිලේ මොකුත් දෙන්න ඕනේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 372 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 779 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 939 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 525 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 559 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site