විනීතා එම් ගමගේ
මාතලේ, උකුවෙල, රත්වත්තේ පිහිටි රෝස තිරුවානා නිධිය කැණිම් සඳහා ලබා දී ඇති බලපත‍්‍රය අත්හිටුවීමට එම ප‍්‍රාදේශීය සභාව කටයුතු කළ බව එම සභාවේ උප සභාපති ඒ ජේ ඒ නිෂා මහතා අද (13) පැවැසීය.
මෙම පියවර ගනු ලැබුයේ මන්ත‍්‍රීවරු සියලූ දෙනා ඒකමතිකව ගත් තීරණයක් අනුව යැයි ද උප සභාපතිවරයා කියා සිටියේය.
ප‍්‍රාදේශීය සභාව විසුරුවා ගතවූ වසර දෙක හමාරක පමණ කාලයේදී සභාව කොමසාරිස්වරයාගේ පාලනයට ලක්ව තිබු බවත් එම කාලය තුළ මෙම රෝස තිරුවානා නිධිය කැණිම සඳහා බලපත‍්‍ර ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
2007 වසරේ දී ද මෙම රෝස තිරුවානා නිධිය කැණීම සඳහා බලපත‍්‍රයක් නිකුත් කර තිබු අතර එම අවස්ථාවේ දී ද පක්ෂ විපක්ෂ සියලූම මන්ත‍්‍රීවරුන් එක්ව ආරම්භ කළ විරෝධතාවකින් පසු එහි කැණීම් නැවතුණ බව මන්ත‍්‍රීවරයා සිහිපත් කළේය.
මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලැබී ඇතැයි ද , එසේ වුවත් ප‍්‍රාදේශීය සභාව කිසිසේත්ම මේ සඳහා අවසර නොදෙන බව ද හෙතෙම කියා සිටියේය.
මෙම රෝස තිරුවානා නිධිය කැණීමෙන් මාතලේ උකුවෙල ප‍්‍රධාන මාර්ගයට හානි වීමට ඉඩකඩ ඇතැයි ද ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රෝස තිරුවානා නිධිය කැණීම නවත්වයි
abaran Sunday, 15 July 2018 06:43 AM
මේ රෝස තිරුවානා තිබෙන ප්‍රදේශයේ සභාපතිගේ නමේ හැටියට ඔහු ලංකාවේ මනුස්සයෙක්ද කියලා මට සැකයි....