IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රෙජිනෝල්ඩ්ගෙන් විග්නේෂ්වරන්ට පිළිතුරු

 

 

 

රොමේෂ් මධුෂංඛ


”පළාත් සභාව විසුරූ පසු උතුරු ආණ්ඩුකාරවරයා කිලිනොච්චියේ පන්සල් හදන්න යයි” යන සිරස්තලය යටතේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා 2018.07.30 දමිළ පුවත්පතකට  කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත.


එම පුවත්පතට අනුව පළාත් සභාව විසුරු වු පසු කිලිනොච්චිය ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදිකිරීම සඳහා ආණ්ඩුකාරවරයා සැලසුම් සකස් කරමින්  සිටින බව විග්නේෂ්වරන් මහතා පවසා ඇත.


එම ප‍්‍රකාශය මුළුමනින්ම සාවද්‍යය බවත් එවැනි විහාරස්ථාන තැනීම හෝ ඉදිකිරීම සඳහා සැලසුමක් සකස් කර නොමැති බවත් එම නිවේදනනයේ සඳහන් වේ.

එහි මෙසේ ද සඳහන් ය. විග්නේෂ්වරන් මහතාට අප අභියෝග කරනුයේ ඉදිකිරීමට යෝජිත විහාරස්ථාන දෙක කවරක්ද යන්නත් එය ඉදිකරන ප‍්‍රදේශය අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හෙළි කරන ලෙසත්ය. 

කිසිඳු ආගමක් ප‍්‍රචාරණය කිරීමට හෝ ප‍්‍රවර්ධනය කිරීමට ආණ්ඩුකාරවරයා හෝ ආණ්ඩුකාර කාර්යාලය මේ වන තෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති අතර සෑම ආගමකටම ගරු කරමින් කටයුතු කරන ආණ්ඩුකාරවරයාට අභූත චෝදනා නොකරන ලෙස සී. වී. විග්නේෂ්වරන් මහතාට අවධාරණය කරමු.

පටු දේශපාලන වාසි තකා හැම විටම, හැමදාමත් අසත්‍ය ප‍්‍රකාශ කරමින් කටයුතු කරන විග්නේෂ්වරන් මහතාගේ තවත් බොරුවක් ලෙස මෙය හැඳින්විය හැකිය. 


පසුගිය කාලයේදීත් උතුරේ පුනරුත්තාපනය වූ තරුණයන්ට පුරුෂ ශක්තිය හීන වීම සඳහා එන්නත් ලබා දෙන බව ප‍්‍රකාශ කරමින් මහත් ඝෝෂාවක් කළ විග්නේෂ්වරන් මහතා එම බොරුව හමුවේද පරාජය විය. 


එසේම පසුගිය දිනක උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් 2017/285 නඩුවට අදාළව අභියාචනාධිකරණය ලබා දුන් අධිකරණ නියෝගයට සම්බන්ධව 2018.07.11, 12, 13 දිනැතිව යවන ලද ලිපි විග්නේෂ්වරන් මහතාට නොලැබූණු බව ප‍්‍රකාශ කරමින් අසත්‍ය ප‍්‍රකාශ පළාත් සභාවේදී ද කළ බව ට ද තහවුරු වී ඇත.


ඉතාම මෑතකදී උතුරේ ආණ්ඩු 3 ක් පවතින බව ප‍්‍රකාශ කරමින් මහත් ඝෝෂාවක් කළ ප‍්‍රධාන අමාත්‍යවරයා පසුව නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කරන ලදී.


උතුරේ සිංහල ජනපද ප‍්‍රවර්ධනය කරන බවට චෝදනා කළ ප‍්‍රධාන අමාත්‍යවරයා එහිදී ද අසත්‍ය ප‍්‍රකාශ කරන බවට සනාථ විය.



අදහස් (6)

රෙජිනෝල්ඩ්ගෙන් විග්නේෂ්වරන්ට පිළිතුරු

kalani Sunday, 19 August 2018 12:56 PM

"අපායට යන්න ඕනෙනම් නුඹට - කරපන් මහ ඇමතිකම එක දවසකට " මට මතක හැටියට යක්කඩුවේ හිමියන් ලියු අදහසක්.

:       0       101

sena Sunday, 19 August 2018 02:22 PM

ආණ්ඩුකාරතුමා උත්තර බඳින්නේ මොකද? උතුරේ පන්සල් හදන්න තහනමක් තියෙනවාද?

:       178       237

Mashi Sunday, 19 August 2018 05:28 PM

"තිස්ස" වෙහෙරට 1942 ලියූ ඔප්පුවක්, වර්ෂ 1959 නිර්මාණය වූ දමිල වර්ණ සිතියමක් හා වර්ෂ 1971 -1973 දී රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මැනීම් කටයුතු කර සකස්කරන ලද නගර සැලසුම් පිඹුරු පතෙහිද ' බුඩිස්ට් ටෙම්පල්' යනුවෙන් පැහැදිලිවම සටහන් වී ඇත. (යුද්ධයට වසර 10ක් පෙර) මහාවංශයට අනුව ලංකාවේ ප්‍රථම බෞද්ධයා වූ දේවානම්පියතිස්ස රජු බුදුදහම වැළඳගත් මුල් වසරේදී යාපාපටුනේ කල විහාර තුනවන දඹකොළ පට්ටන වෙහෙර, කදුරුගොඩ වෙහෙර හා තිස්ස විහාරය විශේෂ වේ. දැනට විනාශයට පත්ව ඇති තිස්ස විහාර භූමියේ කොටසක් නිදහස් කරගත හැකිවිය. පෙර කල දමිළ බෞද්ධයින් සිටි බවට සාක්ෂි ඇතත්, ඔහු බබෙක් වගේ සිටියි. හින්දු ආගමේ හා බුද්ධාගමේ සහ සම්බන්ධය නොදන්නා සේ රූකඩ රඟ දක්වන්නේය.

:       0       0

nuwan Sunday, 19 August 2018 06:00 PM

නියපොත්තෙන් කඩන්න තියෙන දේ බල බල ඉන්න ආණ්ඩුවක් මේක... දකුණේ කෝවිල් ඕනෙ තැනක හදන්න පුළුවන් උතුරේ බැහැලු... ආක්‍රමණ විදිහට ඇවිත් බින්න බැහැපු මිනිස්සු දැන් අපිට පන්සල් හදන්න එපා කියනවා.

:       0       0

Bandula. Monday, 20 August 2018 04:06 AM

ඔය විග්නේෂ්වරන් ලොක්කට නම් විකාර. දෙමළ මිනිසුන් සහජීවනයෙන් දකුණේ ඉන්නවා නම් මොකද සිංහල මිනිසුන්ට උතුරේ ඉන්න බැරිද? ඡන්දෙ ළඟ නිසා බොරුවට පිම්බෙන්න හදනවා.

:       0       0

Bandula. Monday, 20 August 2018 04:06 AM

දෙමල මිනිසුන් සහජීවනයෙන් දකුණේ ඉන්නවනම් මොකද සිංහල මිනිසුන්ට උතුරේ ඉන්න බැරිද? ඡන්දෙ ලග නිසා බොරුවට පිම්බෙන්න හදනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 634 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1178 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1385 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 766 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 729 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 239 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site