IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රැකියාව අහිමි කළැයි වහලය මත නැඟ සත්‍යග්‍රහයක

 
( ඔගස්ටීන් ප්‍රනාන්දු සහ ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ වසර හතරක සේවාකාලයෙන් පසු සේවා තහනමකට ලක්වූ කම්කරුවෙකු අද (15) පස්වරුවේ එම ප‍්‍රාදේශීය සභා භූමියේ ඇති අඩි අසූවක් උසැති ජලටැංකිය මත නැග උපවාසයක් ආරම්භ කළේය.
 
මෙසේ උපවාසයේ නිරතවූයේ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවෙකු ලෙස වසර 4ක් සේවය කළ දැනට වැඩතහනමකට ලක්ව සිටින ආරච්චිකට්ටුව පදිංචි ආර්ග සුනිල් ශාන්ත නැමති දෙදරු පියෙකි.
 
තමන්ට සිදු වු අසාධාරණය ගැන ඔහු මෙසේ සඳහන් කළේය.
 
මම මේ ප‍්‍රාදේශීය සභාවේ වසර 4ක් සේවය කළා.  අපේ උත්සව අවස්ථාවක් වෙලාවේ ලේකම්තුමා සමග වචන හුවමාරුවක් සිදුවුනා.   වැරදි හැසිරීම ඇතුලූ තවත් හේතු ගනනාවක් දාලා ලේකම්වරයා මගේ වැඩ තහනම් කලා.මමත් බිරිදත් දරුවන් දෙදෙනාත් ජීවත්වන්නේ අමාරුවෙන් අමාරුවෙන්  දරුවෝ පාසල් යනවා. ස්ථීර රැකියාවක් නෑ. මම වරදක් කළානම්මාව දොට්ට දැම්මා නම්ලේකම් වරයාත් අයින්වෙන්න  ඕනා හැමෝටම නීතිය පොදු වෙන්න  ඕනා.
 
 
මෙම අවස්ථාවේ ලේකම්වරයා ප‍්‍රාදේශීය සභාවේ නොසිටි අතර එම ස්ථානයට පැමිණි ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතා උපවාසකරු ජලටැංකිය මතින් බස්සවා ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දැරුවත් එය ව්‍යර්ථ විය.  ප. ව 5. 30 වන විටත් ඔහු සත්‍යග‍්‍රයේ නිරතව සිටියේය.
 



අදහස් (3)

රැකියාව අහිමි කළැයි වහලය මත නැඟ සත්‍යග්‍රහයක

isurandi Monday, 15 October 2018 01:41 PM

රාජකාරිය දේවකාරිය සේ සලකා තම තමන්ගේ තරාතිරම අනුව තැනේ හැටියට හැසිරීමත් ඉතා වැදගත්.

:       0       11

කල්ප Tuesday, 16 October 2018 04:31 AM

මමත් මහ නගර සභාවක ලේකම් කෙනෙක් ලෙස සේවය කලා. එම ආයතනවල ඉන්නේ බොහෝවිට සබාවේ සිටින හෝ සිටිය නියෝජිතයන්ගේ නෑයක් හෝ හිතවතුන්. ඔවුන්ට කිසිම නීතියක් රීතියක් නැහැ සියලු රාජ්‍ය නිළධාරීන්ගේ විනය පාලනය කරන. ආයතන සංග්‍රහය ඔවුන්ට වලංගු නැහැ. එහි දැක්වෙනවා ඉහල නිළධාරීන්ට අවනත නොවීම විනය විරෝධී කියලා. මොහු රාජ්‍ය සේවය අපකීර්තියට පත්කරන අයෙක්.

:       0       8

Sathya Tuesday, 16 October 2018 10:39 AM

මේ තමා රාජ්‍ය ආයතනවලට ඉන්න අනිත් පිළිල හැමෝම නොවුණත් දේශපාලන ගොටුවලින් එන බොහොමයක් කම්කරු, කාර්යාල කාර්ය සහායක, රියදුරු සේවකයින් හිතාගෙන ඉන්නේ නීතිය හෝ ආයතන සංග්‍රහයක් කියල දෙයක් නැහැ කියල. වැඩක් කරගන්න බෑ ඕනි විදියට.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 521 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1000 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1182 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 662 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 650 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 222 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site