IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රන්ජන් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන  29 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා  නියෝග කළේය.

  මන්ත්‍රීවරයාගේ  හඩ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට  යොමු කරන ලෙසද  මහෙස්ත්‍රාත් නියෝග කළේය. 

ඊයේ සවස  (14)   ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගියේය.

රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  නියම කරමින්  නුගේගොඩ මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා නිකුත් කළ වරෙන්තුවකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.

අද ( 15) උදෑසන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රන්ජන් රාමනායක  මහතා  29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි. 

(ඡායාරූප -ඉෂාන් සංජීව) 



අදහස් (55)

රන්ජන් රිමාන්ඩ්

Ruwani Wednesday, 15 January 2020 09:15 AM

රන්ජන්ට සාධාරණයක් විය යුතුය. මොහුගේ පුද්ගලික ටේප්ස් ප්‍රසිද්ධ කිරීම වැරැදියි. හියුමන් රයිට්වලට අයිති දෙයක්... පව්... හිත හොඳ තනිකඩයෙක්.. සැබෑවටම මිනිසුන්ට ආදරය කළ කෙනෙක්...

:       3961       4047

රංගන Wednesday, 15 January 2020 10:55 AM

රන්ජන්ගේ කටහඬ අනුකරණය කරමින් වෙනත් පුද්ගලයින් බුදුදහමට සහ වෙනත් ආගම්වලට අපහාස කරමින් හඬපට නිකුත් කිරීම් පිළිබඳව වගකිව යුත්තන් සොයා බැලිය යුතුයි. රන්ජන් මෙම හඬපට නිකුත් කර ඇත්තේ මහජනතාවට දූෂිතයා පිළිබඳව හෙලිකිරීමක් පිණිස මිස ඔහුට මෙයින් ලැබෙන වාසියක් නොමැත.

:       1018       811

විනිවිද Wednesday, 15 January 2020 02:49 PM

වර්තමාන පාර්ලිමේන්තුවේ උගත්, බුද්ධිමත් දුෂකයන් සහ නූගත් දූෂිතයන් කියා කණ්ඩායම් දෙකක් ඇත. උගත් වුවත්, නූගත් වුවත් දූෂිත්යා දූෂිතයාමයි. පාර්ලිමේන්තුවට වැදගත් මිනිසුන් සොයාගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවනු ඇත. නමුත් එය කෙසේ හෝ කළ යුතුයි.

:       5       63

සමන්Wednesday, 15 January 2020 07:52 PM

අනුකරණය? රන්ජන්ම පිළිඅරගෙන තියෙනවා මේවා එයාගේ හඬපට කියලා, අනික අනුකරණය කරා නම් අනෙක් පැත්තේ ඉන්න අයට පුලුවන්නේ මේවා බොරුයි කියන්න. කෝ කවුරුත් නෑ. ඔක්කොම බය වෙලා මීයට පිම්බා වගේ. කණගාටුයි මේ වගේ වහල් විදියට හිතන මිනිස්සු තාමත් ලංකාවේ ඉන්න එක ගැන. විඩියෝ සාක්ෂී නෙවෙයි, ළඟට ගෙනත් පෙන්නුවත් ඒවත් බොරුයි කියයි...

:       85       67

Hafeel Wednesday, 15 January 2020 11:02 AM

මොන තනිකඩයෙක්ද? දුරකථන සංවාදවලින් තේරෙනවා.

:       189       597

දිල්හාරWednesday, 15 January 2020 04:08 PM

අරුම පුදුම ශ්‍රී ලාංකික සෝෂල්‍ මීඩියා, පොලිසිය මිනීමරුවන් ආයුධ පේන්න එක්ක යනකොට අත්පුඩි ගහන මිනිස්සු රන්ජන් හොර දේශපාලුවන් හිරේ දාන්න හදනකොට දේශපාලුවන්ගේ පැත්තේ... රන්ජා හිරේ යන්නම ඕනෑ, වෙන මුකුත් නිසා නෙවේ, ලංකාවේ මෝඩ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිය එකට...

:       9       371

SamWednesday, 15 January 2020 11:12 AM

අනුන්ගේ කතා නොදන්වා පටිගත කරන්න කාටවත් අයිතියක් නෑ. අනිත් අයගේ පුද්ගලික බව නැතිකරලා ඉවරයි. ගෑණුන්ට නම් ආදරය කරලා තියනවා මිනිසුන්ට කෙසේවෙතත්...

:       197       391

Roshan Wednesday, 15 January 2020 03:17 PM

ඔයා හරි, නමුත් ඔය කවදාවත් කෝල් රෙකෝර්ඩ් කරන්න වෙලා නැහැ. මමත් දවසක් කෝල් රෙකෝර්ඩ් කරන්න උත්සාහ කරා. නමුත් වාසනාවට එ්කට ඇප් එකක් හොයාගන්න බැරිවුණා. එ් මට බැංකු, රක්ෂණ වගේ කෝල් රෙකෝර්ඩ් කරන්න. ඔවුන් හැමදාම බොරු කියන්නේ.

:       0       13

Dilahara SampthaWednesday, 15 January 2020 03:06 PM

සරලව හිතන්න. රංජන් හිරේ යන්නේ තමන් වෙනුවෙන් දෙයක් කරගන්න ගිහිල්ලද?

:       342       272

පිටිගල මිලානෝ Wednesday, 15 January 2020 09:19 AM

පුද්ගලික ටෙලිෆෝන් සංවාදවලදී කවුරු කවුරුත් කරන්නේ අනුන්ගේ රෙදි අපුල්ලන එකයි. ඒ දේවල්වලට හිරේ යවනවා නම් ලංකාවේ ගෑනු ඔක්කොම හිරේ දාන්න ඕනේ. මොකද ලංකාවේ ගෑනු තරම් ටෙලිෆෝන් වලින් රෙදි අපුල්ලන ජාතියක් තවත් නැති නිසා...

:       791       1271

රුවන්Wednesday, 15 January 2020 10:40 AM

රෙදි අපුල්ලපු එකට නෙවෙයි රිමාන්ඩ් කරල තියන්නෙ උසාවි විනිසුරන්ට කෝල් කරල බලපෑම් කරපු එකට. ඒ නිසා ඇත්ත සිද්දිය දන්නෙ නෑ වගේ හැසිරෙන්න එපා මිස්ට පිටිගල මිලානෝ.

:       1       1

ගල්කටස් Wednesday, 15 January 2020 09:30 AM

අාගමක් දහමක් නැති විකෘති අශාවන් දියවන්නාවට ගිය නුසුදුස්සන් 60%න් එකෙක් නම් ඉවරයි. අනිත් අය පක්ෂ භේදයෙන් තොරව ඉවත් කර දැමීම අපගේ පරම යුතුකමයි. ඉතිරිවෙලා ඉන්න සෘජු කෙලින් වැඩ කරන විනිසුරුවරුන්ට කෙළින් වැඩ කරන්න නම් රටක්, සමාජයක් විකෘති කළ මෙම මානසික අසහනකාරයාව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් කරන්න කොන්දක් අැති විනිසුරුවරයෙක් සිටිත්වායි පතමි...

:       2157       2271

Shan Wednesday, 15 January 2020 09:32 AM

බලමුකෝ යූඑන්පී අය විසිට් කරන්න එන්නේ කව්ද කියලා..

:       365       709

Hafeel Wednesday, 15 January 2020 09:37 AM

ශතකයක් ගහලා වගේ අත් දෙකම උස්සගෙන යනවා.

:       0       1

wimal Wednesday, 15 January 2020 09:41 AM

රන්ජන් ඇතුළට ගියත් එතුමාගේ හඩපට වැඩ.

:       1       0

GuneThursday, 16 January 2020 07:32 AM

එහෙම නැතුව කොහොමද අපට එළවලු මිල අමතක කරවන්නේ? රාජිතලා, චම්පිකලා නැතුවට මැතිවරණය එනකල් දුවන්න දැන් බඩු තියෙනවා...

:       0       6

siri Wednesday, 15 January 2020 09:42 AM

මේපාර අල්ලන්න ආපු කාටවත් හාදු දුන්නේ නැද්ද ? රටේ ඇත්තම ප්‍රශ්න සේරම දැන් මේ නාඩගම නිසා කාට කාටත් අමතකයිනේ.

:       0       5

Mahee Wednesday, 15 January 2020 09:51 AM

ඔබ මෝඩයෙකු සේ සලකා මම කමෙන්ට් ලිව්වා. තවමත් මම හිතන්නේ එහෙමයි. නමුත් ඕස්ට්‍රේලියාවේ සිට ආ රූමතියට පැය දෙකෙන් ඇප ලැබෙද්දී, සරණ උසාවියට යන්නත් කලින් ඇප ලැබෙද්දී, රාජිතලාට, චම්පිකලාට එක දවසෙන් ඇප ලැබෙද්දී ඔබට මොකද මේ වෙන්නේ...? ඔබ කියපු වර්ගයේ කට්ටියගේ නීතියයි මේ... දැන් මම ඔබට පක්ෂයි. මගේ ඡන්දයත් ඔබටයි.

:       1271       1851

mihira Wednesday, 15 January 2020 10:02 AM

දිට්ඨධම්මවේදනීය කියන්නේ ඕවට... මේක බුඩිස්ට් රටක්...

:       1054       2090

GuneWednesday, 15 January 2020 10:41 AM

හැබැයි ඔය දිට්ට ධම්ම වේදනීය අකුසල කර්ම පලදෙන්නත් විරුද්ධ පක්ෂේ ඉන්න ඕන. ආණ්ඩුව පැත්තේ හිටිය නම් සියලුම අකුසල කර්ම "අහෝසි කම්ම" බවට පත්වෙනවා. .

:       0       1

සත්‍යපාල Wednesday, 15 January 2020 11:18 AM

මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, ඝාතන, කරපු දේශපාලුවන් ඔය ඕනෑතරම් ඉන්නේ...

:       3       141

BamunuarachchiThursday, 16 January 2020 01:12 PM

සිංහල කොල්ලෝ කෙල්ලෝ 60000ක් මරලා ටයර් සෑයේ පුච්චපු එක ගැනද ඔය කියන්නේ?

:       3       0

Athula Wednesday, 15 January 2020 10:16 AM

මේක මහ අනතුරක පෙරනිමිත්තක්... ඔය වගේ දේවල්වලට හිරේ දානවා නම් කෝ හොරු? අපරාධ කාරයින් එළියේ ඉන්නේ කොහොමද? බලවත් තක්කඩි හොඳටම බයවෙලා වගේ... හඬපටවලට කොහොම නමුත් අප ඔබ සමගයි.

:       623       672

sunil Wednesday, 15 January 2020 10:20 AM

ඕක ඉතින් හොඳ දෙයක්නේ. මොකද ලංකාවේ දේශපාලනය කරන්ට රිමාන්ඩ් යනඑක ලොකු සුදුසු කමක්නේ...

:       2       23

සේන Wednesday, 15 January 2020 10:43 AM

අනේ මන්දා මේ මනුස්සයා අනුන්ගෙත් රෙදි ගළවලා තමනුත් ගළවා ගත්තා. මොහු සමඟ වැරදි වැඩවලට යොමු වුණු සියලු නිළධාරින්ට නීතිය ක්‍ක්‍රියාත්මක වෙයි කියලා හිතෙනවා.

:       1       0

Buddika Wednesday, 15 January 2020 11:07 AM

අනුන්ගේ ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සදාචාරාත්මක නැහැ. ඒ වගේම ආගමකට අපහාස කිරීම පහත් වැඩක්... මේ සියල්ල කළේ කළේ මොලේ නැතිකමට. නූගතුන් පාර්ලිමේන්තුවට යාම මූලික ගැටළුවක්.. මේක එජාපය විතරක් නොවේ. පොහොට්ටුව, එජනිස එකත් කරන දෙයක්. කප්පම්කාරයින්, චණ්ඩින්, කසිප්පුකාරයන්, කුඩුකාරයින් පාර්ලිමේන්තුවේ. රන්ජන් බලන්න එජාපය යන එක ගැන කමෙන්ට් ටිකක් තිබ්බා. ප්රරශ්නයක් නැහැ. කෙසේනමුත් මේ හඬපටිවලින් හෙළිවෙන්නේ මේ රටේ නීතිය ඉටුකරන තාක් පොලිසිවල ඇති ඛේදනීය තත්වයයි.

:       13       327

AkilaWednesday, 15 January 2020 04:11 PM

දෙදෙනෙක් අතර සිදුවූ සංවාදයක්, අපහස කිරීමක් ලෙස ගන්න බැහැ. එ්ක ඒ දෙන්නගේ පුද්ගලික සංවාදයක්....

:       238       263

කපුරු හාමි Wednesday, 15 January 2020 11:11 AM

රටම කාපු දූෂිත දේශපාලුවෝ, මිනීමරුවෝ නිදහසේ, එළියේ ඉන්නවා.. එළව එළවා පලිගන්න වැඩක් වගේ අපිට නම් පේන්නේ...

:       519       223

prakaash Wednesday, 15 January 2020 11:21 AM

මේ අයට කඩේ යන බත් බැලයිනුත් ඉන්නවා. මේ වගේ දුෂ්ඨයින්ට නම් දඬුවම් දිය යුතුයි.

:       486       900

athulaWednesday, 15 January 2020 12:45 PM

තමුන් කැමති රජයෙන් කරන ඕනෑම ජඩකමක් අනුමත කරන අය තමයි බත්බැලයන් මා එජාප කාරයෙක් නොවේ. නමුත් රන්ජන්ගේ සියළු දේවල් අනුමත නොකළත් ඔහු ජනතා දේපළ මංකොල්ල කාපු අයට එරෙහිව කුඩුකාරයින්ට එරෙහිව දූෂකයින්ට එරෙහිව තනියෙන් ගෙනගිය සටන ඉත ප්‍රශංසනීයයි. ඔය හඬපටිවල තියෙන්නේ ගොඩක් උපාසකයින් වගේ ඉන්න තක්කඩින්ගේ නියම ප්‍රතිරූපය හෙළිකරපු එක සේවයක් මට හිතෙන්නේ ඔබත් එහෙම දෙබිඩි චරිතයක් සාමාන්‍ය පුරවැසියෙකුට නම් රන්ජන් වරදක් නැහැ.

:       92       476

udayaThursday, 16 January 2020 01:39 AM

අතුල කලබල නැතුව ඉන්න. තව පටිගත කරපු ඒවා එනකොට ඔය බැටළු හම පොරවාගත්ත හිවලාගේ තරම තේරේවි...

:       50       1

gobbaya Wednesday, 15 January 2020 11:58 AM

නඩුකාරයින්ට ටෝක් දාපු දේවල් මෙදාපාර හරි ගිහින් නෑ වගේ...

:       70       162

GuneWednesday, 15 January 2020 03:26 PM

අපරාදේ කියන්න බෑ. ඔබ හොඳට ගැලපෙන අන්වර්ථ නාමයක් හොයාගෙන තියෙනවා.

:       6       59

athula Wednesday, 15 January 2020 12:47 PM

මා එජාප කාරයෙක් නොවුණත් රන්ජන් කාලේ ජනතා මෙහෙවරක් ඔය තක්කඩින්ගේ නිරුවත එළියට දාපු එක...

:       9       199

රජින්දWednesday, 15 January 2020 03:11 PM

දැන් එතකොට රන්ජන් අධිකරණයට බලපෑම් කිරීම අයිති වෙන්නේ මොන ජනතා මෙහෙවරටද? ඔහු තමන්ගේ ප්‍රයෝජනය පිණිස කරපු වැඩ අන්තිමේදී ඔහුටම පත්තුවුණා එච්චරයි. ඔහු කිසිසේත්ම වීරයෙක් නොවෙයි.

:       103       70

Warnakulasuriya Wednesday, 15 January 2020 05:17 PM

හොරෙක් නොවෙන දේශපාලකයෙක් ඇත්තටම වීරයෙක්. ජනතාවගේ සැබෑ ද්‍රෝහීන් වෙන්නේ දූෂණයේ යෙදෙන දේශපාලකයින්. රංජන්ට වුණේ කුණුගොඩවල් අවුස්සන්නට ගොස් අතේ තවරා ගැනීමකි. තාජුඩීන් ඝාතකයන්, ⁣භාරත ලක්ෂ්මන් ඝාතකයන් වීරයන් සේ සළකන්නටත්, සුළු වරදක් කළ රන්ජන් මහා අපරාධකරුවෙක් වශයෙන් සළකන්නටත් අද සමාජය පත්වීම කණගාටුවට කරුණකි...

:       19       208

rukshanWednesday, 15 January 2020 06:08 PM

දැන් මෙතුමා සමහරුන්ට වීරයෙක්. පොලිස් නිලධාරීන් සහ විනිසුරුවරුන් එක්ක විපක්ෂය දඩයම් කිරීම බොහොම හොඳ දෙයක්. ඔව් ඉතින් අපේ රටේ මාංචු දාගෙන අත් දෙක ඉස්සුවම ඕනෑම කෙනෙක් අපේ නූගත් මිනිස්සුන්ට වීරයෙක් වෙනවා.

:       5       63

tissa baba Wednesday, 15 January 2020 02:35 PM

කරලා තියන දේ නම් සදාචාරාත්මක නැහැ. අපිත් ඕනේනම් යාළුවොත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවනේ. ඒ විශ්වාසයට. නැතිනම් මිනිස්සු ඔහොම දේවල් ෆෝන්වලින් කතාකරන එකක් නැතිවෙයි. දුරකථන සමාගම්වලට තමයි පාඩුව...

:       49       44

Bandula. Wednesday, 15 January 2020 02:41 PM

මොනදේ වුණත් කල කල දේ පලදෙනවා. ඔය අතරම මහා බැංකු හොරුන්ගේ හඬපටත් ඇතිනේ... එ්කද දන්නේ නැහැ. මෙයාව ඇතුළට දාන්න හදිස්සි වුනේ... අපි බලාගෙන ඉමුකෝ...

:       5       37

6 Wednesday, 15 January 2020 03:45 PM

එහෙම නම් සරත් එන්. සිල්වාට එරෙහිවත් නඩු දමන්න.. මොකද ඔහුත් අධිකරණයට ඔහු විසින්ම බලපෑම් කරගත් බව ඔහු පිළිගෙන තිබෙනවා.. අපි බලාගෙන ඉන්නේ..

:       33       586

සම්පත් Wednesday, 15 January 2020 03:56 PM

රොබින් හුඩ් ලංකාවේ හිටියා නම් ශෙරීෆ් නොවේ.. රොබින් හූඩ් මරන්නේ, දුප්පත් මෝඩ මිනිස්සු...

:       16       48

hesa Wednesday, 15 January 2020 05:37 PM

මොනවා කළත් පුද්ගලික දුරකථන සංවාද පටිගත කිරීම මානසික රෝගයකින් පෙලෙන පහත් මානසිකත්වයක් ඇති අයගේ වැඩ...

:       1       130

Sanka Wednesday, 15 January 2020 06:11 PM

මෙතන ලියන ඔක්කොම ලියන්නේ හරියට දැනගෙන නෙමෙයි. රන්ජන්ව උසාවි ගෙනිච්චේ අධිකරණයට බලපෑම් කළා කියන චෝදනාවට... ඒක බරපතල චෝදනාවක්. ඔහු අධිකරණ තීන්දුවලට බලපෑම් කළා කියන එක හඬපට මගින් එළිවෙනවා.

:       83       485

SLWednesday, 15 January 2020 06:46 PM

කියලා වැඩක් නැහැ. තමන්ට පස්සේ බලපෑම් කරන්න (Blackmail) දුරකථන සංවාද පටිගත කරපු මිනිහා වීරයා වෙලා. කියන කතා ඇහුවම තේරෙනවා බාල අපරාධකාරයින්වත් රැකපු හැටි. මේවගේ කියන හැටියට නීතිය නවලා නෙමෙයි, අඹරලා පොඩිකරලා.

:       0       12

අසංක Thursday, 16 January 2020 02:38 AM

මේ රට අද මෙහෙම දුප්පත් ණය බරින් පිරිච්ච රටක් වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද මහජන දේපළ කෝටි ප්‍රකෝටි ගණන් හොරාකාපු මිනිස්සු දේවත්වයෙන් සලකද්දී රජයේ නිල නිවාසයක නිකම්ම සැහැල්ලු ජීවිතයක් ගත කරන හොරාට හොරා කියන මිනිහට වෛර කරන සමාජයක අපි ජීවත් වෙන්නේ...

:       11       2

සේපාල Thursday, 16 January 2020 02:39 AM

රන්ජන්ට විරුද්ධ අදහස් වලට ලයික් කරන අය අර ජනාධිපතිවරණයේදී වගේ රැවටිලා.

:       8       1

සුමුදුThursday, 16 January 2020 02:42 AM

සංඛ මහත්තයා, ඔයා විතරයි එතකොට සේරම දන්නේ. බලපෑම් කරලා හරි මිනී මරුවෙක් හිරේ දැම්ම එක හොඳයි කියලා හිතෙන්න තමන්ට දෙයක් වෙලා ඒකට සාධාරණය ඉෂ්ට නොවී ඉන්නකොට විතරයි.

:       10       1

surath Wednesday, 15 January 2020 11:09 PM

රන්ජට ඔය නඩුකාරයන්ට නඩු ගැන කතා කරන්න තරම් සවියක් කොහොමද ලැබුනේ ? එයාල මොකද රන්ජට අවනත වුනේ ? රන්ජන්ව ඉදිරියට දමලා තමුන්ගේ දේවල් කරගත්ත ලොක්කෝ නිශ්ශබ්දයි

:       0       9

yohan Wednesday, 15 January 2020 11:27 PM

රන්ජන්ව පෙන්න පෙන්න.. තිරයට මුවා වෙලා සම්පත් ටික විදේශිකයන්ට විකුණන්න නියම චාන්ස් එක. අර එම් සි සි එකත් දැන් සලකා බලමු... ඉස්සර තිත්තයි... පව් නේ !

:       8       11

mahinda Thursday, 16 January 2020 01:37 AM

අධිකරණයට බලපෑම් කළ සියලු දෙනාම අධිකරණයට යැවිය යුතුයි.

:       0       0

Amila Chathuranga Thursday, 16 January 2020 03:51 AM

අධිකරණයට බලපෑම් කළානම් ඒ බලපෑම් කරන උදවිය වගේම ඒවාට ලක්වෙලා නඩුතින්දු දෙන අයත් දඬුවමට ලක්වෙන්න ඕනෑ. බලපෑම්වලට යටත්නොවී වැඩකරන්න එයාලට රාමුවක් හදලා දීලා තියෙද්දීත් පාර්ලිමේන්තු කනිෂ්ඨ මන්ත්‍රිවරුන්ගේ බස්වලට නඩුතීන්දු වෙනස් කරනවා කියන්නේ එයාලත් වැරදි කාරයින්. මේ වගේ වැරැද්දකට කෝල් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විතරක් අත්අඩංගුවට ගන්න එක වැරදියි...

:       0       22

nimal Thursday, 16 January 2020 04:35 AM

මේ රටේ සිදුවෙලා තියෙන අපරාධවල හැටියට මෙසේ සිරගත විය යුත්තේ රන්ජන් පමණද? ඔහු කළ අපරාධය කුමක්ද? ඔහුගේ හැසිරීම අසම්ප්‍රදාය වෙන්නට පුළුවනි. එහෙත් ඔහු අපරාධයක්, අසාධාරණය කර ඇතිබව සාමාන්‍ය මහජනතාව වන අපිට නොපෙනේ. දූෂණ, වංචා, අල්ලස්, අපරාධවලට දායක වූ අය නිදැල්ලේ...

:       10       0

Gamini Thursday, 16 January 2020 05:04 AM

පෞද්ගලිකව කතාකරන ලද දේවල් ප්‍රසිද්ධ මාධ්‍යවල යනවා. උදේට පත්තරවල තියෙන දේවල්වලට වඩා දේවල් පත්තර කියවන අය කියනවා. පුංචි ළමයාගේ සිට සීයලා දක්වා ස්මාට් ෆෝන් එකේ. සමහර හාමුදුරුවරු බුදුබණ වලට වඩා වෙනත් බණ කියනවා ප්‍රසිද්ධ මාධ්‍යවල. පාසැල් වල විනයක් නෑ. ටියුෂන් හැමතැනම... ළමයිට ළමා කාලයක් නෑ. පුංචි කාලේ ඉඳලා තරඟේ. තව අවුරුදු 10කින් අපේ රට කොතැන තියෙයිද?. රට කරවන 225 මැදිහත් වෙලා ඉක්මණට නීතිරීති හදලා මේ රට ගොඩ නොදැම්මොත් ශ්‍රී ලංකාව කොතැනින් නවතියිද? දෙවියන්ට නීතිරීති, විනය හදන්න බෑ. 225ටම තමයි මේක කරන්න පුළුවන්නේ. කරුණාකරලා අදාල ප්‍රතිසංස්කරණ කරලා රට ගොඩ දාන්න.. විනයගරුක සමාජයක් හදන්න. අපේ හාමුදුරුවෝත් දේශපාලනයෙන් වෙන්වෙලා සමාජය හදන්න සහාය වෙන්න...

:       0       1

Ekanayaka Thursday, 16 January 2020 08:02 AM

ලැජ්ජා, බය නැති මේ වගේ අමනයින් උතුම් පාර්ලිමේන්තුවට යවන්න තරම් මෝඩයින් තවත් සිටීම ගැන දුකයි.

:       0       0

BamunuarachchiThursday, 16 January 2020 02:14 PM

මෝඩයින්ගේ රාජධානිය කොහේද?

:       14       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 391 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 811 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 984 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 555 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 576 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 200 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site