IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රණවිරු විරෝධතාව අවසන්

( නාලක සංජීව දහනායක සහ ඉන්දිකා රාමනායක)
 
කොළඹ කොටුවේ පැවැති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව සහ උපවාසය  නවත්වා දැමීමට අද  (30) දහවල් ඔවුහු පියවර ගත්හ.
 
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාවයෙහි  නිරත ආබාධිත රණවිරුවන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුහු උපවාසය අත්හැරියහ.
 
විපක්ෂ නායකවරයා   උපවාසයේ යෙදී සිටි  රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සභාපති  කොප්‍රල් යූඩී වසන්ත මහතාට තැඹිලි වතුර පොවා තමන්ගේ රජයක් යටතේ රණවිරුවන්ගේ සියලු  ගැටළුවලට විසඳුම් ලබා දෙන බව පැවසූ අතර,ඒ හේතුවෙන්   උපවාසය අත්හරින ලෙසට ඉල්ලීමක් ද  කළේය.
 
එම ඉල්ලීම සැලකිල්ලට ගත්  කොප්‍රල් යූ ඩී වසන්ත මහතා උපවාසය අත්හැරීමට එකඟ වී තිබිණ. මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මැද,  දින 20 ක් පමණ  කාලයක්  විරෝධතාවයේ  නියැලි  රණවිරුවෝ   විරෝධතාව සහ උපවාසය  නැවැත්වීමට කටයුතු කළහ.

 ( ඡායාරූප ළහිරු හර්ෂණ) 

 



අදහස් (42)

රණවිරු විරෝධතාව අවසන්

sarath Monday, 30 September 2019 09:17 AM

කවුද මේක මෙහෙය වූවේ කියන එක හොඳටම පැහැදිලි වුණා. ඡන්ද මාපියාවට රණවිරුවන් උගස් කරලා. ලැජ්ජයි.

:       4312       4147

nishaMonday, 30 September 2019 09:43 AM

මේක ආණ්ඩුවට පැය භාගෙන් විසඳන්න පුළුවන් වැඩක්..., මහා වැස්සේ සති දෙකක් නිකම්ම හිටියා. ඔවුන්ගේ ඉටි කොළෙත් උස්සගෙන ගියා. අනිත් අයට දොස්කියන්න කලින් තමන්ගේ විසඳුම් දෙන්න.

:       329       1051

kapMonday, 30 September 2019 10:11 AM

අද සොල්දාදුවා ඉල්ලන දේ හෙට අනික් රාජ්‍ය සේවකයන් ඉල්ලනවා. ඒ වගේ රටක් මේක. ඒකයි සොල්දාදුවා ජිවත් වෙලා ඉන්නකම් ආණ්ඩුවෙන් මුළු පඩිය ගෙවලා විශ්‍රාම පඩිය ජිවත් වන තෙක් කියලා කිව්වේ. එ්ක සාධාරණ දීමනාවක්.

:       316       53

samanMonday, 30 September 2019 10:27 AM

මෙතන ආණ්ඩුවට කඩේ යන උදවිය යුද්දේ කාලේ කිලිනොච්චි, මැදවච්චි කියපු උදවිය... ඔවුන්ට රණවිරුවන් පේන්න බැහැ.

:       239       457

senarathMonday, 30 September 2019 12:57 PM

මේක මෙහෙයූවේ පොහොට්ටුවෙන් නම් ඡන්දෙට කලින් මොකටද නවතන්නේ..?

:       8       311

Nissanka Monday, 30 September 2019 09:17 AM

දේශපාලන වාසි බලාගෙන මේ විරුවන්ව පාවිච්චි කරන එක අන්තිම නින්දිත වැඩක්.

:       534       976

samanwimalMonday, 30 September 2019 09:44 AM

ද්‍රවිඩ ඡන්ද වලට කෑදරකමින් රණවිරුවන් හිරේ විලංගුවේ දැමීමෙන් පෙනෙන්නේ බලයට තියන කෑදරකම නේද?

:       366       891

SISIRAMonday, 30 September 2019 09:54 AM

රණවිරුවාට විස්වාසය තියන්න පුළුවන් කෙනා ආවම එයාලව පිළි අරන් ඇයි තරහ ගන්නේ? රණවිරුවන්ව හිරේ දාපු අයව විශ්වාස කරන්නද කියන්නේ? යුධ ජයග්‍රහණය වත් සමරන්න බැරි හිවලුන්ට කඩේ යන්න එපා. සිංහයෙක් වගේ ඉන්න උත්සාහා කරන්න.

:       835       1061

කටුකන්න තිස්සMonday, 30 September 2019 03:33 PM

සිංහ හම පෙරෝගත්තට සිසිල්ල වගේ රිලව් සිංහයින් වෙන්නේ නැහැ. හොඳ සිංහල සෝල්දාදුවන් කවුරුත් හිරේ නැහැ. ඉන්න නරියෙක්ට කඩේ ගිහිල්ලා සුදු වෑන් වලින් මිනිස්සු උස්සපු ටිකක්. උන් ඇත්තට ඉන්න ඕනේ ඔහොමත් නෙමේ, සල්ලි වලට මිනිස්සු උස්සලා කප්පම් ගහපු හිරේ ඉන්න අය සිංහයන් වගේ පේන්නේ සිසිල වගේ අයට විතරයි...

:       3       18

Rasika PradeepThursday, 03 October 2019 09:02 AM

මෙතන දේශපාලනික වාසියක් වෙනුවෙන්නම් වැඩ කළේ ඒ දේශපාලන මතවාදය වටේ අපි හිටගන්න ඕනේ. 2009 යුද්දේ ඉවර උනාට එදා යුද්ධ කළේ අවුරුදු 20 -30 කොල්ලෝ. මෙයාලා විශ්‍රාම යන්න පටන්ගත්තේ යුද්දේ අන්තිම දවසේ ඉදලා නෙවෙයි සහෝදරයා. අනික දෙමළ ඡන්ද ටික හිඟා කන්න දෙමළ සන්ධානේ සතුටු කරන්න හමුදාවේ කොල්ලෝ හිරේ දාද්දි ඔයාලා කොහෙද හිටියේ?

:       0       39

Dayan Monday, 30 September 2019 09:18 AM

කොන්ත්‍රාත් එක හරියටම ඉටු කරලා තියෙනවා.

:       767       686

Lanka Monday, 30 September 2019 09:18 AM

වීරවංශට තැඹිලි පෙව්වා වගේ වැඩක්.

:       429       353

Hema Monday, 30 September 2019 09:18 AM

කිව්වම කරන්න. කිව්වම නතර කරන්න.දේශපාලනය.

:       172       313

ටි ඉන්දික Monday, 30 September 2019 09:21 AM

පේනවනේ ඡන්ද මගඩියක් කියලා, නැත්නම් ආණ්ඩුවෙන් අනුමත කරල තියෙද්දිත් අවසන් නොකළ උපවාසය දැන් අවසන් කළේ මොකටද?

:       578       443

සත්‍යපාල Monday, 30 September 2019 09:22 AM

ඔහොම තමා බලයට එනකම් දුෂිත දේශපාලුවෝ පොරොන්දු දෙන්නේ.බලයට ආවට පස්සේ කරපු හරියත් නොදන්නවා නෙවෙයි.

:       11       91

peiris Monday, 30 September 2019 09:23 AM

තිර පිටපත් රචකයා සහ නිෂ්පාදකයා පැමිණි වහාම නාටකය එසේ අවසන් විය.

:       867       774

ranil Monday, 30 September 2019 09:27 AM

ලෙමන් පෆ් පාට් 2 ... හා හා .. හිනාව නවත්තගන්න බෑ.. අයියෝ බොස්, ඇයි මෙච්චර පරක්කු වෙලා ආවේ. උපවාසෙ පටන් ගත්ත පළවෙනි දිනේම ඇවිල්ලා මේ දේ කිව්වා නම්, මේ අය වැස්සේ තෙමෙන්නෙත් නෑ. අව්වේ චාටර් වෙන්නෙත් නෑ.. පාරෙ බ්ලොක් වෙන්නෙත් නෑ. අනික් මිනිස්සුන්ට කරදර වෙන්නෙත් නෑ. විහිලු සපයන්න අපිට ඉන්නවා බන්දුයි, ටෙනියි. ඇයි ඔබතුමා ඒ දේ කරන්නේ?

:       1020       815

ලුම්බිණි Monday, 30 September 2019 09:28 AM

දැන් පේනවා මොකද මේ උපවාසේ කලේ කියලා...

:       208       126

අනුර Monday, 30 September 2019 09:30 AM

මට නම් පේන්නේ මේවා ඡන්ද නාට්‍ය වගෙයි...

:       92       32

jaya Monday, 30 September 2019 09:30 AM

ඔය පෙනෙන්නේ මේක කාගේ වැඩක්ද කියලා......

:       539       511

අබිලික් Monday, 30 September 2019 09:37 AM

අද දහවල් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මොවුන් හමුවී ඉක්මණින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොපමාව විසඳුමක් සමග ඉක්මණින් නැවත මොවුන් හමුවෙනවා කිව්වා. එය නොපිළිගත් මෙම කණ්ඩායම විපක්ෂ නායකගේ තැඹිලි වීදුරුව බී උපවාසය අත්හැරියා. මෙම උපවාසයත් හරියට ඇමරිකාවට විරුද්ධව තුංමුල්ලේ විමල් සිදුකළ උපවාසයට දෙවැනි නැහැ.

:       730       763

අබිලික්Tuesday, 01 October 2019 01:05 AM

යුද්ධය ඉවරවුනේ 2009 අවුරුද්දේ. දැන් සිටින විපක්ෂ නායකතුමා 2010 දී දෙවන වරටත් ජනාධිපති වෙලා 2014 අවසාන වෙනතුරු සිටියා. එතුමාට මොවුන්ගේ ප්‍රශ්ණය ඒ කාලේ විසදීමට බැරිවුනානම් නොදී නැවත බලයට ආවම විසදනවා කිව්වම පිලිගන්න පුළුවන්ද මෙහි තියෙන්නේ දේශපාලන උප්පරවැට්ටියක්.

:       0       0

sandy123 Monday, 30 September 2019 09:43 AM

වහල් භාවය කොච්චර දුරට අපේ ජීවිතවලට කිඳාබැහැලද? දේශපාලන අතකොලු වෙන්න තරම් මේ ඇයි මේ තරම් පහත් තත්වයට පත්වෙන්නේ...?

:       417       363

Sudubanda Monday, 30 September 2019 09:51 AM

ගොන් පාර්ට්....

:       32       127

Sunil milano Monday, 30 September 2019 09:55 AM

රණවිරුවන් ඉදිරියට.ජනාධිපතිතුමා හරි අගතිගාමියි.සජිත්,මංගල යන මහතුන් ගිහින් පොරොන්දු වුනානම් ඔය උපවාසය නවත්නවා.මහින්ද මහත්තයා ගියාම ඒ සේරම වැරදි ඔහුගේ පිටේ පටවන කුජීත ජාතියක් සිටීම ගැන කණගාටුයි.

:       181       422

සමන්ත Monday, 30 September 2019 09:55 AM

ගොඩක් අයට රිදිලා වගේ.

:       158       208

JANISMonday, 30 September 2019 11:48 AM

ඔයාට රිදුනේ නැතිවුණාට, මේ පාර දේශපාලකයාගේ අමන වැඩ නිසා මහජනතාව හැමදාම දුක් කරදරේ, රිදෙන්නේ නැද්ද?

:       121       48

sirimal Monday, 30 September 2019 09:59 AM

දැන් තේරෙනවා නේද මේ උපවාසයයි, වර්ජන රැල්ලයි සේරගේම යටි අරමුණ මොකද්ද කියලා? අද අප්‍රමාණ පීඩාවන්ට ලක්ව විසඳුම් පතා සටන් කරන ආබාධිත රණවිරුවන්ගේ අතපය අහිමි වූයේ, ජීවිත අහිමිව බිරින්දෑවරුන්, වැන්දඹු වූයේ 2009දී අවසන් වූ යුද්ධයට පෙරයි. 2009න් පසුව කිසිම ආබාධිත සෙබලෙකු මෙරට බිහිවී නැත. අද විසඳුම් පතා සටන් කරන ආබාධිත රණවිරුවන් අභියසට එන පොහොට්ටුවේ අය ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට බලය දෙන ලෙසට "වොයිස් කට්" දෙති. ඔවුන් අනියමින් පවසනුයේ මෙම ගැටළුව පැන නැගුනේ 2015න් පසුව බවය. 2009 සිට 2015 දක්වා කාලය තුළ මෙම ගැටළුව වෙනුවෙන් තඹ දොයිතුවක විසඳුමක් ලබා නොදුන් මේ පිරිස් ඒ යුගයේ එවන් සටන්ද මර්ධනය කළේ සාහසික ලෙසය. හිටපු පාලකයින්ගේ නොසලකා හැරීම නිසා අරගල බිමට බට ආබාධිත රණවිරුවන් ඉදිරියේ අද ඔවුන්ම හැසිරෙන ආකාරයද ඉතා පිළිකුල් සහගතය. මොවුන් මේ දඟලන්නේ මේකෙනුත් දේශපාලන වාසි ලබා ගන්නටයි.

:       665       446

SudathMonday, 30 September 2019 11:56 AM

පසුගිය කාලය තුළ 2009-2015 දක්වා රණවිරුවන් වෙනුවෙන් එවකට රජය කළ දේවල් සොයා බලන්න. ඔවුන්ට දිවැස් නැහැ හැමදේම කරන්න. මේ රජය අද පටන් රණවිරුවන්ට සලකන පහත් තත්වය හැමෝම අත්දුටුවා.

:       58       68

Uditha - london Monday, 30 September 2019 10:07 AM

මේවා ඔක්කොම ජවනිකා.මේගොල්ලෝ කතා කරලා ගේම් එක ගහන්නේ.අද උදේ සජිත් ආවා.මහින්ද ආවා.අද තමා කට්ටියම ආවේ.එහෙම ආව දවසේ මේගොල්ලෝ මේක අවසන් කළා. මහජනතාව තණකොළ කනවා කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ?

:       31       46

Lal Monday, 30 September 2019 10:14 AM

මේ කට්ටිය නියම රණවිරුවන්ගේ ප්‍රතිරූපෙත් විනාශ කරා. මේ අයට තිබෙන ප්‍රශ්නය මහින්ද ගෝඨා පාක්ෂිකයන් වීම.

:       2       59

Prabha Monday, 30 September 2019 10:16 AM

ඇයි දවස් 20 ක් බලන් හිටියේ ?

:       25       21

siriMonday, 30 September 2019 10:55 AM

බලාපොරොත්තු වුණු දේශපාලන වාසි ලැබෙනකල්නේ දවස් 20 බලාගෙන හිටියේ... සජිත් හොටේ දැම්මා දැක්කට පස්සේ " මේ හාදයා බළල්ලු ලවා කොස් ඇට සේරම බාවාගන්න යනවා" කියලා බයවෙන්නත් ඇති සමහරවිට...

:       7       13

janis Monday, 30 September 2019 10:19 AM

අනේ සර් , දුම්රිය සේවකයන්ටත් මොනව හරි කමක් නැහැ දීලා අපිට වැඩට යන්න දුම්රිය ටික දුවවල දෙන්නකෝ. මම අනිවාර්යයෙන්ම ඔබට ඡන්දේ දෙනවමයි.

:       4       65

dilal Monday, 30 September 2019 10:42 AM

ඔබතුමාට පුළුවන් දුම්රිය ඇතුළු අනිකුත් වැඩ වර්ජන කීපයත් නතරකරන්න. නොවැම්බර් 16 දක්වා ඉවසන්න කියා ජනතාව වෙනුවෙන්....

:       2       32

Cpe Monday, 30 September 2019 10:46 AM

සජිත් ඇවිල්ලා ලකුණු දාගනී කියලා මහී බයවුණා. ඉතින් නාට්ටිය ඉවර කළා.

:       20       53

Rohana Monday, 30 September 2019 11:36 AM

දැන් පේනවා නේද වැඩවර්ජන මෙහෙයවන්නේ කවුද කියලා...?

:       36       29

Gamarala Monday, 30 September 2019 11:56 AM

දැන් ඉතින් මේකට එකඑක කට කැඩිච්ච කතා කියයි.

:       2       4

Kumara Monday, 30 September 2019 12:41 PM

යුද්දෙ ඉවර වුණේ 2015න් පස්සේ..

:       9       0

Rata Perata Monday, 30 September 2019 02:55 PM

මොවුන්ගේ ඔක්කොම බොරු සෝබන වැඩ...

:       0       41

jine Thursday, 03 October 2019 06:30 AM

මෙන්න මෙහෙමයි මෙයාලා රට කන්නේ අපි බබ්බු කියලා හිතන් ඇති මේවා හොදයි ... වහල්ලුන්ට ...

:       0       0

kalalini Thursday, 03 October 2019 06:33 AM

මේවා දැකලා ඇතිවෙලා.. මහින්දලා හැමදාම රට විනාශ කරන වැඩතමයි කලේ මේ තියෙන්න හොඳ උදාහරණ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 331 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 689 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 850 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 463 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 521 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 185 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site