IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

(රංජන් කස්තුරි)

කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුම්වත් කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින්  හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බවද පබා පළිහවඩන මහත්මිය කීවාය.

යම් අයුරකින් සැක සහිත රෝගීන් හමුවුණ හොත් ඔවුන් වෙන වෙනම නිරෝධානය කිරීමට පියවර ගන්නා බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.

මීට අමතරව එම ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ට රෝගයෙන් වැළකීසිටීම සඳහා වන මනා සෞඛ්‍ය පුරුදු පිළිබඳව අවබෝධයක් ලබාදෙන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.



අදහස් (10)

රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

AnandaR Tuesday, 28 January 2020 04:14 PM

මේ වැඩේ නම් ඩෙංගු මදුරු කීටයන් හොයනවටත් වඩා අමාරු වෙයි.

:       0       2

isuru Tuesday, 28 January 2020 05:24 PM

2025 වෙනකොට ශ්‍රී ලංකාව චීනයේ කොළනියක් වීම වළක්වන්න බෑ.

:       11       2

kamil Tuesday, 28 January 2020 05:26 PM

ඉසුරු, රාජපක්ෂලා දැනටමත් ලංකාවෙන් විශාල භූමියක් විකුණා අවසන්...................

:       7       2

ජුන්ඩා Tuesday, 28 January 2020 05:49 PM

ඔක්කොටම ඉස්සෙල්ලා ඔය ඉන්න චීන්නුන්ට වලංගු " විසා "තියෙනවාද බලන්න. විසා අවලංගු චීන්නු ඔක්කොම අපහු චීනෙට පටවන්න. දැනටමත් විසා නැති චීන්නු මේ රටේ මෝඩ ගෑණුන්ව කසාද බැඳගෙන ඉන්නවා.

:       12       69

lanka Tuesday, 28 January 2020 08:13 PM

මනා සෞඛ්‍ය පුරුදු වලට ගැරඬි, කම්බි පනුවෝ, ගෙම්බෝ, තලගොයි, කලවැද්දෝ, මියෝ, ඉත්තෑවෝ, වවුල්ලු වගේ සත්තු කන්න එපා කියලා අවවාද කලොත් ඉතාම හොඳයි.

:       0       33

sunil perera Wednesday, 29 January 2020 02:05 AM

බලධාරීන් වහාම කලයුත්තේ චීනයේ සිට පැමිණෙන සියලුම ගුවන් යානා කොලබට ඇතුල්වීම තාවකාලිකව නවතා දැමීමයි. ඊට හේතුව ලෙස මා දක්වන්නේ චීනයේ අවට තිබෙන සියලුම රටවල් තම පිවිසුම් දොරොටු ඔවුන් ආවරණය කිරීමේ හේතුව නිසයි. මෙහි සේවය කරන චීන ජාතිකයන්ට පිටවීම තාවකාලිකව අත්හිටවිය යුතුයි .

:       14       15

sharm warn Wednesday, 29 January 2020 03:28 AM

අනිවාර්යයෙන් පරික්ෂ කල යුතුයි. විශේෂයෙන් දෙසම්බරේ සිට ලංකාවට පැමිණි අයව පරික්ෂා කල යුතුයි. ඕනේ නම් විසා නැතුව ඉන්න කට්ටිය එහෙමත් අහු වේවි ඉතින් ,....

:       0       23

Akila Wednesday, 29 January 2020 05:04 AM

පහුවෙලා උනත් ඉතා හොඳ වැඩක් , ඒ වගේම චීනයේ ඉඳලා මෑතකදී ලංකවට ඇවිල්ල ඉන්න ලංකවේ අයටත් වහාම ගිහින් සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්න කියලා දැනුම් දෙන්න

:       0       1

lalithm Wednesday, 29 January 2020 06:51 AM

මෙච්චර කතා ඕනේ නැහැ. ඉන්න ඔක්කොම චීන කම්කරුවෝ යවන්න පුළුවන්නේ. ඉස්සර මහවැලිය හදන කලේ ස්වීඩන් බ්‍රිතාන්‍ය කම්කරුවෝ මෙහෙ හිටියේ නැහැනේ. දැන් අපේ සේවකයින් වෙනුවට ණය දෙන රටවල උන්ට රැකියා දීල ණය පොලියත් එක්ක ගෙවන ක්‍රමය සකස් කලා.

:       0       5

de silva Wednesday, 29 January 2020 07:03 AM

ඉන්න මිනිස්සු පරික්ෂා කිරීමට පෙර කලයුත්තේ අලුතෙන් ඇතුළුවන්නන් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීම ඊට පස්සේ පුළුවන් ඇතුලේ ඉන්න මිනිස්සු පරික්ෂ කරන්න. අපි හැමදාම කරන්නේ ඔක්කොම අනාගන්න එක.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 350 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 729 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 893 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 489 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 538 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 191 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site