හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා. ඇල්පිටියේ ඊයේ (20දා) පැවැති ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් අතරතුර ඔහු මෙලෙස රෝගී වූ බවයි සඳහන් වන්නේ.
සරත් චන්ද්‍රසිරි මහතා මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ආරංචි සඳහන් කරනවා. කෙසේ වෙතත් දින දෙක තුනක කාලයක් ඔහුට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට සිදු වනු ඇතැයිද සඳහන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd