IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යෝෂිතට නඩු පැවරීමට නීතිපති උපදෙස් විමසයි

නිමන්ති රණසිංහ 
 
මුදල් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධියට අදාළව නාවික හමුදාවේ හිටපු ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණීය වූ ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපෙදස් සඳහා උදෘත ගොනුකර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (26)  දැනුම් දුන්නේය.
 
අයථා මාර්ගයෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපොළ මිලදී ගැනීමට යොදවා ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම විමර්ශන පැවැත්වීය.
 
 රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 36 වටිනාකමකින්  යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ නඩුව අද  ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.



අදහස් (9)

යෝෂිතට නඩු පැවරීමට නීතිපති උපදෙස් විමසයි

පිටිගල මිලානෝ Wednesday, 26 September 2018 04:26 PM

මෙය හරිම අසාධාරණයි.

:       616       153

Uditha - LondonThursday, 27 September 2018 05:29 AM

මෙහි කිසිදු අසාදාරනයක් නැහැ. කොතනද අසාධාරණයක් තියෙන්නේ? තමන් හම්බ කරන අදායමට වඩා කෙනෙක්ට අසාමාන්‍ය දේපොලක් අදායමක් පෙන්නුම් කරනවානම් එතන යම් දුෂණයක් තියනවා. ඔහු ඒවා හම්බ කර ගත්තේ කොහොමද? තමන් නිවැරදිව දන්නවනම් ඒවා කොහොමද තමන් හම්බ කර ගත්තේ කියලා පැහැදිලි සාක්ෂි සමග ගරු අධිකරණයට ඉදිරිපත් කලහම හරි. මෙතන වන්නේ වැරදි ටික වහ ගන්න තව තව වැරදි කරනවා.

:       0       409

පිටිගල මිලානෝ Thursday, 27 September 2018 06:37 AM

ඉහත ප්‍රකාශයට මගේ සම්බන්ධයක් නැත.

:       0       3

ruwan kotuwelle Wednesday, 26 September 2018 08:09 PM

රන්ජන් උසාවියට අපහස කළාය කියන නීති මහත්තුරු අඹ ගෙඩි තුන හොරකම් කල අහිංසක අයට දෙන දඬුවම් හා ක්‍රියා පරිපාටිය දන්නවා , නමුත් ලොකු ජාත්‍යන්තර හොරුන්ට එය අදාළ වෙන විධිය දන්නේ නෑ. රන්ජන් හරි...

:       1       159

sanjeewa Wednesday, 26 September 2018 11:59 PM

නීතිපති උපදෙස් මොකටද? සාක්කි තියෙනවනම් නඩු දාන්නනේ තියෙන්නේ. පොඩි මනුස්සයෙක්ට මේක වුනානම් බලාගන්න තිබ්බා කුදලාගෙන යනහැටි.

:       0       205

Chanak Los angeles Thursday, 27 September 2018 01:42 AM

ලංකාවේ පවතින නීතිය අනුව තාත්ත රජා නම් පුතාලට කල නොහැක්කක් නොමැත.

:       0       149

පිටිගල මිලානෝ Thursday, 27 September 2018 05:58 AM

පිටිගල දුෂණයට විරුද්ධයි.

:       0       8

බණ්ඩාර Thursday, 27 September 2018 06:58 AM

යුද්ධය අවසන් කරන්න දායකත්වය දුන් කෙනෙක්. රණවිරු සංවිධාන මේ මොහොතේ ඉදිරියට ආ යුතුයි. ඇයි ඔවුන් නිහඬ? හදවතින් අප යුධ බිමේ ඔබ තනිකළේ නැත කිසි දිනේ.

:       121       8

Hafeel Thursday, 27 September 2018 11:18 AM

බණ්ඩාර මහතා, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින් ජයතිස්ස සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කලා යුද සමයේ යෝෂිත සහභාගිවුණු එක මෙහයුමක් හරි තියනවනං කියන්නයි කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 469 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 924 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1090 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 620 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 625 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 215 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site