IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යූ.එන්.පී. විරෝධී අරගලය බිඳවැටුණේ ද්‍රවිඩ සන්ධානයට එකඟ නොවූ නිසයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් වු මොහොතේ  වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිටින ද්‍රවිඩ ජාතික සංන්ධානයේ ඉල්ලීම්වලට මහින්ද රාජපක්ෂ මහතා එකඟ වුයේ නම්  අද පවතින්නේ මහින්ද රාජපක්ෂ රජයක් බව   එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (16)   පැවසීය.


ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී  මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. 

 

එමෙන්ම තම කණ්ඩායම පටන් ගත් යුඑන්පී හා යහපාලන විරෝධි  අරගලය පසුබැසීමකට ලක්වුයේ  උපාය මාර්ගික ක්‍රමවේද තුළ තිබු  වැරදි සහගත ස්වභාවය නිසා යැයි ද හෙතෙම පැවසීය.  

 

මෙම පුවත් පත් සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ටී.රංජිත් සොයිසා මහතා මෙසේ ද කීය. 

 

විශාල ජනවරමකින් ජනපති වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර වසර තුනකින් පමණ පසු ඇතිවු විරසකය තුළින් රනිල් මහත්තයාට කිසිදු නායකයෙක් සමඟ එකට වැඩ කළ නොහැකි බවට පෙනෙනවා. කලින් චන්‍ද්‍රිකා මැතිණිය සමඟත් වුණේ ඒකමයි. 

 

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය එපා වුණේ ඇයි කියලා එක්සත් ජාතික පාක්‍ෂිකයන් තමන්ගේ හදවතින් විමසලා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

 

“අද එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්වෙලා තියන ද්‍රවිඩ සන්ධානය  මහින්ද මහත්මයා අගමැති වුණ වෙලාවේ  රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි  නිවසේදී  වෙලාවේ සහය දෙන්න නම්  කියා කොන්දේසි පහක් ඉදිරිපත් කළා. මෙන්න ඒ කොන්දේසි.“

 

1. ආරක්‍ෂක හමුදාව යාපනයෙන් ඉවත්කිරිම
2. යාපනයේ හමුදා කඳවුරු ඉවත් කිරිම
3. හිර දඬුවම් ලැබූ එල්ටීටිඊ සාමාජිකයන් නිදහස් කිරිම
4. ෆෙඩරල් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරිම
5. ඒ සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිම

 

“ඒ  වෙලාවේ දි බලයට තියන කෑදරකම නිසා ඒවාට එකඟ වුණානම් අද තියෙන්නේ 125ට එහාගිය බලයක් ඇති මහින්ද රාජපක්‍ෂ රජයක්. “

 

“ඒවගේම රටට වින කරපු, ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂෙප වු පුද්ගලයන් ඇවිත් මුදල් ඇමතිකම, සෞඛ්‍ය ඇමතිකම, බස්නාහිර පළාත් සංවර්ධන ඇමතිකම ඉල්ලන වෙලාවෙ දුන්නනම් ඒත් අද තියෙන්නේ 125ට එහා ගිය මහින්ද රාජපක්‍ෂ රජයක්“  යයිද රංජිත් සොයිසා මහතා පැවසීය. 



අදහස් (33)

යූ.එන්.පී. විරෝධී අරගලය බිඳවැටුණේ ද්‍රවිඩ සන්ධානයට එකඟ නොවූ නිසයි

Sunilgamini Sunday, 16 December 2018 12:39 PM

ජාතිවාදය වපුරපියව්... වෙන මොනවද දන්නේ?

:       1872       1966

KolithaSunday, 16 December 2018 01:28 PM

නොදන්නා මඟුල් නොකියා ඉන්න.. ජාතිවාදය එජාපය එකෙන් එළියට ආපු එකක්... සිරිල් මතෙව් ඒක වපුරමින් හිටියෙ JR ගෙ කාලේ....

:       409       375

BamunuarachchiMonday, 17 December 2018 12:48 AM

ඒක ජාතිවාද නොවෙයි. පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේම පෙන්නුවා ඔවුන් කොහොමද විභාග සමත් වෙන්නේ කියලා. මෙතන ලියන හිච්චි කොල්ලෝ ඕවා දන්නේ නැහැ. ගිරව් වගේ ජාතිවාදයක් ගැන කතා කොරනවා.

:       35       34

saraSunday, 16 December 2018 02:34 PM

අවජාතක හැත්තක්...

:       0       0

BamunuarachchiSunday, 16 December 2018 04:09 PM

හලෝ දන්නා මගුලක් කතා කරනවා. සිංහලයින්ව බුරුතු ගණන්... මරනකොට පාරකට එන්නේ නැතිව ඇඳන් යට හිටිය ඔහෙලා දැන් අපිට ජාතිවාදය කියලා දෙන්න එනවා.

:       1       27

chanak los angelesMonday, 17 December 2018 09:50 PM

අනේද කියන්නේ... හිතන් ඉන්න ඇති පස්ස දොරෙන් රිංගලා රජවෙන්න.... කනෙන් ඇදලා එලියට දැම්මේ දැන් ගහන්න හදනවා ජාතිවාදී තුරුම්පුව.

:       0       0

d.upul Sunday, 16 December 2018 12:43 PM

ගෙදර යන්න ඉස්සෙල්ලා මේවා කිව්වා නම් තමයි වටින්නේ...

:       283       375

රවින් Sunday, 16 December 2018 01:06 PM

දේශපාලකයින් කියන කරන දේවල් මහජනයා සාවධානව අසා සිටියි...

:       0       0

rocky Sunday, 16 December 2018 01:08 PM

අනේ නිකම් ඉන්න මහත්තයෝ, කෙබර කෙලින්නේ නැතුව! ඔහෙලා ඒ මිනිස්සුන්ට ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම් කියලා කිව්වත්, ඔහෙලගේ අවනීතික වැඩේට සපෝර්ට් එක දෙන්න සම්බන්ධන් මහත්තයා කැමති වුනේ නැහැ. දෙසැරයක්ම පින්සේණ්ඩු වුණානේ. කට ඇරියොත් කෙප්ප කෙලින අතිගරුතුමාව විශ්වාස කරන්නේ කවුද? ඒ ඇරත් ඔය පොහොට්ටුවන්ගේ ලොක්කන්ට වඩා සම්බන්ධන් මහත්තයලාට ප්‍රතිපත්ති තිබෙනවා. පොහොට්ටුවෝ වගේ එහාට මෙහාට පනින්නේ නැහැ!

:       0       0

shan saudi Sunday, 16 December 2018 01:10 PM

කට අැරගෙන බලාඉන්න ඇති වහගෙන කන්නම් කියලා.. දැන් දුක ඇති කන්න වරම නැති වුණාට... පුළුවන් නම් කියන්න බලන්න රට වෙනුවෙන් තමුන්ගේ ආණ්ඩුව කාලේ තමුන් කළ එක වැඩක්... ජනතාවට කලේ එකයි හොරකම් කල එක හා ජනතාවගේ බදු මුදල් වලින් සැප විඳ පඩි ගත්තා... එච්චරයි.

:       604       558

BamunuarachchiMonday, 17 December 2018 01:04 AM

හලෝ ඔහේ කතා කරන්නේ මොන මුඛයෙන්ද? ඔබවැන්නවුන්ට පිළිතුරු දීම අපි අපටම කරගන්නා නිග්‍රහයකි...

:       19       49

Dayan Sunday, 16 December 2018 01:13 PM

කුමන්ත්‍රණය පැරදිලා බයිලා කියනවා. ජාතිවාදී මෝඩයෝ...

:       846       910

Kalpa Sunday, 16 December 2018 01:17 PM

ඔය වගේ අය ඉන්නකල් මේ රටට හරියන්නේ නැහැ.

:       230       311

channa Sunday, 16 December 2018 01:33 PM

ජාතිවාදය පතුරුවා බලයට එන්න හදන්නේ. ලැජ්ජයි ලොක්කා..

:       398       708

sena Sunday, 16 December 2018 01:38 PM

අපිට නම් ආරංචි වුනේ ඔය කියන කරුණු පහටම තමුන්නාන්සේලාගේ ලොක්කෝ කැමති වෙලා තියෙනවා නමුත් එයාලා ගැන විශ්වාසයක් නැති නිසා ටී.එන්.ඒ එක තමුන්නාන්සේලාට පක්ෂ වෙලා නැහැ.

:       0       0

Sapumal. Sunday, 16 December 2018 01:43 PM

ගහන්න බැරි මිනිහා කෙල ගහනවා කියන්නේ මෙන්න මේ වෙලාවට තමයි. අධිකරණය දුන් තීන්දු අමතක වගෙයි...

:       0       0

sandy123 Sunday, 16 December 2018 01:47 PM

මොනවා නොකළත් ජාතිවාදය වපුරලා රට ගිනි තියන්න නම් දෙයියෝ... මැරෙනකොට මොනවද දන්නේ නැහැ. මේ කට්ටිය ගෙනියන්නේ...

:       0       0

sirimal Sunday, 16 December 2018 02:03 PM

ද්‍රවිඩ සංධානයේත් මුස්ලිම් කොන්ග්‍රසයේත් මන්ත්‍රීවරුන් " මුදලට " ගන්න කොට ඔහොම හිතුනේ නැද්ද? මේවා දිවේ මයිල් එන අමු මුසාවාද... මධ්‍යස්ත මත දරන කට්ටිය වගේම මහින්ද රාජපක්ෂට හිතවත් කට්ටිය තව තවත් ඈත් වෙන එක තමයි මේ වගේ කතාවලින් වෙන්නේ...

:       299       838

shan saudi Sunday, 16 December 2018 02:13 PM

මෙයා මේ කියන්නේ නාමල් ටී.එන්.ඒ එකට දුන්න පොරොන්දු ටික... ඒ මිනිස්සු කීවේ නාමල් මේ සේරම දෙනවා. එයාලට සහයෝගය දෙන්න කියලා බල කළා කියලා... මෙයට මේ නම පැටලිලා..

:       176       980

BamunuarachchiSunday, 16 December 2018 04:50 PM

දන්නා දෙයක් කතා කරන්න ගිරව් වගේ කොහෙන් හරි අහුලා ගත්ත දෙයක් කතා නොකර. පොරොන්දු දෙන්නේ පක්ෂ නායකයෝද නැතිනම් පොඩ්ඩෝද. ඒකවත් හිතාගන්න බැරිවද අකුරු කොටන්නේ.

:       0       0

Amila Sunday, 16 December 2018 02:31 PM

ඉස්සරහට කුඩා පක්ෂවල සහයෝගය නැතුව කිසිම කෙනෙක්ට ලේසි නෑ ආණ්ඩු කරන්න. 2001, 2004 වගේම 2015 ප්‍රතිඵලත් අරන් බැලුවහම ඒක පැහැදිලියි.

:       0       0

Mahee Sunday, 16 December 2018 03:28 PM

හරි ඒ කියන්නේ ඒ ගොල්ලන් ඉල්ලු දේවල් කියමුකෝ, ඒවාට බැහැ කියලා ඒ වෙනුවට දෙන්න පොරොන්දු වෙච්ච දේවල් ටිකත් ඔය ගමන්ම කියනවද? කෝටි පනහ ගානේ දෙනකොට ජාත්‍යාලය මතක් වෙන්න නැතුව ඇති නේද? කරුණාට උප සභාපතිකම දෙනකොටවත් අඩු ගානේ හිතුනේ නැද්ද පොලිස් නිලධාරීන් 600 ක් ගැන වග කියන්න ඕන මිනිහ නේද මේ කියලා? එතකොට ජාත්‍යාලය කොහෙද තිබුනේ? මං කියන්නද වැඩක්, බයිලා ගහලා ලොක්කගේ ඉතුරු ඡන්ද ටිකත් කඩලා දාන්නේ නැතුව කට වහගෙන ඉන්නවද?

:       407       693

Hafeel Sunday, 16 December 2018 03:47 PM

ඔන්න සුමන්දිරන් කියනවා වැඩියෙන් දඟලන්න එපාලු. නාමල් දෙන්න පොරුන්දු වුණු දේවල් රටට හෙලිකරනවලු.

:       242       787

BamunuarachchiMonday, 17 December 2018 12:56 AM

ඔව් ඔව් සුමතිරන්ලාට පොරොන්දු දෙන්නේ නාමල් වැන්නවුන් තමයි. නැතුව සිරිසේන හෝ මහින්ද නොවෙයි. ඉතින් ඒ පොරොන්දු බාරගන්නා අමු මෝඩයෙක් නේද? රනිල්ගේ පොරොන්දු වැඩකරන හැටි අපිදකිනවා.

:       27       1

HafeelMonday, 17 December 2018 08:13 AM

සුමන්තිරන් මොනවද කිව්වා කියලා, කලින් හොඳට බලන්න. ඔබ කියන පරිදි බාරගන්න හෝ නොගන්න සුමන්තිරන් නොවේ නාමල්ට යෝජනාවල් ඉදිරිපත් කලේ. නාමල් පොරුන්දුවනා බවයි සුමන්තිරන් කියන්නේ. එහමනං ඇයි තාම නාමල් ප්‍රතික්ෂේප නොකළේ? ඇයි සම්බන්දන් කිව්වා නේද මහින්දගේ පුතුන් තුන් දෙනාම එයාගේ නිවසට ඇවින් සාකච්චා කල බවත්. නාමල් ගිය එක සාධාරණයි කියමු. මොකද්ද එයා මන්ත්‍රී කෙනක්. අනිත් පුතුන් දෙදනාමත් ගිහින් සාකච්චා කරලා තියනවනේ. දෙමල සන්ධානයත් එක්ක මහින්ද සාකච්චා කළා නං හොඳයි. රනිල් සාකච්චා කළා නං තමයි වැරදි. ඔබට දෙමල සන්ධානය තිත්ත වුනාට, මහින්දලාට දෙමල සන්ධානය ඕන.

:       6       30

AnandaR Sunday, 16 December 2018 04:19 PM

ජාතිවාදයෙන් මිනිසුන්ට පුන්නක්කු කවන්න හදන මේ අයගේ දේශපාලනය කොයිබටද? අරයගේ රිමෝට් කන්ට්‍රෝල් කතාවෙනුත් නොකියා කිව්වෙත් ජාතිවාදයම තමයි.

:       220       583

Bamunuarachchi Sunday, 16 December 2018 04:38 PM

TNA ධර්මලිංගම් කීවා රනිල් පොරොන්දු වුනා කියලා උතුරු නැගෙනහිර TNA එකෙන් අවසර නොමැතිව කිසිම දෙයක් නොකරන බවට. ඒ කතාව රනිල් ප්‍රතික්ෂේප කලේ නැත.

:       0       0

jim kuru Sunday, 16 December 2018 05:13 PM

අවස්ථාවාදී දේශපාලුවන්...

:       0       1

Ajith Nissanka Sunday, 16 December 2018 07:01 PM

එතකොට TNA එකත් එකතු කරගෙනද ඔය අධිරාජ්‍ය විරෝදී පෙරමුණ හදන්න හිටියේ!

:       0       1

chanak los angeles Sunday, 16 December 2018 10:15 PM

අපිනම් කියන්නේ ඔයවගේ බොරු ප්‍රකාශ කරමින් ජනතාවගේ පිළිකුලට හාස්‍යට ලක්නොවී රක්ෂාවක්වත් හොයාගන්න කියලයි ..

:       0       8

dhammika perera Monday, 17 December 2018 03:11 AM

තමුන්නේහෙලා අන්තිමට ගහන පදය ඕක තමයි. සිංහල , දෙමල , මුස්ලිම් ඔක්කොම ශ්‍රී ලන්කිකයෝය. ඒ සත්‍යය අවබෝධ කර ගනිව්. දෙමල, මුස්ලිම් අය ඕනේ වෙලාවට බයිට් එක නෙමෙයි. අපි ඔක්කොම එකම ශ්‍රී ලාංකිකයෝ.

:       0       1038

BamunuarachchiWednesday, 19 December 2018 06:08 PM

ඒ ගොල්ලෝ මොන ශ්‍රී ලාංකිකයින්ද? ඒ ගොල්ලන්ට උතුරයි නැගෙනහිරයි දීලා අපි රට මැද වකුටුවෙලා ජීවත් වෙමු.

:       0       0

Kumara Monday, 17 December 2018 12:03 PM

මේවගේ අයගේ කතාවලින් නම් වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 48 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 200 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 74 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 526 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 681 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 364 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site