IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මෛත්‍රීගේ නිවේදනයෙන් කොමිසමේ බලය හෑල්ලු වෙලා



(මුදිතා දයානන්ද)
          
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දුන් සාක්ෂි සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ බලය හා අධිකාරීත්වය නොසළකා හැර ඇති අතර එය හෑල්ලුවට ලක් වෙන බව නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට අද (22) දැනුම් දුන්නේය.
 
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු වන සමීර  ද සිල්වා මහතා විසින් එම නිවේදනය නිකුත් කරනු ලැබ තිබිණ. එය හිටපු ජනාධිපතිවරයාගේ මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කොමිසම දැනුවත් කරමින් පැවසුවාය.
 
එය මේ වන විටත් විශාල ජනතාවක් අතරට ගොස් ඇති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එය ඉවත් කරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට නියෝග කරන ලෙස ද කොමිසමෙන් ඉල්ලා සිටියාය. හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ ලබාදී තිබෙන්නේ බොරු සාක්ෂි බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබිණි.
  
එයින් තම සේවාදායකයා අගතියට පත්වන අතර කොමිසම හෑල්ලු කර ඇති බවද ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ දිල්ශාන් ජයසුරිය මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් කරුණු දැක්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම අද කොමිසම හමුවේ පෙනී සිටියේය.
 
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ඔහුගේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ මෙම නිවේදනයෙන් කොමිසම හෝ කිසියම් සාක්ෂිකරුවකු හෝ හෑල්ලුවට ලක් කිරිමට තම සේවාදායකයා වූ මෛත්‍රීපාල මහතාට අවශ්‍ය නොවු බවයි.
 
හේමසිරි මහතාගේ සාක්ෂිය මාධ්‍ය මගින් ප්‍රචාරය වු ආකාරය තුළින් තම සේවාදායකයා පාස්කු ප්‍රහාරයේ සියලු වගකීම භාරගත යුතු බවට සමාජයේ අදහසක් ඇති වන බවද ඒ අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
         
හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු අගරදගුරුතුමන් වෙනුවෙන් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවද තම සේවාදායකයා වෙනුවෙන් වන මාධ්‍ය නිවේදනය ගැන කතා කරන අය ඒ ගැන කතා නොකර සිටීන්නේ ඇයිදැයි  නීතිඥ ගුණරත්න මහතා විමසුවේය.
 



අදහස් (3)

මෛත්‍රීගේ නිවේදනයෙන් කොමිසමේ බලය හෑල්ලු වෙලා

Prasad Wednesday, 23 September 2020 03:02 AM

සාක්කි දෙන්න එන්න බැහැ. ගෙදරට ගිහින් ලියාගන්න ඕනෑ. සාක්කිකරුවෝ බය කරන්න කොමිසමට එන්න පුළුවන්..

:       0       0

Prasad Wednesday, 23 September 2020 03:02 AM

සාක්කි දෙන්න එන්න බැහැ. ගෙදරට ගිහින් ලියාගන්න ඕනෑ. සාක්කිකරුවෝ බය කරන්න කොමිසමට එන්න පුළුවන්.

:       0       0

fairoos Wednesday, 23 September 2020 07:03 AM

මෙහෙමත් ජනාධිපති කෙනෙක් හිටියානේ අපිට. හැමදාම කළේ විහිළු සපයන එක විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 239 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 197 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 167 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 440 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 899 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 145 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site