(ඩයනා උදයංගනී)
මෙවර මහ මැතිවරණයේ දී පිය පුතු යුවළ තුනක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එම පිය පුතුවරුන් වෙති.
පසුගිය පාර්ලිමේන්තුවේ රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතාත් මන්ත්‍රීධූර දැරූ නමුත් මෙවර චතුර සේනාරත්න මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව නැත.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෙවර පාර්ලිමේන්තුවට පිය පුතු යුවළ තුනක්
sharm warn Friday, 07 August 2020 05:43 AM
තාත්තලා, පුතාලා... අම්මලා, පුතාලා ... පරම්පරා පිටින් පාර්ලිමේන්තුවේ... රට නම් එතනමයි. අපි ඉන්නේ මේ ගොල්ලන්ගේ පුරාජේරු බලලා විෂ්මයට පත්වේවි.
චින්තක Friday, 07 August 2020 08:52 AM
කරන්න දෙයක් නැහැ සහෝදරයා, ඔහෙලා වගේ අයගේ කුහක, ඉරිසියා කතා ජනතාව පිළිගන්නේ නැහැ. රටේ මිනිස්සුන්ට මේ 60 වසරක දේශපාලනය එපා වෙලා, වැදගත් වෙලා තියෙන්නේ පිය-පුතු, සහෝදර-සහෝදරි නෙමෙයි කවුද වැඩ කරන්නේ? කවුද බොරු කරන්නේ කියලා විතරමයි. ජනතාව ඔයාලගේ ගෙදර නායකයින්ටත් මේ ටික කියා දෙන්න, එතකොට ලබන පාරවත් යම් ජනතා ප්‍රසාදයක් ගන්න පුළුවන්. තව එකක්, ඔයාගේ කොමෙන්ට් එක වෙනස් කරගන්න "අපි" නෙමෙයි "මම" කියලා
bertyFriday, 07 August 2020 09:07 AM
රටට වැඩ කරන අය තෝරලා බව පේනවා. රත්තරන්, පස් මුදලාලි, කුඩු මුදලාලිලාත් වැඩිම මනාප වලින් ඇවිත්...
Warnakulasuriya Friday, 07 August 2020 12:56 PM
රජකාලයේ හිටපු චින්තක කෙනෙක්. පියාගෙන් පුතාට. වලව්වල පිය පුතුන්ට පිං සිදුවෙන්න අපි අද රට විකුණමින් ඉන්නවා. රටේ ඉන්න දුප්පත් කාන්තාවන් මැදපෙරදිග බැලමෙහෙවරකම් කරනවා. රටේ ජනතාවගෙන් කොටසකට තවමත් වැසිකිළි පහසුකම් නැහැ. රටේ ඉන්න කුඩා දරුවන්ට මන්දපෝෂණය. දුක්විඳලා උපාධිය ගත්ත එකා වෙනම කාමරයේ උපාධිය ලියපු කෙනාගේ පියන්. ඔවුන් සදාකාලික මහරජවරු. ඒ වුණාට අපි හැමදාම ලෝකයේ දියුණු වෙමින් පවතින රටක්. වහලුන්ගේ චින්තනයට අනුව එසේ සිදුවේ...
baba Friday, 07 August 2020 07:12 AM
දෙවි පිහිටයි... බිරිඳ තමයි අඩු..
ලුම්බිණි Friday, 07 August 2020 08:20 AM
කාටද ඉතින් ආඩම්බර...?
lal Friday, 07 August 2020 09:05 AM
රටට වැඩ කරන්න තාත්තයි, පුතයි දෙන්නම පාර්ලිමේන්තු යන්න ඕනෙද?
sharm warnFriday, 07 August 2020 11:06 AM
තාත්තලා, පුත්තු විතරක් නම් මොකෝ.. මහප්පලා, බාප්පලා, මස්සිනාලා එහෙමත් ඕනෙ කියන්නේ...
pradeepa Friday, 07 August 2020 10:01 AM
ඊළඟ පාර පාර්ලිමේන්තු එවන්න තාත්තා, අම්මා, පුතාව...
sunil Friday, 07 August 2020 10:28 AM
මේවා තමයි ඉතින් තුන්වෙනි ලෝකයේ රටවල ආශ්චර්යය.
karolisFriday, 07 August 2020 01:10 PM
ඇයි ඇමෙරිකාවේ ට්‍රම්ප් ඉන්නේ... සුනිල් කියන්නකෝ ඇමෙරිකාවත් 3වැනි ලෝකෙද? නැද්ද? කියලා...
samMonday, 10 August 2020 07:22 AM
ඇමෙරිකාවලත් වුණා. ජෝර්ජ් බුෂ් පියපුතු දෙපළම ජනාධිපති වුණා. තව සහෝදරයෙක් ප්‍රාන්ත මහා ඇමැති. ටිකක් වටේම බලන්න. අනික ලංකාවේ ඕක පටන්ගත්තේ ඩී.එස්... ඉතින් සජිත් ආවෙත් තාත්තගේ නම ගෙනියන්නනේ...