IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මෙගාවොට් 128 ක විදුලිය මිලට ගැනීමට තීරණයක්

(අජන්ත කුමාර අගලකඩ)

පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ විසන්ධි කිරිමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා මෙගාවොට් 128 ක විදුලිය කඩිනමින් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මගින් ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පවතින වියළි කාලගුණ තත්වය හමුවේ විදුලි ධාරිතාව තවදුරටත් අඩුවන්නේ නම් විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා විදුලිය විසන්ධි කිරිමක් සිදුවනු ඇතැයි ද එසේ නොවීමට නම්, මෙගාවොට් 128 ක අවිනිශ්චිත විදුලිබල ප්‍රමාණයක් ඉතා ඉක්මණින්ම මිලදී ගත යුතුව ඇතැයි ද විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

විදුලිබල මණ්ඩලයේ එම ඉල්ලීම සැළකිල්ලට ගනිමින් ඇමැති අමරවීර මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩුවීම හමුවේ විදුලිය සඳහා නිකුත් කෙරෙන ජල ප්‍රමාණය ද ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මගින් සීමා කර තිබේ.

මේ අතර, දැඩි වියළි කාලගුණ තත්වය හමුවේ විදුලිය ඉල්ලුම ද සිඝ්‍රයෙන් වැඩිවී ඇති බැවින් විදුලිබල මණ්ඩලය ද දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

ජලාශවල ජල ධාරිතාව තවදුරටත් අඩුවීමට පෙර, මෙම මෙගාවොට් 128 ක විදුලි ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන්නැයි ද විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව, මෙම මෙගාවොට් 128 ක විදුලිය ප්‍රමාණය ඉතා ඉක්මණින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.



අදහස් (4)

මෙගාවොට් 128 ක විදුලිය මිලට ගැනීමට තීරණයක්

Nimal ... Tuesday, 25 February 2020 05:15 PM

වැඩේ හරි වගේ... කල්ල මරේ තමයි සේරගේම... ජයවේවා...!!!

:       0       50

ranjith Tuesday, 25 February 2020 11:14 PM

අන්තිමට එන්නේ ඔතනට තමයි. කොමිස් ගැහිල්ලට හැම දේම පිටින් මිලට ගන්නේ හුළං බලාගාර හදන්න බැරිද? ඒවත් පිට සමාගම් කරන්නේ පිටින් විදුලිය ගන්න කෝටි ගණන් වියදම් කරනවා... බලාගාරයක් හදන්නනේ...

:       0       46

eresh S kumara Wednesday, 26 February 2020 06:55 AM

මෙච්චර කියලත් සුර්ය බලශක්තිය ලංකාවේ පාවිච්චියට ගන්නේ නැත්තේ ඇයි ? සොබා දහමෙන් දීල තියන සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නෑ. රජය මැදිහත්වෙන්න ඕනි මේවට.

:       0       80

AsankaWednesday, 26 February 2020 11:15 AM

රජය කොහේ මැදිහත් වෙන්නද හලෝ අයේ අලුතින්..., මේ රජයම තමයි කොමිස් වලට..., මෙහෙම කරන්නේ...

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 295 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 624 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 748 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 423 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 491 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 172 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site