දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (29) වාර්තා කළේය.
කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු එකම ඇඳක සිටින බවත් රෝගීන් දෙදෙනකුට එකම ස්වසන සංවාතන යන්ත්‍රයෙන් (වෙන්ටිලේටර්) හුස්ම ගැනීමේ පහසුකම් සපයන බවත් එම වාර්තාවල දැක්විණි.
මුම්බායි යනු ඉන්දියාවේ ප්‍රධානම මූල්‍ය කේන්ද්‍රස්ථානයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට ඇඳින් සියල්ලම පාහේ මේ වනවිට රෝගීන්ගෙන් පිරීගොස් ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනගරය වන මුම්බායි නුවර පරිපාලන ඒකකය වන බ්‍රිහාන්මුම්බායි නගර පරිපාලනය නිකුත් කළ නිල දත්ත උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය ඒ බව වාර්තා කර තිබිණි.
ඉන්දියාවේ මුම්බායි නුවර රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක සතුව ඇඳන් 645 ක් ඇති බවත් අද වනවිට ඒ සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඇඳන් 4,292ක රෝගීන් සිටින බවත් එම ඇඳන්වල සිටින රෝගීන්ගෙන් සියයට 65 දෙනකුගේම තත්ත්වය අසාධ්‍ය යැයි ද වාර්තා විය. මුම්බායි නුවර රජයේ රෝහල් සතුව වෙන්ටිලේටර් යන්ත්‍ර 373ක් ඇති අතර කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඊයේ සවස වනවිට ඉන් සියයට 72ක් ම භාවිත කර තිබිණි.
මුම්බායි නගරයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 35,000කට වැඩි ගණනක් වාර්තා වී තිබූ අතර අවසන් පැය 24 දී එම නගරයෙන් ආසාදිතයන් 1,438 දෙනකු හඳුනාගෙන තිබිණි. මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට 59,546 දෙනකු හඳුනාගෙන තිබිණි.
ඉන්දියාවේ ප්‍රාන්තයකින් වාර්තා වන වැඩිම ආසාදිතයන් ගණන එය වන අතර ආසාදිතයන් පනස්දහස ඉක්මවා වාර්තා වන එකම ප්‍රාන්තය වන්නේ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි