IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මුදල් වංචාකරුවෙක් සොයන්න පොලීසිය මහජන සහය පතයි

මොටර් රථ ආනයනය කරන බවට පොරොන්දු වී  රුපියල් මිලියන 4.3 ක් වංචා කළ පුද්ගලයකු පිළබඳ සෙවීම සඳහා  පොලීසිය මහජන සහය පතයි.
 
 පොලිස් දෙපාර්තමේන්තුව මගින් අද ( 17) එම සැකකරුගේ  ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කර ඇත.
 
 තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු සමන් කුමාර ජයසිංහ යන නමින් හඳුන්වනු ලබ පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත.
 
මොහුගේ වංචාවකට හුසු වු පුද්ගලයකු කළ පැමිණිල්ලක්  අනුව සැකකරු පිළිබඳව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පරීක්ෂණය ආරම්භ කර  ඇතැයි පොලීසිය සඳහන්  කරයි.
 
සැකකරු දිවයින පුරා මෙලෙස මුදල් වංචා කළ පුද්ගලයකු බවට තොරුතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.
 
මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා හඳුන්නේනම් හෝ දුටුවේනම් පහත දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස  පොලීසිය  මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
 අධ්‍යක්ෂ , වංචා විමර්ශන කාර්යාංශය - 011- 2679593  හෝ වංචා විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති 0112673571 0112673954.

 

( පොලිසිය නිකුත් කළ ඡායාරූපයකි)

(36698)



අදහස් (7)

මුදල් වංචාකරුවෙක් සොයන්න පොලීසිය මහජන සහය පතයි

Bamunuarachchi Sunday, 17 February 2019 01:25 PM

පොලිසිය කාවද මේ රවට්ටන්නේ? ජනතාවගේ සහය බලාපොරොත්තු වෙනවා නම් සැකකරුගේ කන්දෙක පෙනෙන ආකාරයට ඡායාරූපයක් පළකල යුතුය. මේ මොකක්ද කරලා තිබෙන්නේ. පැත්තට හැරිලා ඉන්නවිට නම් අරයා වගේ නේද කියා සිතෙන ඡායාරූපයක් පලකරලා.

:       14       4

tommy Sunday, 17 February 2019 02:59 PM

මෙවැනි අය මුදල් වංචා කල පසු රටින් පැන යාමට බොහෝ සේ ඉඩ කඩ ඇත. එබැවින්, මෙවැනි අය ගැන ගුවන් තොටුපලේ ආගමන /විගමන අංශය දැනුවත් කිරීම වැදගත්.

:       0       6

pereraMonday, 18 February 2019 07:51 AM

මෙහෙම අය රටින් පනින්නේ බහුදින ධීවර යාත්‍රාවලින් ගැඹුරු මුහුදට ගිහින් එතනින් ජාවාරම් වලට සම්බන්ධ නැවකට නැගලා වෙනත් රටකට පනිනවා. නැවත බෝට්ට්ටුවකින් ඇතුල්වෙලා...

:       0       0

Prabha Sunday, 17 February 2019 03:20 PM

ඉන්නේ නම් හරියට හොරපූසෙක් වගේ..

:       0       17

abaran Sunday, 17 February 2019 09:19 PM

අනේ අපේ ගම් පලාතට වෙච්චි සංගෙදියක්. හොරු, වංචාකාරයෝ, කුඩු ජාවාරම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, වැනි අය වැහි වැහැල. ඉස්සර කාලේ අහන්ට ලැබුනේ විද්වත්තු ගැන විතරයි..

:       0       1

athura Monday, 18 February 2019 03:57 AM

ගාල්ල, මාතර, හම්බන්තොට පැත්තේ ඉන්නෙම වංචාකාරයෝ, පාතාලයෝ, මිනීමරුවෝද?

:       0       4

upul Monday, 18 February 2019 04:34 AM

මේ ඡායාරූපෙට අනුව මොහු මේ කතා කරමින් ඉන්නේ ඉහළ පොලිස් නිලධාරියෙක්ගේ කාමරේ වියයුතුයි. පොලිස් හිස්වැස්මකුත් පේන්න තියනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 462 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 914 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1080 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 609 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 619 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 213 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site