IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මීහරක් හිස් කබලක් සමඟ ප්‍රංශ ජාතිකයෙක් රේගු දැලේ

(ප්‍රසාද්  මුතුකුඩ )

තම පුතුට තෑග්ගක්  දීමට මීහරක් හිස් කබලක් සහ අං දෙකක් නීති විරෝධි ලෙස රැගෙන  යාමට උත්සහ කළ බව කියන ප්‍රංශ ජාතික ගුවන් මගියකු අද (22 ) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව පවසයි.

සැකකරු (56)  කියු එල් 225 දරණ ගුවන්යානයෙන් ඩුබායි හරහා  ප්‍රංශය වෙත යාමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුගේ ගමන් මළු ස්කෑන් යන්ත්‍ර හරහා  පරික්ෂාවට ලක්කර  ඇති අතර සැකකටයුතු බවට  රේගුවට  දන්වා ඇත.

සැකකරු ප්‍රංශයේ උසස් පොලිස්  නිලධාරියකු වන අතර ඔහු තම පුතාගේ ඉල්ලීම මත   මෙය  රැගෙන යාමට උත්සහ කර තිබු බවත් කොළඹ සිටින හිතවතෙකු හරහා මිලදි ගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රේගුව පවසයි.



අදහස් (22)

මීහරක් හිස් කබලක් සමඟ ප්‍රංශ ජාතිකයෙක් රේගු දැලේ

vipula Tuesday, 22 August 2017 08:16 AM

මීහරක් ඔලු ගෙනියන්න තහනම් හේතුව මොකක්ද. අහක දන දෙයක් විකුනන්න පුලුවන්නම් කොච්චර හොඳද. ඕන තරම් මීහරක් ඔලු අහක දනවා කවුරුත් ප්‍රයෝජනයක් ගන්නවද?

:       0       0

kasun Tuesday, 22 August 2017 08:20 AM

මීහරක් හිස් කබලක් තහනම් භාණ්ඩයක් නොවේ. අපිට ඕනෑවටත් වඩා පාර්ලිමේන්තුවේ ගොඩගහල තියෙනවා. ගෙනියන්න දෙන්න අප්පා. මොකට සල්ලි දීල ගත්තද මන්ද

:       0       0

Lapaya Tuesday, 22 August 2017 08:26 AM

ඕක සුදුසු දියවන්න්වටයි වැරදිලා ප්‍රංශට ගෙනියන්නේ.

:       0       265

නානා Tuesday, 22 August 2017 07:05 PM

ලපයා මල්ලි, දියවන්නාවේ තියෙන ගව පට්ටියේ ඕවා ඕන තරම් තියෙනවානේ..හැබැයි. ඔය සතාගේ මොලේ හිසේ තිබිලා තියෙන බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. නමුත් දියවන්නාවේ ඉන්න අයගේ මොලේ හිසේ නැහැ...එය තියෙන්නේ ශරීරයේ පශ්චාත් භාගයෙයි ...එ්කයි කරන තරමක් මෝඩ වැඩම කරන්නේ...

:       0       0

charuniWednesday, 23 August 2017 08:17 AM

ලපය මල්ලි, දියවන්නාවට මොකටද මේ මීහරක් ඔලුව...? දියවන්නාවේ තියෙන " අශුචි නිෂ්පාදනාගාරයේ " වැඩ කරන මීහරක් රාශියක්ම යහතින් එහෙ ජිවත් වෙනවානේ ...මේ අපේ චන්දෙට පින්සිද්ද වෙන්න...

:       0       69

kap Tuesday, 22 August 2017 08:44 AM

ලංකාවේ ජනතාවගේ හිස් කබලක් නොකිය අරගෙන යන්නේ කොහොමද

:       18       1015

de silva berlin Tuesday, 22 August 2017 08:55 AM

හරක් හිස්කබලක් රට ගෙන ගිය කියල ඔච්චර දඟලන්න ඕනෙද ? දවසකට ලංකාවේ හරක් 1000 කට වැඩි ප්‍රමාණයක් මසට මරනවා , තව ලෙඩවෙලා සහ වයසට ගිහිනුත් විශාල ප්‍රමාණයක් මැරෙනවා , මෙවැනි විකාර වැඩ නිසා ලෝකයේ අපේ රට මධ්‍යතන යුගයේ ජීවත්වෙන මෝඩ මිනිස්සු ඉන්න රටක් කියල හංවඩු ගැහෙනවා ,

:       23       307

gamiya Tuesday, 22 August 2017 09:00 AM

ඔය අං තට්ටුව ගෙනිචට මක් වෙනවද ?

:       8       291

Gemunu Tuesday, 22 August 2017 09:07 AM

මේක නම් දියවනනාවේ කෙනෙකුගේම තමයි.

:       0       193

kumar (galf) Tuesday, 22 August 2017 09:21 AM

මේ තවත් මීහරක් වැඩක්, නිකන් දිරායන මීහරක් කටුවලින් කීයක්හරි ලංකාවේ දුප්පත් මිනිහෙක් හොහායන්න තියෙන එකත් නැතිකරලා.

:       55       376

mahee Tuesday, 22 August 2017 09:27 AM

අපේ පොලිසියේ කෙනෙකුගෙන් ඒ පොලිස් නිලධාරියට තෑග්ගට දීපු එකක් වෙන්න ඇති. ඒත් ඉතින් අං තට්ටුව තියාගෙන හිස්කබල විතරක් දුන්න නම් ඉවරනේ.

:       0       86

antan Tuesday, 22 August 2017 09:55 AM

නොදන්නා නිසයි අහන්නේ මොකක්ද මෙතන අත්අඩංගුවට ගන්න තරම් වැරැද්ද ?මිනිස් හිස් කබලක් නොවෙයි නේ .

:       10       229

sam Tuesday, 22 August 2017 10:06 AM

අත් අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ මොන චෝදනාවක් යටතේද ? මීහරක් හිස්කබලක් හෝ අං කුඩු කරලා ""හරක් කටු පෝර" හදනවා මිසක් වෙනත් වටිනාකමක් තියනවාද ?

:       0       85

Ranjith Tuesday, 22 August 2017 11:02 AM

ඇතියන්තම්, මම හිතන්නේ බැදුම්කරේට වඩා සැහෙන්න වටිනවා, දැන් මේ අං තට්ටුව එක්ක සැහෙන්න පරිස්සම් කරලා අරන් තියාගනියි

:       0       137

upali Tuesday, 22 August 2017 11:08 AM

ඇන්ටන්, සැම්, අය්යෝ ඒකවත් දන්නේ නැද්ද? අපේ අං තට්ටු ටික පිට රට මිනිස්සු අරන් යන්න පටන් ගත්තොත් හොඳට හිටී. අපි ලංකාවේ ඡන්ද දායකයො බව ඔප්පු කරන්න තියෙන්නේ ඔච්චරයි.

:       0       249

chandran Tuesday, 22 August 2017 12:13 PM

මහීගේ අදහස හරි කියල මමත් හිතනවා. මේක දෙරටේ පොලිස් නිලධාරීන් අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමන් සිදුවුණ නිල ලාංඡන හුවමාරුවක් විය යුතුයි. ඒ නිලධාරියත් එනකොට ඔහොම එකක් ගෙනෙන්න ඇති.

:       0       0

don Tuesday, 22 August 2017 05:13 PM

සුලු දඩයක් අයකරගෙන අවවාද කර යන්න අරින්න. ආසාවටනේ....

:       0       0

ranjith Tuesday, 22 August 2017 05:47 PM

දියවන්නාවෙන් වෙන්නැති ගන්න ඇත්තේ

:       0       0

srimala Tuesday, 22 August 2017 06:03 PM

ඇත්තට මෙතන වෙලා තියෙන නීති විරෝධී ක්‍රියාව මොනවද ? මේවා දහස් ගානක් දවසකට ගව ඝාතන තැන් වලින් ඉවත් කරනවනේ. මේ දුප්පත් මානසිකත්වයෙන් අපි ඉවත් විය යුතුයි.

:       0       0

Appuhami Tuesday, 22 August 2017 07:42 PM

අපේ අනන්‍යතාවය මෙන්න කොල්ල කනවා.

:       0       0

de silva berlin Tuesday, 22 August 2017 09:31 PM

යුරෝපයේ වැසියන්ගෙන් භාගයක් පමණ සිතන්නේ ලංකාවේ... ඉන්දියාවේ අපි ගවයන් දෙවියන් සේ අදහන, වන්දනා මාන කරන මිනිසුන් සිටින රටවල් කියාය. රේගු නිලධාරීන්ගේ මෙවැනි "ගොන් පාර්ට් " නිසා මෙවැනි අදහස් ස්ථිර වේ. ගවයා යනු ලංකාවේ නීතියට අනුව දුර්ලභ ගණයට වැටෙන වැටෙන සතකු නොවේ. එම නිසා හරකාගේ වියලි අස්ථි කොටසක් ලංකාවෙන් පිටතට ගෙනයාම හෝ ලංකාව තුල ප්‍රවාහනය කිරීමට නීතියෙන් බාධාවක් නැත. රේගු නිලධාරීන්ගේ ක්‍රියාවේ කිසිම නීත්‍යානුකූල භාවයක් මම නොදකිමි. මෙවැනි බහුභූත නිසා අපි ලෝකය ඉදිරියේ සමච්චලයට ලක්වේ.

:       0       0

maim game banda Wednesday, 23 August 2017 04:19 AM

මේ කට වටිනාකමක් නැහැ අපේ වැවේ අන් තට්ටු දහස් ගණනක් ඇති මුන්ට ලකුණු දාගන්න විදිහක් නැහැනේ උඹලට තම මේවා වටින්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 205 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 181 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 153 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 409 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 838 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 142 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site