IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මියගිය කොටි සාමාජිකයන් සැමරූ අයෙක් අත් අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සමරමින් මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ සැමරුම් උත්සවයක නිරත වෙමින් සිටි පුද්ගලයකු අද (18) පෙරවරුවේ කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අද පෙරවරුවේ කල්කුඩා වෙරළ තීරයේ තවත් පුද්ගලයන් 8 දෙනකු සමඟ එක්ව මුහුදට මල් දමා වෙරළ තීරයේ පහන් දල්වමින් සිටියදී කල්කුඩා පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සියලු දෙනා ම කළු පැහැති ඇඳුම් ඇඳගෙන සිටි බවද පොලිසිය කියයි .

මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරුම් උත්සව කිහිපයක් මඩකලපුව කොට්ටාශයේ සිදුකිරීමට සිදු කිරීමට නියමිත බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එය වළක්වමින් පුද්ගලයන් 28 දෙනකුට අධිකරණ නියෝග ලබාගෙන තිබිණි.

අත්අඩංගුව ගත් එම සැකකරු ද අධිකරණයෙන් තහනම් නියෝග ලැබ සිටි පුද්ගලයකු බව ද පොලීසිය පවසයි . මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සැකකරු දැනුවත් කර ඔහුගේ නිවසේ ද එම නියෝගය අලවා තිබියදී සැකකරු ඒ බව නොතකා මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇති බවද පොලිසිය කියයි.

මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (0)

මියගිය කොටි සාමාජිකයන් සැමරූ අයෙක් අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 396 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 395 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 259 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 469 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2344 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site