IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගන්න තීරණයක්

(ඩයනා උදයංගනී)
 
මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වා රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
 
ඒ අනුව කුවේට්, ඩුබායි, මාලදිවයින ආදී රටවල මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ගෙන්වා ගන්නා බවත් ඇමතිවරයා කීවේය.
 
එම පිරිස් ද ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන බව රමේෂ් පතිරණ මහතා පැවසීය.
 
 ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (33)

මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගන්න තීරණයක්

Pradeep Wednesday, 06 May 2020 01:42 PM

විශිෂ්ටයි..අපේ වාරයත් එනතුරු අපි බලා සිටිමු.

:       106       163

PradeepWednesday, 06 May 2020 03:06 PM

ඔන්න පේනවද විදෙස්ගත ශ්‍රමිකයින් ආපසු මව්බිමට එනවට අපේ අයගේ තියන ප්‍රතිචාර.. ඉතාම කණගාටුයි මහත්වරුනි.. මමත් ඉන්නේ විදේශයක සිරවෙලා. දැන් හිතාගත්තා කොරෝනා හැදිලා මෙහෙ මැරුණත් ලංකාවට එන්නේ නෑ කියලා. ඔයාලා බය නැතිව සැපෙන් ඉන්න.

:       256       275

නිමල් Wednesday, 06 May 2020 07:37 PM

ඔබ ඉන්නේ විදේශයක සිරවෙලාද? නොඑසේනම් සිරගත වෙලාද? ඔබගේ පලමු අදහසේ ගැබ්ව ඇත්තේ ඔබගේ ඒකායන බලාපොරොත්තුව හැකි ඉක්මනින් ලංකාවට පැමිණීම බව පැහැදිලිවේ. ඔබහේ අදහස්වල පරස් පරයක් ඇතිනිසා අපට මෙසේ අසන්නට සිතුනි...

:       141       52

SiriFriday, 08 May 2020 05:16 AM

ඔහෙලා මැදපෙරදිගටම වෙලා ඉන්නවනම් ඇඟට ගුණයි මෙහෙට එනවට වඩා. අවොත් ලේසියෙන් යන්න හිතන්න එපා. මෙහෙදී කොරෝනා හැදීමේ අවදානම වැඩි නිසා.

:       0       0

ප්‍රියන්ති මැණිකේWednesday, 06 May 2020 04:55 PM

මම ඉන්නෙ කටාර් වල මම ජූලි මාසයේ තමයි ලංකාවට එන්න ඉන්නේ මට එන්න තියෙන්නේ ඔක්තෝබර් වල ඉතින් එයාලට ඔක්තෝබර් එන්ඩ දෙන්න බෑ කියන නිසා මට කිව්වා ජූලි මාසයේ ලංකාවට යන්න කියලා එකෙන් මගේ අතින් ටිකට් හදාගෙන ජූලි මාසයේ ලංකාවට එන්නයි ඉන්නේ ජූලි මාසයේ පලවෙනිදා වෙනකොට මා අවුරුද්දයි මාස නවයක් වෙනවා ඉතින් මම අහන්නේ මෙහෙන් ටිකට් හදාගෙන එන්න බැරිද වීසා ඉවර වෙච්ච විතරද ලංකාවට ඉස්සරලා ගන්නේ? ඊට පස්සේ අපි වගේනෙ ගන්නෙ නැද්ද අපේ ඇතින් ටික හදාගන්නත් ලංකාවට එන්න බැරිද මෙයට පිළිතුරක් මට ලබාදෙන්න...

:       1       44

himaWednesday, 06 May 2020 08:05 PM

ඔයා කටාර් එම්බසියට කතා කරලා බලන්න.

:       14       16

himaThursday, 07 May 2020 03:45 AM

කටාර් වල තියෙන ශ්‍රී ලංකා එම්බසියට කතා කරන්න.

:       1       4

senaThursday, 07 May 2020 06:24 AM

ඡන්දෙ දාන්න එනකොට නම් කිසි අවුලක් උනේ නැහැ.

:       20       40

Shan Wednesday, 06 May 2020 01:57 PM

පුළුවන් තරම් ඉක්මණට ගෙන්වගන්න. අපේ අය ඉන්නේ හරිම භයානක තත්වයක....

:       131       286

SiriFriday, 08 May 2020 05:29 AM

මෙහෙ එන්න එන්නම කොරෝනා ආසාධිතයෝ වැඩිවෙනවා. එහෙ ඉන්න එක ඇඟට ගුණයි.

:       0       0

Raveendra Wednesday, 06 May 2020 02:14 PM

ඉතාම හොදයි සැමට කරදරයකින් තොරව මව්බිමට යන්නට හැකිවේවා !! "අමතක නොකරන්න " නැවත ලංකාවට යන ඔබ සියල්ලෝම ලංකාමාතාවගේ සියලුම දු දරුවන් (දියවන්නාව පට්ටියේ මිහරකුන් 225 ද ඇතුළුව ) බඩගින්න නිවීමට සෘජුවම විදේශ විනිමය ලබාදීමට දායකවූ පිරිසක් බැවින් කිසිදු (විශේෂයෙන් දේශපාලුවෙකුට) නම් හිස නැමීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඔබලාගේ පුද්ගලික ජිවිතයේ සුකවිහරණ කැපකර, තම ලේ කදුළු දහදිය වගුරා උපයාගත් ඒ සොච්චම් මුදලින් ලංකාමාතාව බඩගින්නේ නොතිබීමට කටයුතු කිරීම වෙනුවෙන් දියවන්නාවේ 225 ඇතුළුව සියලුම ලාංකිකයන් ඔබලාට සදා ණයගැතිය.. ඔබලාට යහපතක්ම වේවා ...!!!

:       1       2334

soma Wednesday, 06 May 2020 02:29 PM

එකත් හරියට කොළඹ මිනිස්සු ගමට ගෙනියනවා වගේ. රටට විදේශ විනිමය උපයන අයට ප්‍රමුකත්වය දෙන්න ඕන. නමුත් කවුද ගෙනාවේ? එංගලන්තේ, යුරෝපයේ ඉන්න ලංකාවේ සල්ලි වලින් ඉගෙන ගන්න දේශපාලුවන්ගේ ළමයි. කිසිම සද්දයක් නැතුව ගේනවා. මැදපෙරදිග ඉන්න අයත් ගේන්න. ඔච්චර ප්‍රචාරයක් ඕන නැහැ.

:       4       340

isuru Wednesday, 06 May 2020 03:41 PM

එතකොට ඩොලර් ටික ...

:       31       89

vipula Wednesday, 06 May 2020 04:09 PM

කරුණාකර බස්නාහිර පළාතේ හිරවී සිටින අය තමන්ගේ ගම බිම් වලට පිටත් කරන්න. අපේ ගෙදර අලුත්වැඩියා කටයුත්තකට කෑගල්ලේ සිට පැමිණි දන්නා අදුරන කෙනෙක් දැන් දවස් 45 විතර අපේ ගෙදර ඉන්නේ යන්න බැරිව .

:       1       119

Aris Wednesday, 06 May 2020 04:25 PM

ඉන්න අය ගෙන්වා ගන්න ගමන් ගෙවල් වැඩට කාන්තාවන් අරින එක නවත්වන්න මේක අවස්ථාවක් කරගමු.

:       7       245

ඩබ්ලිව් ජී ප්‍රියන්ති මැණිකේ Wednesday, 06 May 2020 05:02 PM

මගේ වීසා ජූලි පළවෙනිදා වෙනකොට අවුරුද්දයි මාස නවයක් වෙනවා වෙනවා ඉතින් මම අවුරුද්දයි මාස නවයකින් ලංකාවට එන්නයි ඉන්නේ මගේ අතින් තමා ටිකට් එක හදාගෙන එන්නේ ඉතිං මේ ගෙදර අය වීසා එක කැන්සල් කරලා මාව ලංකාවට එවනවා කිව්වා ඉතින් මට දැනගන්න ඕනේ ජූලි මාසේ මගේ අතින් ටිකට් එක හදාගෙන ලංකාවට එන්න පුලුවන්ද කියලා මට දැනගන්න ඕනේ මම අවුරුදු දෙකම ඉන්නේ නැහැ අවුරුද්දයි මාස නවයකින් ලංකාවට එනවා...

:       1       80

නන්දසේන Wednesday, 06 May 2020 05:23 PM

මේ අය ලංකාවට විදේශ විනිමය ලබා දෙන අය...

:       2       109

Laksitha Paris Wednesday, 06 May 2020 06:39 PM

බොහොම හොදයි .. ලොකු රටවල අය කලින් හවුස් මෙඩලා.. මම එන්නේ නැහැ. නිකන් මම කිවේ. බුදු සරණයි ඔබ සැමට...

:       1       17

Mangala Wednesday, 06 May 2020 07:21 PM

හරි නම් මේ මැදපෙරදිග සහ වෙනත් රටවල රැකියා වලට ගිය අයවයි කලින්ම ගෙන්න ගන්න ඕන. මේ අය රටට සල්ලි හම්බ කරලා දෙන අය. එන්ගලන්තේ, යුරොපයේ, ඉන්දියාවේ සහ අනෙකුත් ඕනැම රටක ඉගෙනගන්න ගිය අයට වඩා රැකියාවලට ගිහින් දුක්විදින අය ගැන බලන්න ඕනේ. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්න ඕනේ පෙෳද්ගලික විශ්ව විද්‍යාලවලට යම් තරමක සහනයක් දෙන්න. කීදෙනෙක් ලංකාවෙ විශ්වවිද්‍යාලවලට යන්නෙ නැතුව පිටරට යනවද නවකවදය නිසා...?

:       479       311

banda Wednesday, 06 May 2020 08:47 PM

විදේශ වල සිටින පුරවැසියනි, ලංකාවට එන්න එපා. ලංකාවේ මෙම කොරෝනා මර්දන ක්‍රමවේදය තව වැඩි කල් මේ විදියට කරගෙන යාමට අපහසු වූ කල වසංගතය ලංකාව පුර පැතිරී සිය ගණන් පාරදිගේ මැරෙන කලක් එනවා.

:       6       2

සමන්ත Wednesday, 06 May 2020 09:23 PM

සමන්ත, දැන් රට විරුවන්ට හොම්බෙන් යන්න වෙලා නේද ඉන්නේ ආණ්ඩුවේ කෙරුවාව හින්දා? අපි කිව්වා නේද ඕක.

:       56       117

සංජය Thursday, 07 May 2020 02:27 AM

කොන්ත්‍රාත් කාලය නිමා නොවූ අය ගෙන්වා ගැනීමට අපහසු වේවි. ලැබිය යුතු දීමනා සහ ගුවන් ටිකට් පත හාම්පුතා විසින් ලබා දිය යුතුය . මේ ව්‍යසනකාරී අවස්ථාවක් වූ පමණින් ඒවා මග හැරීමට ඉඩ ලබා නොදීමට සේවකයා වග බලා ගත යුතුය. නීතිගරුක සහ සැබෑවට අසරණ වූ අයට මෙය හොඳ අවස්ථාවකි.

:       8       42

de silva Thursday, 07 May 2020 02:40 AM

මිනිස්සු මැදපෙරදිග ගිහින් දහදුක් විඳලා හම්බු කරන රට සල්ලි ටික , පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න යන සිසුන් හරහා නැවත රට යනවා. දැක්කා නේද කි දාහක් පිටරට ඉගෙන ගන්නවද කියල ? තව විශාල ගාණක් මාර්තු 19 ට කලින් ප්‍රකශ කරලා තිබුන සහන කාලය තුළ ලංකාවට ආවා. තව සමහරු එහෙම ඉන්නව .කරුණාකර වෛද්‍ය සංගමයට සහ රතු මල්ලිලාට බම්බු ගහ ගන්න කියල පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු විශ්ව විද්‍යාල ලංකාවේ නැවත ඇති කරන්න. ජනතාව කතිරේ ගහලා රජයක් පත්කරලා තිබෙන්නේ වෛද්‍ය සංගමයට හෝ විශ්ව විද්‍යාල සිසුන්ට ඕනේ විදිහට රට පාලනය කරන්න නෙවේ. මහින්ද මහත්මයාගේ කාලේ පටන්ගත්තු සයිටම් එක දුර බලලා ගත්තු හරි තීරණය. එතුමා රට පාලනය කරනකොට සයිටම් එක අවරුදු 5 විතර තිබුනා. කවුරුත් මුකුත් කිවේ නැහැ. වැඩේ අල වුනේ යහපාලන ආණ්ඩුව අවාට පස්සේ. හැමෝම එළියට බැහැලා පාරවල් වහගෙන පිස්සු නටන්න පටන් ගනිපු නිසා. මෙතැනදී මහින්ද මහත්මයාගේ පිලේ සහයෝගයත් හිමි වුනේ දොස්තර සංගමය සහ කඩාකප්පල් කාරීන්ගේ පිළට නේපාලේ හෝ ඉතියෝපියාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගෙන එන දොස්තරලාගේ ප්‍රමිතිය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.

:       422       68

ranaThursday, 07 May 2020 08:58 AM

සල්ලි තමයි දෙයියන්ගේ මල්ලි, අහලා නැද්ද?

:       1       0

lalithmThursday, 07 May 2020 09:36 AM

කාටවත් කඩේ නොගිහින් ඇත්ත කියන්න බය මොකද? පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති කරලා ලංකාවේ තිබෙන පාඨමාලා වලට පිටරට යනව නම් යම්කිසි මුදලක් රටට ගෙවල ගිහින් එහෙන් ඉගෙන ගන්න නීති ගේනවා නම් ප්‍රශ්නය අඩු කර ගන්න පුළුවන්. පිට රටවලට යන්නේ එතනින් චුත වෙලා වෙන රටවලට පදිංචියට යාමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒ හින්ද අපේ රටේ තුට්ටු දෙක වියදම් කරලා ගත්තු මුලික අධ්‍යාපනය වෙනුවෙන් මුදලක් යන්න කලින් ගත්තට කමක් නැහැ.

:       0       10

හරේන්Friday, 08 May 2020 11:15 AM

අපෝ මාරම නැකතකින් පටංගත්ත අටමගලක් තමයි ඕක. ආපහු නං පටංගන්න හිතන්න එපා. මිනිස්සුන්ට ඕකෙ නිවුස් අහල එපා වෙලා තියෙන්නෙ.

:       0       25

Priya Thursday, 07 May 2020 03:13 AM

ගෙන්නන්න දෙයක් නැහැ ලගදි ගුවන් තොටුපොළ වල් ඇරියා ම, ඔගොල්ලාගේ අය ගෙන්න ගන්න

:       1       8

kamal ranathunaga Thursday, 07 May 2020 05:21 AM

කොඩි අරගෙන ආයෙත් යන්න දිනවන්න. රජ පුටුවේ වාඩිකරන්න. සල්ලිත් හිගයිලු. අන්න යවන්න. කොරෝනා හැදිලා ඔයගොල්ලෝ මලත් ඒ අයට ඕනේ සල්ලි.

:       54       101

Gurusingha s Thursday, 07 May 2020 05:33 AM

අනේ ඉක්මනින් අපේ දරුවෝ ටික ගෙනත් දෙන්න.පින් සිද්ධ වෙයි !

:       4       2

Siri Friday, 08 May 2020 05:22 AM

ඒ අය අතරත් ඉන්නවද දන්නේ නැහැ VIP කට්ටිය? නැත්නම් මැති ඇමතිලාගේ දරුමල්ලෝ ? මොකද එයාලත් අර UK වලින් අපු අය වගේ නිරෝධායනයට යන්න සුපිරි ගමන් පහසුකම්,සුපිරි හෝටල් ඉල්ලන්න පුළුවන්නේ.

:       0       0

Siri Friday, 08 May 2020 05:34 AM

චන්දෙන් පරදිනබව පේන නිසා ඒ චන්දයි එයාලගේ දරු මුණුබුරන්ගේ චන්දයි එකතුකරගන්ඩ කරන වැඩක්.

:       0       12

ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 08 May 2020 11:08 AM

කරුණාකර මැද පෙරදිග මෙහෙකරුවන්ට වඩා යුරෝපයේ ඉගෙනගන්න දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න...

:       0       0

Don Friday, 08 May 2020 11:10 AM

අපි කොහොටද දැනුම් දෙන්න ඕන මේ ගැන...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 105 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 257 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 299 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 238 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 340 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 123 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site