IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මාතර කොල්ලයේ පාතාල සාමාජිකයින් තිදෙනා යළි රිමාන්ඩ්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ලකෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු  පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (16) නියෝග කළාය.


ඔවුන් වෙනුවෙන් දෙවැනි දිනටත් හදුනා ගැනීමේ අද (16) පැවැත්වීමට නියමිතව තිබුණද මෙම සිද්ධියේ සැකකරුවකු වු කොස්ගොඩ තාරකගේ සහෝදරයා වන ධර්මකීර්ති මදුක නිර්මාල් පෙරේරා නොහොත් කොස්ගොඩ මදුක වෙඩි වැදීමෙන් තුවාල ලබා තවම කොළඹ ජාතික රෝහලේ ලබන නිසා පෙරෙට්ටුව මීලඟ දිනට කල් තැබිණි.


ඒ අනුව දැඩි ආරක්ෂක රැකවල් මැද රැගෙනවිත් තිබු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන කොස්ගොඩ නානතොට , නෙල්ලිගස්කැලේ පදිංචි ධර්ම කීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක හා අනුරාධපුර දුටුවැව හීරන්දෙනිය ගෙදර අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා දෙදෙනා සමග රෝහල් ගතකර සිටින සැකකරු ද තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.


ඊට අමතරව මෙම අපරාධය සිදු කිරීමට උපයෝගී කර ගත් මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගත් හෝමාගම පදිංචි කපිල කුමාර නැමැත්තා ද තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසට නියෝග කෙරිණි.


අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ සිට කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර රැගෙන ආවේ පොලිස් ආරක්ෂාවද සහිතවය.ඒ වෙනුවෙන් බන්ධනාගාර බස් රථ දෙකක් පැමිණ තිබුණි.

 

කොස්ගොඩ තාරක නැමැත්තා වෙනුවෙන් නීතිඥ වරුන් වන අනුර ද සිල්වා හා රංග ද සිල්වා යන මහත්වරු පෙනී සිටියේය.


කොස්ගොඩ තාරකගේ නායකත්වයෙන් යුත් මෙම පාතාල කල්ලිය ඉකුත් 22 වැනි දින මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් තුළට කඩා වැදී ගිනි අවි පෙන්වා රන් ආභරණ මංකොල්ලකා තිබුණි.



අදහස් (4)

මාතර කොල්ලයේ පාතාල සාමාජිකයින් තිදෙනා යළි රිමාන්ඩ්

එර්දි Monday, 16 July 2018 10:19 AM

කාගෙ වුවමනාවකටද මෙච්චර වහගෙන යන්නේ. පත්තර සහ වෙනත් මාධ්‍යම කියනව‍ා මිනීමරු පාතාල අපරාධකාරයො කියලා... ඒක නිසා මොවුන්ව නිරාවරණය කර ගෙනියනවා නම් සමාජයට යහපතක්. අපි කිව්වට කවුද දන්නේ... දේශපාලකයෙක්ගේ වුවමනාවක්ද කියලා මූනවල් නොපෙන්වන එක..

:       0       131

jayantha Monday, 16 July 2018 11:27 AM

"කොස්ගොඩ තාරක නැමැත්තා වෙනුවෙන් නීතිඥ වරුන් වන අනුර ද සිල්වා හා රංග ද සිල්වා යන මහත්වරු පෙනී සිටියේය." සල්ලි වලට පෙරේත කට්ටිය. ලැජ්ජි ....

:       0       229

Nilanka Monday, 16 July 2018 02:53 PM

මේ අයව ආරක්ෂා කරන රජයේ ප්‍රබල ඇමැතිවරු එල්ලා දැමිය යුතුය.

:       0       13

chintha Monday, 16 July 2018 03:40 PM

සල්ලිවලට ඕනෑම දෙයක් කනවද?

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 265 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 584 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 690 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 401 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 471 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site