IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහින්දගේ පෙත්සම සළකා බැලීම කල්යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වලකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා මහින්ද ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සම පෙබරවාරි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (16) දින නියමය කළේය.

මෙම කරුණ සම්බන්ධ අභියාචන පෙත්සම ද පෙබරවාරි 21 දින සලකා බැලීමට දින නියම කෙරිණි.

මෙම විශේෂ අභියාචන පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා, ප‍්‍රසන්න ජයවර්ධන  සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 03 වැනිදා නියෝගයක් ලබා දුන් අතර ඊට  එරෙහිව මෙම විශේෂ අභියාචන පෙත්සම ඉදිරිපත් කෙරිණි.

තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විශේෂ අභියාචනා පෙත්සම් ගොනු කර තිබුණි.

මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් වෙන වෙනම ගොනු කළ මෙම අභියාචන පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ.

අභියාචනාධිකරණය නීතිය  වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම තමන් එම තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් පෙරේදා  (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මෙම අතුරු නියෝගයෙන් වගඋත්තරකාර පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යවරුන්ට අගතියක් හා අප‍්‍රතිකාරී හානියක් සිදුවන බවද පෙත්සමේ සඳහන් වේ.
 
එසේම තමන් තනතුරු වල කටයුතු කිරීම අත්හිටුවමින් දුන් එම තීන්දුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද එහි සඳහන් වේ.

එබැවින් පෙත්සම මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගය ඉවත දමන ලෙසද මෙම විශේෂ අභියාචන පෙත්සමේ සඳහන් වේ.

එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත‍ෙ, අභියාචනාධිකරණය හමුවේ පෙත්සම්කාර වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු විසින් ගොනු කර ඇති ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිෂ්ප‍්‍රභ කරන්නැයි ද මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු සිය විශේෂ අභියාචන පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
 
පෙත්සම්කාර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන  රොමේෂ් ද සිල්වා , ගාමිණී මාරපන , මනෝහර ද සිල්වා, අලි සබ්රි, සංජීව ජයවර්ධන, කුෂාන්ත ද අල්විස් මහත්වරුන් ද, වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කනග් ඊශ්වරන් , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක සහ නීතීඥ රාවුෆ් හකීම්, ජනාධිපති නීතීඥ  ඉක‍්‍රම් මොහොමඞ්, ජනාධිපති නීතීඥ ජේ.සී වැලි අමුණ  යන මහත්වරු ද පෙනී සිටියහ.



අදහස් (4)

මහින්දගේ පෙත්සම සළකා බැලීම කල්යයි

Chanak los angeles Wednesday, 16 January 2019 08:42 PM

ලංකා ඉතිහාසයේ පහලවුනු තණ්හාව අධිකම දේශපාලකයා..

:       0       8

Chanak los angeles Thursday, 17 January 2019 01:47 AM

ඕක විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණය නියම තීන්දුව දී අවසානයි ..

:       0       7

Bamunuaarachchi Thursday, 17 January 2019 03:04 AM

මේකත් යු.අන්.පී. කාරයන්ගේ කුමන්ත්‍රණයක්!

:       0       24

HR Thursday, 17 January 2019 12:07 PM

චානක්, අන්න තණ්හාව අධිකම පුද්ගලය මේ දවස්වල රජවෙන්න විවස්ථාව පෙරලනවා.ආ..මට අමතක උනානෙ ඔය රටට ඒවා පේන්නෙ නෑනෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 142 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 319 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 373 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 270 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 379 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 132 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site