IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මහඉලුප්පල්ලම බීජ ගොවිපොල බංගලිදේශයට බදු දීමට විරෝධය

 

(දයාරත්න ඇඹෝගම)
 
මහඉලුප්පල්ලම පිහිටි රජයේ බීජ ගොවිපල වසර 150 ක් සඳහා බංගලාදේශයේ සමාගමක් වෙත බදු දීමට කෘෂිකර්ම ඇමැති කටයුතු කර ඇතැයි පවසමින් දේශපාලඥයින්, මහජනතාව සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ අද (21) එම ගොවිපල ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
 
වසර 150 ක් සඳහා බදු දෙන මෙම බීජ ගොවිපල එම වසර 150 ගෙවී ගිය පසු යළිත් වසර 105 ක් වශයෙන් දීර්ඝ කළ හැකි අන්දමින් ගිවිසුම ක්‍රියාත්මක විම හේතුවෙන් පරම්පරා 20 කට වැඩි කාලයක් බංගලාදේශයට ගැතිකම් කිරීමට සිදු වන බව විරෝධතාවයට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා සඳහන් කළේය.
 
බැනර් හා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වු පිරිස් ප්‍රකාශ කලේ වසර 67 ක් පමණ පැරණි ආයතනයක් විදේශ රටකට බදු දීමට රජය ගෙන ඇති තීරණයට දැඩි සේ විරුද්ධ බවයි. 


 



අදහස් (12)

මහඉලුප්පල්ලම බීජ ගොවිපොල බංගලිදේශයට බදු දීමට විරෝධය

Chanak los anjalis Monday, 21 August 2017 09:12 AM

රාජපක්ෂලා ගත්ත ණය ගෙවන්න බදු දෙන්නේ නැතුව මොනවා කරන්නද, මේ වගේ වැඩකට නැති ආයතන බදු දෙන එක හොඳයි.

:       1062       274

hareshMonday, 21 August 2017 11:04 AM

ඡන්දෙට කලින් නම් කිව්වේ අපිට බටහිර රටවල් වලින් ආයෝජන ගෙන්න පුළුවන්, කලින් අය වගේ රට චීනයට විකුණන්නේ නැහැ කියලයි. එහෙමක් කියපු කට්ටිය දැන් චීනෙට විතරක් නෙමෙයි... බංගලියන්ටත් රට විකුණනවා. මේ රටේ ණය ගත්ත එකම ආණ්ඩුව රාජපක්ෂලා විතරද? තමන්ගේ නොහැකියාව වහගන්න ගොතන කතා පිළිගන්න කට්ටියකුත් ඉන්නවනේ...

:       65       567

samantha Monday, 21 August 2017 09:54 AM

මේ ගොල්ලෝ දන්නේ නැද්ද දන්නෑ... රට දියුණු කරන්න නම් සියළුම පාඩු ලබන ආයතන විකුණන්න ඕනේ කියලා. මටත් කිව්වේ නළුවෙක් නොවන කෙනෙක්...

:       1       39

kalpa Monday, 21 August 2017 09:56 AM

කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම මෙයට හේතුවෙලා කියලා තමයි මම හිතන්නේ මේ නිසා කළ යුතු වන්නේ ප්‍රාදේශීය මට්ටමින් තීරණ ගතහැකි බලය බෙදීමක් කරන්න පාලන ක්‍රමයක් ඇතිකිරීම මගින් මෙම නාස්තිකාර වැඩවලට විසඳුමක් වේවි...

:       10       63

indika Monday, 21 August 2017 10:14 AM

ලක්ෂ 62 ට දැන් සනීපයි නේද?

:       155       532

Chandana F Monday, 21 August 2017 10:16 AM

දුකකි, පිළිකුලකි, වේදනාවකි,... අනේ මෙහෙම දේශපාලනයක්... ලංකාව ටිකෙන් ටික පරගැත්තන්ට යාවි, අපේ දරුවන්ගේ අනාගතේට මොකද වෙන්නේ?

:       102       183

බණ්ඩාර(කැකිරාව) Monday, 21 August 2017 10:46 AM

රටේ තියෙන සියලුම ආයතන සහ වටිනා සම්පත් විකිණීම තමයි මේ රජය සංවර්ධන උපාය මාර්ගය ..අර නන්දා මලිනි මහත්මියගේ ලස්සන ගීතයක් තියෙනවා මෙයලට වඩාත් ගැලපෙනවා.

:       16       370

සෙනෙවි Monday, 21 August 2017 11:37 AM

රටක ආහාර සුරක්ෂිතතාවයට වැදගත්ම සාධකය වන බීජ ආධිපත්‍යය නොරටුන්ට පාවා දීමට ගනු ලැබූ තීරණය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු .

:       0       157

kumar (galf) Monday, 21 August 2017 12:23 PM

මෙවැනි ගොවිපලක් ජපානයට, ඊස්‍රායලයට වගේ කෘෂි තාක්ෂණයෙන් මුදුන් මට්ටමේ සිටිනා රටකට දුන්නොත් අඩුගානේ අපේ රටේ කෘෂි තාක්ෂණය වත් දියුණු වේවි!!! බංගලාදේශය අපිටත් වඩා බොහෝ පිටුපසින් සිටිනා රටක් !!!

:       120       44

Ruwan Monday, 21 August 2017 03:05 PM

ජනාධිපතිතුමනි ඔබේ අදහස කුමක්ද?

:       52       0

siri Monday, 21 August 2017 08:21 PM

කියන්නේ නම් ගොවි පුතෙක් රජ පුටුවේ වාඩි වුනා කියලයි.ගොවියාගේ හදවත බදු මහිලුප්පල්ලම විකුණුවොත් හෝ බදු දුන්නොත්,අපිට හිත ගත හැකියි ගොවි පුතෙක්ද නැද්ද යන්න.යම් විදියකින් ඒ පාප කර්මයට මෙතුමා හවුල් වුනොත් මෙය සදාකාලික දේශපාලන අනාථයෙක් වෙන බව නම් සිකුරුයි.

:       0       22

anura Tuesday, 22 August 2017 12:47 AM

මෙහි පැති දෙකක් තිබේ. මහා ඉල්ලුප්පලම නඩත්තුවට රජය විශාල මුදලක් වැය කරනවා. මෙය 70, 80 දශක වල වැදගත් මෙහෙයක් කල ආයතනයක්. එහෙත් දැන් තත්වය සම්පුර්නයේම වෙනස්. කිසිම output එකක් නැහැ.මෙහි රැඳී සිටීමට නිලදාරීන් කැමති නැහැ. මේ තත්වය යටතේ සුදු අලියෙක් වගේ මෙම ආයතනය නඩත්තු කිරීමේ වැඩක් නැහැ. රජය මෙය වැඩි දියුණු කිරීමට වැඩ කටයුතු කල යුතුය

:       7       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 444 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 890 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1058 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 601 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 612 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site