IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට දුන් තීන්දුව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි


 
 
සුජිත් හේවාජුලිගේ
 
හිරගෙවල්වල සිට අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට මරණීය දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.


එල්ලුම්ගහ නැවත  ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජයේ ලොකු කතාබහක්  ඇතිවී තිබෙන හෙයින් මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම කාලෝචිත යැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  පැවසීය.


එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරිමට ප්‍රථම ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස‍් ද දැනගැනීම වැදගත් බව පෙන්වා දෙන රහුමාන් මහතා සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය පවත්වන්නැයි අගමැතිවරයාගෙන් අද හෙටම ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.



අදහස් (13)

මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට දුන් තීන්දුව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Mahee Sunday, 15 July 2018 11:43 AM

එහෙනම් කේස් ක්ලෝස් !

:       33       78

abaranSunday, 15 July 2018 10:40 PM

ඔව් මහී, මෙව්වට තමයි කියන්නේ මාස්ටර් ප්ලෑන් කියලා.... තමන්හට පුද්ගලිකව ලකුණු දමා ගැනීමේ ක්‍රම සහ විධි. අපේ දේශපාලකයන් විසින් බුද්ධිමත් යයි කියා රවටනු ලබන මෝඩ ජනතාව වෙනුවෙන් පෙන්නන තවත් සංදර්ශනයක් පමණි.

:       0       1

Raveendra Sunday, 15 July 2018 11:56 AM

මොන මගුලට අපේ මුදල් නාස්ති කරමින් වටිනා කාලය කාදමමින් විවාද ඉල්ලනවාද? රටේ යහපතට ගන්න යන තීරණයක් වෙනුවෙන්. " යම්කිසි අම්බරුවෙක් මෙය ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙනවා යනු ඒ අම්බරුවා රට විනාශ කරන කුඩු මුදලාලි සමග සෘජුවම හෝ වක්‍රව සමීප ඇසුරක් තිබෙන බව ස්ථිර කිරීමකි".

:       23       334

anura Sunday, 15 July 2018 12:08 PM

බන්ධනාගාරය තුළදී දරුණු අපරාධ කරුවන්ට රිසිසේ ජංගම දුරකථන භාවිතා කිරීමට හැකි එකම රට ලංකාව විය හැකිය. මෙම කරුණ පාර්ලිමේන්තුවේ විවාදයක් කිරීමට තරම් අවශ්‍ය කාරණයක් නෙවේ. අපරාධ කරුවන්ට අනුබල දෙන්නන්ට දඬුවම් කරන්නේ නම් ප්‍රශ්ණය පහසුවෙන් විසඳාගත හැකි වේවි.

:       13       216

sena Sunday, 15 July 2018 01:14 PM

වෙනදේ හිතාගන්න පුළුවන්. පාර්ලිමේන්තුව විරුද්ධ වෙනවා. ඊළගට ජනාධිපතිතුමා කියනවා මගේ කුඩු නැවැත්වීමේ යෝජනාවට ආණ්ඩුව විරුද්ධයි කියල‍ා, ආණ්ඩුව මහජනයාට තවත් අප්‍රිය වෙනවා. ජනාධිපතිතුමාට ලකුණු වැටෙනවා. නාඩගම එතනින් ඉවරයි. හිරේ ඉන්න කුඩුකාරයෝ සහ ඒ අයට සහයෝගය දෙන නිලධාරි හැත්තම ආණ්ඩුවේ ආරක්ෂාව ඇතුව වැඩේ වෙනදාටත් වඩා හොඳින් කරනවා.

:       0       86

සතයපාල Sunday, 15 July 2018 01:39 PM

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති බලතලවලින් එකකි. ඒ ගැන විවාද කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාවක් ලබාදී තිබුණා. ඒ දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන දිනයේදී. එදා මේ මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය නොකළාට නැවත ඒ ගැන විවාද කරන්න බැරියැ. මොකද පාර්ලිමේන්තුව මගින්ම ඒ ව්‍යවස්ථාව සම්මත කර ඒ බලතල ජනාධිපතිවරයා වෙත පවරා ඇති හෙයින් වන අතර පාර්ලිමේන්තුව නියෝජනය කළාට වැඩක් නැත. පාර්ලිමේන්තුව සතු වගකීම්, යුතුකම් හා කාර්යභාරයන් වටහාගෙන කටයුතු කළ යුතුය.

:       0       32

Bamunuarachchi Sunday, 15 July 2018 03:50 PM

19 ට ඡන්දය දීලා කෙලවා ගත්තා නේද? අපි ජනාධිපතිට විධායක බල තිබෙන්නේ ඕනේ කියන්නේ ඔන්න ඕක නිසායි. 1977 ජනාධිපති මිනීමරුවන්ට නිදහස දුන්නාම විවාද ඉල්ලුවේ නැහැ. මිනීමරුවන් එල්ලා මරන්න නියම වුනාම විවාද ඉල්ලනවා. මේ විවාද ඉල්ලන්නේ කුඩු බිස්නස් වලින් කොමිස් ගන්න ගොයියෝ...

:       0       0

රවින් Monday, 16 July 2018 12:19 AM

විවාදය එල්ලා මරණ එකෙනුත් ගානක් හොයාගන්න බැරිද කියලා බලන්නද?

:       0       0

dias Monday, 16 July 2018 01:35 AM

ජනාධිපතිතුමණි, ගත් තීරණයට මොන බාධක ආවත් ක්‍රියාත්මක කරන්න. අපි එවිට් ඔබ සමගයි.

:       0       1

BamunuarachchiMonday, 16 July 2018 12:44 PM

අපි ඔබ සමග වෙන්න තව කොපමණ ක්‍රියාත්මක කොරන්න ඕනෙද?

:       0       0

sudesh Monday, 16 July 2018 04:22 AM

ජනතාව වෙනුවෙන් හිතලා මේකවත් ක්‍රියාත්මක කරන්න..............

:       0       1

Shan Monday, 16 July 2018 06:11 AM

රජයක් හැටියට ගත්ත තීරණය එලෙසම ක්‍රියාත්මක කරන්න. හරියට බැලුවොත් පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙනුත් කීපදෙනෙකුටත් ඔය දඬුවම ලැබෙයි.

:       0       1

sam Monday, 16 July 2018 07:27 AM

ජනාධිපතිතුමාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න සැබෑ උවමනාවක් තියනවානම් කලයුත්තේ මරණ දඬුවම ලැබුවන් එල්ලිය යුතු දිනය සහ වෙලාව යොදා මරණ දඬුවම් නඩු තීන්දු අත්සන් කිරීම මිසක් "නොකෙරෙන වෙදකමට කෝඳුරු පැණි හත් පට්ටයක් සෙවීම " නොවේ. නඩු තීන්දුවේ තියෙන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති උතුමාණන් විසින් නියම කරන වේලාවක ප්‍රාණය නිරුද්ධ වනතෙක් එල්ලා තැබීමට මෙයින් නියම කරනු ලැබේ" කියලයි . කලයුතු දේ කරන්නේ නැතිව වටේ යන්නේ මේක නොකර ඒ වරද කාගේ හරි ඇඟේ ගහන්න මිසක් වෙන දෙයකට නොවේ .

:       0       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 195 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 431 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 517 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 329 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 417 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 149 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site