(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඬුවම ලැබූවන් අතරින් හතර දෙනෙක්ට එම දඬුවම ක‍්‍රියාත්මත කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ප‍්‍රකාශ කිරීම ලබන ඔක්තෝබර් 31 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.
මෙම පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබා දෙනවාද නැද්ද යන්න අද (17) දින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
කෙසේ නමුත් ඔක්තෝබර් 30 වැනිදා තෙක් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම අවස්ථාවේ තම තීන්දුව ප‍්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර ඇත.
මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයෙකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයෙකු වූ මාලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ , දීපාලි විජේසුන්දර , ජනක් ද සිල්වා , අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා , අලුගෝසුවා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මරණ දඬුවම අත්හිටුවන්නැයි ගොනු කළ පෙත්සමේ තීන්දුව කල්යයි
Chanak los angeles Thursday, 18 July 2019 05:57 AM
දඬුවමට බිය වගේම වැරදි කරන්නත් බියවෙන්න ඕනේ...