IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මම ඉන්න තැන හිට්ලර් කතාව කිව්වා නම් මම එවෙලේම විරුද්ධ වෙනවා - අගමැති මාතරදී කියයි

 

(අංජුල මහික වීරරත්න)
(ඡායාරූප - ඉෂාන් සංජීව)


මිනිසුන් මරණ හිට්ලර් කෙනෙක් වෙන්නැයි බුදුන් වහන්සේ කිසි දිනක දේශනා නොකළ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතරදි අද (23) පැවසීය. 


තමා ඉන්නා තැනක එවැනි කතාවක් කීවා නම් එවේලේම ඊට විරුද්ධ වන බව කී අග්‍රමාත්‍යවරයා හිට්ලර් සහ බුදු දහම එකට එකතු කරන්නේ කෙසේ දැයි තමාට නොතෙරෙන බවද පැවසීය.


බුදුන් වහන්සේ සෑම විටම දේශනා කළේ සියලු මතයන්ට ගරු කිරීමේ අගය ගැන බවද අග්‍රමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


මාතර මහාමන්තින්ද පිරිවෙනේ 125වන සංවත්සර උත්සවයේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.



 



අදහස් (41)

මම ඉන්න තැන හිට්ලර් කතාව කිව්වා නම් මම එවෙලේම විරුද්ධ වෙනවා - අගමැති මාතරදී කියයි

Raveendra Saturday, 23 June 2018 04:44 PM

අනේද කියන්නේ ... තාම මහ බැංකුව හොරා කාපු " අතීසාර යාළුවාව" අල්ල ගන්න බැරිවුණාට කටින්නම් පැපොල් අක්කර දහස් ගණන් හිටවල තියනවා. වස්ත්‍රය ඇඳගෙන ඉන්නේ සීතලට වෙන්න ඇති...

:       3874       5029

Janu Saturday, 23 June 2018 05:28 PM

Mr . බීන් වගේ පාලනය කරන්න කිව්වනම් ඔයාට සතුටු හිතෙනවා

:       904       1337

lusena Saturday, 23 June 2018 05:31 PM

කරන්න කන්දරාවක් රාජකාරි තියෙද්දී, පොඩි වචනයකට, සිංහල ව්‍යංග අරුත් තේරුම් ගත නොහැකි පාලකයෝ ගැන ලාංකිකයෙක් ලෙස කනගාටුයි. ලුසේනා

:       1406       1836

tommy Saturday, 23 June 2018 05:39 PM

කිසි කෙනෙක් හිට්ලර්ව බුදු දහමට එකතු කරන්නට හැදුවේ නැහැ. හිට්ලර් තම නායකත්වය යටතේ 1933 සිට 1939 වන විට ජර්මනියේ එවකට කඩා වැටී තිබුන ආර්ථික නංවා, තම රට ආර්ථික වශයෙන් ලොව ප්‍රබලතම රාජ්‍යයක් බවට පත් කලා. ඔහුගේ කඩාවැටීමට හේතුව වුයේ යුද්දයක් බිහි කිරීමයි. අද ලංකාවට අවශ්‍ය වන්නේත් තම පැවැත්මට වඩා රටේ දිව්නුව ගැන සිතන, විනයගරුක සමාජයක් ගොඩනැගිය හැකි, ශක්තිමත්ව දැඩි තීරණ ගත හැකි නායකයෙකු පමණයි.

:       2139       2353

sirimal Saturday, 23 June 2018 05:49 PM

අනුනායක හාමුදුරුවෝ වදාරලා තියෙන්නේ හිට්ලර් අනුගමනය කල " දසරාජ ධර්මය" වගේ වැඩ කරන්න කියලලුනේ. ඉතින් ඔහොම කතාකරන එක වැරදි කියලයි සමහර මාධ්‍ය හුවා දක්වල තියෙන්නේ.

:       86       209

Jerami Saturday, 23 June 2018 06:14 PM

ඉතින් දැනුත් විරුද්ද වෙන්න පුලුවනේ අගමති තුමා.

:       330       532

Vidya Saturday, 23 June 2018 06:18 PM

කරුණා කරලා දෙවැනි ලෝක යුද්දය ගැන වැඩ සටහනක් කරන්න. ජර්මනිය , ඉතාලිය , ජපානය එකතුවෙලා බලය අල්ල ගත්ත නම් අද මුළු ලෝකයම වහලුන් බවට පත් වෙන්න තිබුණු බවත් කියල දෙන්න. විශේෂයෙන්ම පොඩි ළමයින්ට මෙය විශේෂයෙන්ම දිය යුතු පණිවිඩයක්

:       130       482

Bamunuarachchi Saturday, 23 June 2018 06:20 PM

බටලන්ද ගැන කීවානම් මොකද කොරන්නේ

:       1265       1917

Kamal Saturday, 23 June 2018 06:43 PM

අනේ ද කියන්නේ. පුදුම ලෝකයක්. ඔබ පරාජයේ සංකේතයක්.

:       562       732

RaveendraSunday, 24 June 2018 05:59 AM

ඡන්දය පැරදුණත් පිං මම අගමැතිය....බ්‍රේස්ලට් දුන්නෙත් පිං නැති මමයි... ෆොස්වැගන් මෙහෙ හැදුවෙත් පිං ඇති මමයි...

:       149       396

sanath Saturday, 23 June 2018 06:54 PM

හිට්ලර් කියන්නේ කවුද කියල හරියට දන්නේ නැතුව තමයි ඒ හාමුදුරුවෝ හිට්ලර් වගේ කෙනෙක් වෙලා රට පාලනය කරන්න ගෝඨට කිව්වේ. හිට්ලර් මිනිස්සු ලක්ෂ 170 ක් මරල තියෙනවා මෙයත්එ හෙම කලොත් ලංකාවේ ඉතුරුවෙන්නේ මිනිස්සු ලක්ෂ 40 යි. හැබැයි රටේ ප්‍රශ්ණ ගොඩක් විසඳෙයි ජනගහනය අඩුවෙන නිසා.

:       555       417

BamunuarachchiSunday, 24 June 2018 06:00 AM

හිට්ලර් ගැන නොදන්නවානම් හිට්ලර්ව උපමා කර ගනීවිද. ඔබ ඉස්කෝලේ ඉගෙන ගත්තේ මොනවාද . හලෝ අද ලෝකය මෙතරම් දියුණු උනේ හිට්ලර් නිසා හිට්ලර් නොසිටින්න ඇමරිකාව අද තාම හරක් බලනවා. යුරෝපයේ හැටියට ලක්ෂ 170 වක් නම් ලංකාවේ හැටියට 1987- 1989 මැරුණු ගණන ප්‍රතිශතයක් හැටියට ඊට වැඩී නේද? ලංකාවෙත් මරපු විදිහේ එතරම්ම වෙනසක් නැහැ නේද? උපමාවක් තේරුම් ගැනීමටත් බුද්ධියක් තිබෙන්න ඕනේ.

:       554       619

chandaniSunday, 24 June 2018 07:06 AM

බමුණෝ, කට කට

:       0       0

Alfi Saturday, 23 June 2018 06:58 PM

කතාවේ අන්තර්ගතය තේ්රුම් ගන්න බෑ වගේ

:       163       338

RNG Saturday, 23 June 2018 07:02 PM

එහෙනම් අර හාමුදුරුවෝ වගේ අල්ලලා හිරේ දාන්න තිබුණා නේද ..?

:       1       205

chandana Saturday, 23 June 2018 07:09 PM

සිංහල භාෂාවේ "වෙංගර්ථ" කියලා දෙයක් තියනවා. කළු සුද්දන් නෙමෙය් සිංහල මිනිස්සු මේ වෙංගර්ථ ගැන හොදින් දන්නවා. උදහනරයක් හැටියට "යකාගෙන් වුණත්වැ ඩක් ගන්න ඕන" කියන්නේ යකාගෙන් වැඩ ගන්න කියල නෙමයි. "ලෙඩා මලත් බඩ සුද්ධයි" කියන්නේ ලෙඩෙක්ට මැරෙන්න කියනවා නෙමෙයි. එල ඇදෙන හිනාව කියන්නේ අපේ රටේ පාලක "කළු සුද්දෝ" සිංහල භාෂාව ගැන මෙලෙ හසරක් නොදැක රතු තොල් පෙති දෙක රවුම් කර කර අර සිංහල භාෂාව ගැන හසල දැනුමක් තියන හාමුදුරුවෝ කියපු වෙංගර්ථය අර්ථ නිරුපනය කිරීමයි. අබුද්ධස්ස කාලෙනේ

:       536       950

V.warnakulasuriya Saturday, 23 June 2018 07:11 PM

හිට්ලර් ගැන බුදුන් වහන්සේ දැනගෙන සිටියේ නම් යමක් වදාරණ සේක. එහෙත් බුදුන් වහන්සේ ලෙච්ඡවි යහපාලනය ගැන නම් වදාළ සේක. සියලලෝ සතුටින් එක්වි මහ බැංකුව බිඳ,සාමයෙන් හිටපු රජ දරුවන් සහ ඇමතියන් ආරක්ෂාකර සතුටින් විසිර යන කතාවක් වගේ එකක් අපි අසා ඇත්තෙමු. බුදුන් වහන්සේ සෑම විටම දේශනා කළ සියළු මතයන්ට ගරැ කිරීමේ අගය තේරැම් ගෙන සිටින අපි අවු70 ක් අගය කළා වගේ තවත් අවු.හැත්තැවක් අගය කරමු. පන්සල්වලම ලගින, බුදුන්ගේ වචනයම නිතරම අපට මතකයට ගෙන එන අපේ පින්වත් දේශපාලකයන්ට බුදු සරණයි!

:       174       313

Perera Saturday, 23 June 2018 08:17 PM

බුදුහාමුදුරුවන් කොහොමද හිට්ලර් ගැන දේශනා කෙරුවේ, හිට්ලර් ඉපදුනෙත් 1889 මරුනේ 1945!!!

:       37       8

maheshika Saturday, 23 June 2018 10:45 PM

පිදුරු ගහක් දැකල, ගිලෙන කට්ටිය ඔක්කොම එකේ එල්ලිලා. මම දැක්ක එක්කෙනෙක් කියනවා ලීක්වාන් හරි මහතය මොහමඩ් වගේ වෙන්න කියන්න කියල. හිට්ලර් කියන්නේ බුරුතු පිටින් මරපු කෙනෙක් කියල. නොදන්නා කට්ටියට කියන්නේ ලී ක්වාන් එකධිපතියකු විදියට වැඩ කරලා තමයි සිංගපූරුව දියුණු කෙරුවේ. අපේ රටේ වැඩ කරන්න පුළුවන් එකෙකුට ඉන්න දෙන්නේ නැහැ. වැඩ බැරි වුණත් කෙප්ප කෙල්ලින්න කට්ටිය ඕනෑතරම් අපේ වැව මද හරක් ගාලේ ඉන්නවා. රතු කමිසකාරයෝ ටිකට ඕන අයව තමඊ රජ කරවන්නේ.

:       715       992

Hafeel Saturday, 23 June 2018 11:15 PM

දැනටමත් රටේ පවතින්නේ එක්තරා මට්ටමේ හිට්ලර් පාලනයක් මතයි. අද නීතිය අධිකරණය හෑල්ලුවට ලක්වෙලා

:       304       432

Dhammasiri himi Saturday, 23 June 2018 11:20 PM

බටලන්ද ගැන කිව්ව නම්?

:       416       602

podu Saturday, 23 June 2018 11:48 PM

වසර ගනන් පැරදි පැරදි පක්ෂ නායකත්වයේ එල්ලිගෙන කිසිම කෙනකුට නායක කම නොදි තම මතයම පක්ෂය තුළ ක්‍රියාත්මක කරවන මෙතුමා නොවෙද නියම හිට්ලර්

:       472       778

Ratnamalala Sunday, 24 June 2018 01:58 AM

ඔන්න අලිබබා ගැන කිව්වනම් තව කමක් නැහැ.

:       0       60

BamunuarachchiSunday, 24 June 2018 04:39 AM

එතකොට හොරුන් 118 ගැන කියන්න වෙනවානේ

:       0       68

sarath Sunday, 24 June 2018 02:43 AM

මේ මනුස්සය සිංහල භාෂාව දන්නේ ම නැහැ,හාමුදුරුවෝ ගැන දන්නා හැමෝම දන්නවා උන්වහන්සේ කවුද කියල.බොරුවට කතාව හරියට අහන්නේ නැතිව වලිගෙ පාගාගෙන .රට කරන්න තේරෙන්නේ නැහැ වගේම හාමුදුරුවන්ගේ කතාව තේරෙන්න මොලෙකුත් නැහැ

:       305       625

Nishantha Sunday, 24 June 2018 02:47 AM

ඔබ පරාජිත නායකයෙක්

:       174       351

sigithi Sunday, 24 June 2018 03:45 AM

මෙය ලංකාවේ හිටියට සිංහල දන්නේ නැති සුද්දන්ට ඕන විධියට ඉන්න අයෙක්නේ. මහා බැංකුවයි බටලන්දයි ගැන දන්නවා ඇති . .

:       173       444

kalani Sunday, 24 June 2018 04:17 AM

ජර්මන් ජාතිය ලෝකයේ එකම ආර්ය ජාතිය ලෙස හැඳින්වූ, ආචාර්ය ගොබෙල්ස් ජනමාධ්‍ය ඇමති ලෙස පත්කර ගෙන , ජර්මනියේ ආර්ථික ශක්තිය හිමි යුදෙව්වන් දශ ලක්ෂ සංඛාවක් මරා දැමු හිට්ලර්, ගැන සිංහල තේරුම්ගත නොහැකි මිනිසුන් කියන කතා ගැන මොන කතාද?

:       0       86

BamunuarachchiSunday, 24 June 2018 06:10 AM

ඒ වුනාට ජර්මන් ජාතිකයෝ එහෙම හිතන්නේ නැහැ. ඒගොල්ලෝ තාමත් හිතනවා නියෝ නාසි විදිහට. අපිත් ජාතිය ගැන කැක්කුමක් තිබෙනවානම් හිට්ලර් විදිහට හිතන්න ඕනේ. හැබැයි හිට්ලර් තවමත් ජර්මනියේ ජීවත් උනානම් ඉස්ලාමය ජර්මනිය අහලකින්වත් යන්නේ නැත. හිට්ලර් ගෙන් ලෝකයට උන සෙතයි උන අපරාදැයි කියලා කොටස් දෙකක් තිබෙනවා. මම බලන්නේ දැනට අපි භුක්ති විඳින දියුණුව, උන අපරාද වෙලා ඉවරයි. අතීතය ගැන දුක්වන්න එපා පලක් නැත. අපි කරන්නේ අතීතය ගැන හිත හිත දුක්වෙන එක විතරයි.

:       355       102

V.warnakulasuriyaSunday, 24 June 2018 07:34 AM

අමිත් වීරසිංහගේ අම්මා කළ ප්‍රකාශයක් පසුගිය දිනවල අසන්න ලැබුණා. ඒක බොහෝ දෙනා වෙනුවෙන් අදාළ වෙනවා. යම් අදහසකට අයිතිය කාටත් ඇත. එය සමාජයට අහිතකර සමාජය නොමඟ යවන සුළු නම් හැකි පමණ කවුරුත් නිවැරදි අදහස පළකරන්න.

:       0       0

V.warnakulasuriyaSunday, 24 June 2018 07:34 AM

අමිත් වීරසිංහගේ අම්මා කළ ප්‍රකාශයක් පසුගිය දිනවල අසන්න ලැබුණා. ඒක බොහෝ දෙනා වෙනුවෙන් අදාළ වෙනවා. යම් අදහසකට අයිතිය කාටත් ඇත. එය සමාජයට අහිතකර සමාජය නොමඟ යවන සුළු නම් හැකි පමණ කවුරුත් නිවැරදි අදහස පළකරන්න.

:       0       6

BamunuarachchiSunday, 24 June 2018 02:08 PM

මහත්මයා හරි වරදී කියන එක "සබ්ජෙක් ටිව්" පුද්ගලයා අනුව වෙනස් වෙනවා.

:       0       0

Lapaya Sunday, 24 June 2018 04:39 AM

ඔන්න අපේ රටේ අගමැති ගේ මොලේ. අට පාස් වෙනකල් ඉන්නේ ඕනේ නැහැ පහ පස් වෙච්ච ළමයෙකුගෙන් ඇහුවනම් හාමුදුරුවෝ කියපු කතාවේ නියම තේරුම කියයි අගේට...... මහජනයා බලාපොරොත්තුවෙන් ඡන්දෙ දුන්නේ බැංකු කඩන්නයි මේවගේ කතා අහන්නයි නෙමෙයි.

:       226       879

ව්ලදිමිර් ත්‍රම්ප් Sunday, 24 June 2018 06:07 AM

මේ රජය අවට පස්සෙ දූශිතයො ගොඩක් බය උනා දෙපැත්තෙම ඉන්න.ඒක කාටවත් නෑ කියන්න බෑ අවංක හදවතෙන් මහ බැංකුව ගැන විතරක් කතා කරන්න ඉතුරු උනේ එකයි. පහු ගිය රජයට කොච්චර දූෂණ චොදනා එල්ල උනාද. ඒ කාලෙ හිටිය දැන් දූෂණ විරෝදී වීරයින් එදා කොහෙද හිටියෙ? එහෙම හිටිය වහල්ලුන්ට මතක් වෙන්නෙම මහ බැංකුව විතරයි. හෙජින්, මිග්, සේවක අර්ථසාධක, මිහින් ලංකා, රක්නා ලංකා, සිල් රෙදි, මෝටර් බයිසිකල්, සින්නක්කරට රට විකුණපුව මතක් වෙන්නෙම නෑ. තව කටුනායක, රතුපස්වල මිනීමරපුවා, රාජ්‍ය නිලධාරීන් ගස් බැදපුවත් අමතකයි. මතක මහබැංකුව විතරයි.

:       867       787

LapayaSunday, 24 June 2018 10:36 AM

ලැජ්ජා නැතුව සම හරක් සිරිකොතේ ඉන්න බව ජනතාව දන්නවා. ලොක්කත් ඇඳගෙන ඉන්නවා කියලා හිතාගෙන හිටියට ඉන්නේ නිර්වස්ත්‍රවයි. ඔය කියන ගිය ආණ්ඩුවේ මහාලොකු හොරකම් දැන් අවුරුදු 3කටත් වැඩිය ගියා. එකක්වත් ඔප්පු කළාද? එහෙම වෙලා තියනවා නම් ඥානසාර හාමුදුරුවන්ගේ නඩුව වගේ එක පාරටම අහලා දඬුවම් දිනා තිබුණනේ. කවුද එපා කිව්වේ...? බොරු කිව්ව එකේ ප්‍රතිඵල තමයි දැන් ලැබෙන්නේ. රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි, බකිම්හැම් මාලිගා, ඩුබායි ඩොලර් කියපුවා කෝ...?

:       126       0

නීතිවේදී ධම්මික අරන්දර Sunday, 24 June 2018 06:47 AM

ස්වාමීන්වහන්සේගේ කතාවේ සන්දර්භය තේරුම් ගන්න තරම් මොලයක් නෑ.

:       251       379

siri Sunday, 24 June 2018 06:57 AM

ලොක්ක මම ඉන්න තැන ඔය කතාව කිවුවා නම් මම විරුද්ධ වෙනවා.

:       0       38

Lal Sunday, 24 June 2018 07:36 AM

අපේ පිං අගමැති පොඩි ළමයෙක් වගේ හරිම අහිංසකයි. තව අවුරුදු එකහමාරක් ඉවසලා ඉන්නකෝ...

:       1       9

sarath hettiarachchi Sunday, 24 June 2018 08:13 AM

ඔබට එහෙම කියන එක හිට්ලර්ටත් අපහාසයක්...

:       0       0

Bamunuarachchi Sunday, 24 June 2018 02:14 PM

ඔබ හරියට හරි ධම්මික අරන්දර. ඇත්තටම අපි මෙතන යන අදහස් වලට පිළිතුරු දිය යුතු නැත. පිළිතුරු නොදුන්නා නම් හිතන්නේ ඒගොල්ලෝ හරි කියා.

:       0       0

Bamunuarachchi Tuesday, 26 June 2018 10:18 AM

ඔබ ඉන්න තැන කොහොමත් හිට්ලර් උපමා කරලා අනුසාසනා කරන එකක් නැහැ. ගෝඨාභය මහතා කීවනේ අනුශාසනා ප්‍රක්ඥාවන්ත්යින්ට පමණයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 427 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 862 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1025 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 587 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 597 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site