IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බොරු සංඛ්‍යා ලේඛනවලින් ආධාර නැතිව ණයගන්න සිදුවෙලා

 (සනත් ගමගේ)

මේ රටේ දුප්පත්කමේ ප්‍රතිශතය 6%ක් හෝ 7%ක් මට්ටමක තියනවා කියා සංඛ්‍යා ලේඛන ජිල්මාට් එකක් පසුගිය රජය ක්‍රියාත්මක කළ නිසා  අද අපේ රටට අධාර  උපකාර කිරීම නතර වී ගිනි පොළියට ණය ලබා ගැනීමට සිදුවී ඇති බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා (22) හම්බන්තොටදී කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභින්ට සමෘද්ධිය ලබාදීම සඳහා පැවැති උත්සවයේ දී සජිත් ප්‍රේමදාස මහතා එසේ කීය.

‘‘සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14 ක් දැනට සිටිනවා. රටේ සමස්ථ පවුල් සංඛ්‍යාවෙන් එය 27%ක් පමණ වෙනවා. එසේ නම්  6%ක් 7%ක් දුප්පත්කමේ ප්‍රතිශතය වන්නේ කෙසේද? දුප්පතුන් නගා සිටුවීමට සමෘද්ධිය දෙනවා නම් දුප්පත්කමේ ප්‍රතිශතය 27%ක් බව පේනවා. එසේනම් සංඛ්‍යා ලේඛන ජිල්මාට් එකක් ගසා රට මැදි ආදායම් ලබන රටක් බව බොරුවට ලෝකයාට පෙන්වනවා‘‘ යැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

 



අදහස් (25)

බොරු සංඛ්‍යා ලේඛනවලින් ආධාර නැතිව ණයගන්න සිදුවෙලා

arsad Saturday, 22 June 2019 04:00 PM

කරුණාකර ණයගැනීම නවතා දෙපයින් සිටගතහැකි නායකයෙක් වෙන්න. ජනතාව දුක්විඳලා හරි රටගොඩගන්න ලැහැස්තියි. ණයගන්නේ මේගොල්ලන්ගේ සැපතට. අපිට ආධාරත්, ණයත් දෙකම එපා. රට තුලින් සංවර්දනය කළහැකි නායකයෙක් මේ ඡන්දෙන් පත් කරමු. දැක්මක් නැති අය ගෙදර යවමු.

:       35       1545

Sanath KandySunday, 23 June 2019 04:42 AM

මේ කියන කරන දේවල් වලින් තේරෙනවා මෙයාගේ දේශපාලන දැක්ම කොයි වගේද කියලා. මිනිසුන්ට ඕන සහනාධාර නෙවෙයි. රැකියා. සහනාධාර දීල රට ගොඩනගන්න බැහැ. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරලා මිනිසුන්ට රැකියා අවස්ථා උදාකරලා දෙන්න ඕන. මේ වගේ දැක්මක් නැති මිනිසුන්ට රට බාර දුන්නට අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ ආව වැරදි පාර වෙනස් කරලා රට ගොඩනගයිද?

:       0       1235

යාපාSunday, 23 June 2019 07:00 AM

මේ වගේ මොලේ කලදක් නැති මිනිස්සුද මේ ජනාධිපති හීන දකින්නේ. ලස්සනට ගොඩනැගෙමින් තිබූ ආර්ථිකය විනාශකරලා හම්බකරං කාපු මිනිස්සුන්ට ආදාර මත යැපෙන්න තත්වයට රට ඇදලා දැම්ම මදිවට ගොන් කතාත් කියනවා. මේ වගේ ඇමරිකාව මත යැපෙන අය අනිවාර්යෙන් මේ රටේ අධ්‍යාපනය දියුණු කළ යුතුය. ගම්වල අසරණ මිනිස්සු මොවුන්ට රැවටෙන්නේ ඇත්ත නොදැනීම නිසාය...

:       26       260

Sanath KandySunday, 23 June 2019 12:07 PM

යාපා, ලස්සනට ආර්ථිකය තිබුණා නම් මහින්ද අවුරුදු 2කට කලින් ජනාධිපතිවරණයක් කැඳවන්නේ නැහැ. ඒ ආණ්ඩුවේ ආර්ථික මංකොල්ලය මිනිසුන්ට දැනනු නිසා තමයි ආණ්ඩුව පෙරලුනේ. එයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය ණය අරගෙන කොමිස් ගහලා පාරවල් හදපු එක. මෙයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය දේශීය සම්පත් විකුණලා කොමිස් ගහන එක... රට ගොඩනගන්න මේ දෙගොල්ලන්ටම බැහැ කියන එක අපි දැන්වත් තේරුම් ගනිමු.

:       464       274

chandima Saturday, 22 June 2019 04:30 PM

ඒ රජය ගිහිල්ලා දැන් අවුරුදු හතරකටත් වඩා කල් ගිහින් නේද? එදා ඉඳන් ඔහෙලා මොනවද කලේ ඒ වරද හරිගස්සන්න?

:       5       1281

himalSunday, 23 June 2019 04:49 AM

සංඛ්‍යා ලේඛන වල ගැටළු පසුගිය ආණ්ඩුව කාලයෙත් විවිධ දේශපාලකයො මතු කරා. ජාත්‍යන්තරයට ආණ්ඩුව නොවේ වැදගත් වෙන්නේ නිල වශයෙන් දෙන සංඛ්‍යා ලේඛන. මෙතන ගැටළුව වෙන්නේ ආදායම් බෙදී යාමේ විෂමතාව එක් පැත්තකින් තියෙද්දි මේ වගේ පැති වල මිනිස්සු අනුන්ගෙන් ම යැපෙන්න බලාගෙනම සිටීම. අනෙක් අතට තමන්ට දරා ගන්න හැකි ජීවන රටාවක් පවත්වා ගන්නෙ නැතිවා වගේම ප්‍රමුඛතා පිළිබඳවත් ගැටළු තිබෙනවා. ඇහුවොත් කියන්නේ එදා වේල හොයාගන්න සල්ලි නෑ කියලා. ඒත් ගෙදර සැටලයිට් ටීවී, හෝම් තියටර් තියන් ඉන්නේ. බස් හෝල්ට් දෙකක් දුර පයින් යන්නෙ නැතුව ත්‍රී වීල් වල යන්න ඕන.

:       1       183

Dr. Vajira FernandoSunday, 23 June 2019 12:07 PM

විසඳුම පුද්ගලයෙක් නොවෙයි වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීමයි. ජාතික විද්වත් සංවිධානය විවිධ උගතුන්ගේ වෘත්තිකයන් ගේ අදහස් විමසා ඉදිරිපත් කර ඇති රට ගොඩනගන ජාතික වැඩපිළිවෙල කියවා බලන්න. මේ රට ගොඩනැගීමට ඉදිරිපත් කර ඇති හොඳම විද්‍යාත්මක වැඩපිළිවෙල එයයි...

:       0       104

Prabha Saturday, 22 June 2019 07:45 PM

මෙයා ජනාධිපති වෙලා හිඟා කන්න වගේ ලෑස්ති වෙන්නේ...

:       0       293

harsha Saturday, 22 June 2019 10:57 PM

රටෙි ඊලග ජනාධිපති වෙන්න හීන දකින කෙනෙක්ගෙ කතාව..... තවම දුක් අදෝනා කියනවා විතරයි කිසිම දැක්මක්,අනාගත සැලැස්මක් නෑ රටෙි දියුණුව ගැන.

:       0       265

rasi Saturday, 22 June 2019 11:49 PM

තව එකක් තියනවා. සමෘද්ධිය ලක්ෂ 23 ක් ගත්ත කියල, ඒක නිර්ණායකයක් කරලා රටේ දුප්පත්කම මනින්න බැහැ. මොකද බොහෝ පිරිසක් දේශපාලනමය වශයෙන් එය ලබා ගන්නවා. රටේ සිද්ද වෙන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති නායකයෝ.

:       0       498

ලංකාපුත්‍ර Sunday, 23 June 2019 01:27 AM

මෙම තත්වයට හොඳම දෙය නම් උගතෙක් බුද්ධිමතෙක් මෙන්ම රට සංවර්ධනය සඳහා ඉදිරි දැක්මක් සහිත අයෙක් ජනපති කරවීමය.ගෙවල් සදා දුන්නාටවත් සමෘද්ධිය දුන්නාටවත් රට සංවර්ධනය නොවේ.1994 සිටම සමෘද්ධිය දුන්නාට මෙතෙක් සමෘද්ධිමත්වූ කිසිවෙක් නැහැනේද.සමෘද්ධිමත් වුනොත් ආධාර කපන නිසා කිසිවෙකුත් දියුණුවෙන්න බලන්නේ නැහැ.

:       0       748

ajithSunday, 23 June 2019 07:15 AM

ඔබගේ අදහසට මමත් එකඟයි, රජයකින් කල යුත්තේ ජනතාවට ගෙවල් සදා දීම හෝ සහනාදාර දීම නෙවයි. රජයක වගකීම ජනතාවට තමා විසින්ම තමන්ගේ අවශ්‍යතා සපුරා ගත හැකි ආර්ථිකයක් ඇති කිරීමයි...

:       0       65

Dr. Vajira FernandoSunday, 23 June 2019 08:40 AM

විසඳුම පුද්ගලයෙක් නොවෙයි.. වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීමයි. ජාතික විද්වත් සංවිධානය විවිධ උගතුන්ගේ වෘත්තිකයන්ගේ අදහස් විමසා ඉදිරිපත් කර ඇති රට ගොඩනගන ජාතික වැඩපිළිවෙල කියවා බලන්න. මේ රට ගොඩනැගීමට ඉදිරිපත් කර ඇති හොඳම විද්‍යාත්මක වැඩපිළිවෙල එයයි.

:       0       60

silva Sunday, 23 June 2019 03:43 AM

රටේ ආදායම් තත්ත්වය මනින්නේ සමෘද්ධි ආධාරයෙන් පමණක් නෙවෙයි රටේ සියලුම දෙනාගේ ආදායමෙන් බව මෙතුමා දන්නවා ඇති කියලා හිතනවා. අනික ඇයි අපි මේ විදිහට කාගෙන් හරි හිඟාකාලා ජීවත්වෙන මානසික තත්ත්වයක ඉන්න හදන්නේ. රටක නායකයෙකු වෙන්න බලාගෙන ඉන්න දේශපාලකයෙකුට ඔය දර්ශනය උචිත නැත.

:       7       633

thushara Sunday, 23 June 2019 04:41 AM

ඔබතුමා තාම බොරු කියන්නේ. සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14 ක් දැනට සමෘද්ධිය දීලා කියන්නේ කොහොමද? මගේ ගමේ මේ ගිය සතියේ සමෘද්ධිය දුන්නා අලුතින් . ඒ සමෘද්ධිය දුන්න කිසිම කෙනෙක් සමෘද්ධිය ලබා දෙන්න සුදුසු ය නොවේ. ඉඩකඩම් ගෙවල්..ත්‍රීවීල් තියෙන අයට දුන්නේ. ඒක නිසා තමා රටේ දුප්පත්කමේ ප්‍රතිශතය වැඩි වෙලා කියල තියෙන්නේ.

:       5       787

Thilina Sunday, 23 June 2019 06:17 AM

සමෘද්ධිය මේ රටේ තහනම් කරන නායකයෙක් බිහි විය යුතුයි ..විය යුත්තේ දෙපයින් නැගිටිණ ජාතියක් බිහි කිරීම විනා මිනිස්සු හිඟන්නෝ ගානට දාලා සොච්චමක් ලබා දීලා මහ ලොකු උත්සව තියලා පම්පෝරි ගහන මෝඩයො ජනාධිපති කරවීම නෙමෙයි ..හැමෝටම රටේ සංවර්ධනය බෙදී යන ආර්ථිකයක් ආවානම් මිනිස්සු තමන්ගේ ස්ව ශක්තියෙන් ඉස්සරහට එයි. කිසිම දැක්මක් තියෙන මනුස්සයෙක් නෙමෙයි ..මෙයා ජනාධිපති වුනොත් කොට මන්ත්‍රීවරු ඔක්කොටම ඇමැතිකම් ෂුවර්

:       0       172

arshad Sunday, 23 June 2019 06:44 AM

මෙයාලට දැක්මක් තියනවනම් සමෘද්ධිය නවතා වගාකල හැකි ඉඩමක් හා පොහොර සහනදාරයක් වසර පහකට දී ඒ පවුල සදාකාලික දියුණු කර රටට බර නැති ජාතික අදායම වැඩිකළ හැක. වසර පහ තුල සංවර්ධනය කල නැතිනම් සමෘද්ධියත් නැහැ ඉඩමත් නැහැ.

:       0       133

chamath Sunday, 23 June 2019 07:05 AM

මෙතුමාගේ බොරු කතාවක්

:       0       37

BamunuarachchiMonday, 24 June 2019 02:33 AM

තුමා? එහෙම උනේ කොහොමද?

:       0       31

rama Sunday, 23 June 2019 08:35 AM

මෙයා ගෙවල් දෙන්නේ එයාගේ පෝස්ටර් ගහන්න කොන්ත්‍රාත් ගත්ත මුදලාලිලාට විතරයි. දුප්පත් මිනිසුන්ට ගෙවල් දීලා නෑ.. මුදලාලිලා ගෙවල් කුලියට දෙනවා..

:       0       49

siri Sunday, 23 June 2019 08:46 AM

මෙයා දැන්මම ඡන්ද වැඩට බැහැල වගේ. මට නම් හිතෙන්නේ ඕව 'කොණ්ඩේ බැදපු චීන්නුන්ට'කිවුවොත් තම හොද.

:       0       48

සරත් කුමාර Sunday, 23 June 2019 10:43 AM

සමෘධිය චන්ද්‍රිකා ජනපතිනියගේ කාලේ අපේ අප්පච්චිටත් ලැබුණා. අප්පච්චි, අම්මා සහ ළමයි හතරයි අපේ පවුලේ... පස්සේ අපි ගම්මිරිස් වගාවට යොමුවෙලා සාමාන්‍ය ආදායමක් ලබාගෙන කාලා බීලා හොඳට හිටියා.. පසුව සමෘධියත් ඕන වුනේ නැහැ. දැන් ගම්මිරිස් වගාව පාඩුයි. මේ ආණ්ඩුවේ අය කරපු ගම්මිරිස් ජාවාරම නිසා.. මේ ගමන ආයෙත් අපිට සමෘධිය ලැබුණා..

:       1       29

Chandima Sunday, 23 June 2019 11:11 AM

ණය ගන්න වෙලා තියෙන්නේ අපේ ලොක්කා මහා බැංකු වංචාව සිද්ධ කරපු නිසා කියලා වත් කිව්වා නම් තව අපිට පිළිගන්නවත් තිබුණා. මේ කියන්නේ මහා බහු බුතනේ?

:       1       39

Praba Sunday, 23 June 2019 02:36 PM

රනිල් වික්‍රමසිංහට කඩේ යන්න පටන් ගත්තට රනිල් තවරාගත්ත කුණු කන්දරාව කවදාවත්ම හෝදන්න බැහැ...

:       1       26

Bamunuarachchi Monday, 24 June 2019 02:32 AM

සජිත් උන්නැහේ ඔහේ මොකක්ද ඔය කරන්න හදන්නේ? අපි දුප්පත් අපි දුප්පත් කිය කියා ලෝක හිඟමනේ යාම නේද? හලෝ දුප්පත් කියන රටේ දුප්පත් මිනිහගේ බදුමුදලින් කෝටි ගණන්වල කාර් ගෙන්වන විට ඒ රටවල මිනිසුන් මොනවද හිතන්නේ? අර 62ටම ඔයටික කියනවා හලෝ.

:       0       116

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 50 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 448 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 131 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 202 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 560 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 433 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site