IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බැංකු කාඩ්පතකින් ලක්ෂ 28 ක් සොරාගත් අයෙක් රිමාන්ඩ්

(පාලිත ආරියවංශ)

කාන්තාවකගේ බැංකු කාඩ්‍පතක් වංචා සහගත ලෙස ලබාගෙන පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ විසිඅටක මුදලක්   ලබාගත් සැකකරුවෙක් මාර්තු මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (25) නියෝග කළේය.

බදුල්ලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන සැකකරු බුත්තල ප්‍රදේශයේ  වැන්දඹු කාන්තාවක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇය රවටා  මෙම වංචාව සිදුකර ඇතැයි සඳහන් කළේය .

ඇය සතුව තිබූ ගොඩනැගිල්ලක් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට විකුණා ඇති අතර එම මුදල බැංකු ගත කිරීම සඳහා   සැකකරුගේ සහය ලබාගෙන ඇති බවත් එම අවස්ථාවේ  ලැබුණ බැංකු කාඩ්පත වංචා සහගත ලෙස සිය භාරයට ගෙන ඔහුගේ කාඩ් පත ඇයට දී ඇතැයි  අනාවරණය  වී තිබේ.

ඉන්පසු අවස්ථා කීපයකදී  සැකකරු එම කාන්තාවගේ බැංකු කාඩ් පතින් රුපියල් ලක්ෂ විසි අටකට වැඩි  මුදලක් ලබාගෙන  ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

පැමිණිලිකාරිය බැංකුවට ගොස් කාඩ්පතෙන් මුදල් ලබාගැනීමට ගිය අවස්ථාවේ මෙම වංචාව පිළිබඳ හෙළි වී තිබේ.

සැකකරු පිළිබදව  නියම තොරතුරු දැනගෙන නොසිටි බැවින් පොලිසිය  පැමිණිළිකාරිය ලවා තම දියණියට අසනීප වී ඇති බව පවසා සැකකරුට පැමිණෙන්නැයි දුරකතන පණිවිඩයක් ලබාදී තිබේ.

ඔහු නිවසට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වංචා සහගත ලෙස ලබාගත් මුදලින් බස්රථයක් මිලදී ගෙන තිබූ බවත් එයද පොලිස් භාරයට ගත් බවත් පොලිසිය  පැවසීය.

 



අදහස් (0)

බැංකු කාඩ්පතකින් ලක්ෂ 28 ක් සොරාගත් අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 316 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 663 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 810 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 444 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 511 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site