IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ තීන්දුව ගැන රජයේ අවධානයට

( තිළිණි ද සිල්වා )
 
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා රජය අද (9) තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
 
මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නඩු විභාගය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගටම පෙන්වා දුන්නේ ගෙල සිදින අභිනය කළ යැයි චෝදනා ලැබ සිටින බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජ්‍ය තාන්ත්‍රික විනර්මුක්තිය හිමිවන බවය.
 
මීට අමතරව යුද හමුදාව සමඟ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ එම සාකච්ඡාවලදී අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.

විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් කරුණු ලබා ගැනීමට ද කටයුතු කර තිබේ.



අදහස් (6)

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ තීන්දුව ගැන රජයේ අවධානයට

චන්න Monday, 09 December 2019 05:23 AM

ලංකාවේ දැන් තියෙන්නේ සිංහල බෞද්ධ අපේම ආණ්ඩුවක්... අපි දැන් කිසිම රටකට බය නෑ. අපේ ශ්‍රේෂ්ඨ රජය මින් ජය ගන්නවා නියතයි.

:       123       310

පිටිගල මිලානෝ Monday, 09 December 2019 06:14 AM

මින්පසුවවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට මනා පුහුණුවක් දෙන්න. අදාළ නිලධාරින් හැරුණු විට හැම කෙනාම මහජනයා ඉදිරියට යවන්නේ නැතුව ඔවුන්ට අදාල කාමරයේ මේසයේ රැකියාව කරන ලෙස වග බලා ගන්න. එවිට මෙලෙස හත්පොලේ ගාගන්නා වැඩ සිදුවන්නේ නැත. කෙනෙක් වීරයෙක් වෙන්නේ අනුන් උදෙසා කරන උතුම් ක්‍රියාවකින් මිස ගැලරියට හුරේ දමන්නට සලසන පහසුකම් මත නොවේ. කරුණාකර මෙයාගේ මේ වීර ක්‍රියාව ගැන යුධ හමුදාව පරීක්ෂණයක් පවත්වන්න.

:       1852       1818

Nandalal DE SILVA - France Monday, 09 December 2019 08:01 AM

ඔන්න බොලේ අපේ රාජපක්ෂ සහෝදර හමුදාව එංගලන්ත මහා රැජිනගේ හමුදාවට එරෙහිව යුද වදින්නද සූදානම් වෙන්නේ ? කරන්න බැරි දෙයක් කරන්න උත්සාහ කරොත් ඒකෙන් වදින්නේ අපේ රටේ ජනතාවටමයි ! !

:       533       12

Lalith Monday, 09 December 2019 08:18 AM

මෝඩයන්ට තනතුරු දුන්නම වෙන දේවල් .

:       61       16

siri Monday, 09 December 2019 10:16 AM

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දේශප්‍රේමී හමුදා නිලධාරියෙකු බවට කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන බොහෝදෙනා පටලවාගෙන ඇති ප්‍රශ්නය වන්නේ එතුමාගේ දේශප්‍රේමිත්වය සහ තානාපති නිලධාරියෙකු වශයෙන් කටයුතු කළයුතු ආකාරයයි. මේ අවස්ථාවේදී විරෝධතාවයක් පාමින් සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දක්වන්නන්ට විරුද්ධව එතැනට රැස්වී සිටි වෙනත් පිරිසක් ඒ මහතා මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටතට ගෙන්වා ගැනීම තමා මේ කණගාටුදායක සිදුවීමට මුල් වුනේ. එම කණ්ඩායමේ උසිගැන්වීම හේතුවෙන් ඒ මහතා තමන්ගේ හමුදා නිල ඇඳුමේ තිබූ සිංහ කොඩිය දෙසට ඇඟිල්ලක් දික්කර ගෙල සිඳ දැමීමක් අභිනවයෙන් පෙන්වන ආකාරය කවුරුන් හෝ වීඩියෝ ගතකර සමාජ ජාලාවන්ට යොමුකර තිබුණි. මෙහිදී කතාබහට ලක් වූ කරුණ වූයේ විරෝධතාවය පැවැත්වූ දෙමළ කණ්ඩායම මොන ආකාරයට හැසිරුණාද තානාපති නිලධාරියෙකු ප්‍රසිද්ධියේ එලෙස හැසිරීම හරිද වැරදිද යන්නයි. තානාපති කාර්යාලයෙන් බැහැර ස්ථානයකදී සිදුකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් තානාපතිවරුන්ට නීතිය බලපාන්නේ මොන ආකාරයකටද යන්නත් මෙහිදී සොයා බැලීම වටී... කෙනෙකුගේ "දේශප්‍රේමීත්වය" මෙහිදී වලංගු වන්නේ නැත. කවුරුත් මේ බව තේරුම් ගත යුතුයි...

:       0       185

sharm warn Tuesday, 10 December 2019 03:13 AM

ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවට පය ගහපු දවසේ ඉඳල ම කරපු අවැඩ කම් තමයි තවමත් කරන්නේ. තානාපති කාර්යාලයට සම්බන්ධ ඕනෑම කෙනෙක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. එතකොට ඉංග්‍රීසි උසාවියට අයිතියක් තියෙනවද රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට විරුද්ධව නීති ක්‍රියා මාර්ග ගන්න ? ස්විස් තානාපති කාර්යාලේ ඉන්න ශ්‍රී ලාංකික කාන්තාව මේ රටේ නීතිය ට යටත් වෙන්නේ නැතිනම් බ්‍රිතාන්‍යයේදී කොහොමද එහෙම නොවෙන්නේ ? අපි එරෙහි වෙන්න ඕන මේ කුහක දෙබිඩි ප්‍රතිපත්ති වලට. අපි තව දුරටත් ඒගොල්ලන්ගේ යටත් විජිතයක් නෙමෙයි කියලා අපි මුලින්ම මතක් කරගෙන එයාලටත් මතක් කරලා දෙන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 206 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 451 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 547 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 340 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 426 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 154 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site